gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ලක්ෂ 475,000 ක් කොල්ල කන්න හැදූ අයෙක් කොටුවෙයි !

මාදම්පේ - නව නගරයේදී රුපියල් 475,000 ක මුදලක් කොල්ලකා පලා යාමට උත්සාහ කළ තරුණයෙකු එම ස්ථානයේ සිටි අය විසින් අල්ලා ගෙන මාදම්පේ පොලීසියට බාර දීමට කටයුතු කර ඇත.

සිද්ධිය සිදුව ඇත්තේ ඊයේ (21දා) රාත්‍රී 7.15 ට පමණය.

පොලිස් අත්අඩංගුවට පත්ව ඇත්තේ නාරම්මල
ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි අයෙකි.

කල්පිටිය - කන්දකුලියේ පදිංචිකරුවෙකු තමන්ට අයත් වෑන් රථයක් කුලියාපිටිය ප්‍රදේශයේදී අලවි කර ඇත.

ඉන් ලද මුදලින් කොටසක් කල් බදු සමාගමකට ගෙවා ඇති අතර ඉතිරි මුදල කුලියාපිටිය නගරයේ හෝටලයකදී තම ගමන් මල්ලේ අසුරන ආකාරය සැකකරු දැක තිබේ.

එම අය කුලියාපිටියෙන් මාදම්පේ දක්වා ගමන් කරන බස් රථයක නැගී ඇති අතර ඔහු සමඟ සැකකරුද මාදම්පේ දක්වා කුලියාපිටියේ සිට එම බස් රථයෙන්ම පැමිණ ඇති බව පොලිස් පරීක්ෂණ වලදී හෙළිව තිබේ.

මාදම්පේ බස් නැවතුම්පලේදී සැකකරු විසින් මුදල් සහිත බෑගය කොල්ලකා පලා යාමට උත්සාහ කර ඇත.

එම අවස්ථාවේදී එහි සිටි අය විසින් කොල්ලකරුව අල්ලා ගෙන පොලීසියට බාර දීමට කටයුතු කර තිබේ.

සැකකරු මත් කුඩු වලට ඇබ්බැහි වී සිටින අයෙකු බවට සැක කරන්නේ යැයි පොලීසිය කියයි.

මාදම්පේ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක වසන්ත කුමාර මහතා ඇතුළු නිලධාරීන් විසින් වැඩිදුර විමර්ශණ කටයුතු කරගෙන යයි.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka