gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

බන්ධනාගාරවල ආරක්ෂාව සඳහා STF කැඳවයි

බන්ධනාගාරවල ආරක්ෂාව සදහා පොලිස් විශේෂ කාර්යය බලකාය යෙදවීමට තීරණය කර ඇති බව බන්ධනාගාර අධීක්ෂණ මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ තෝරාගත් බන්ධනාගාර කිහිපයක ආරක්ෂාව සඳහා පොලිස් විශේෂ කාර්යය බලකාය යෙදවීමට තීරණය කර ඇති බවයි.

වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා රැදවියන් පිරිසක් ඊයේ (20) පස්වරුවේ කලහකාරී ලෙස හැසිරුණු
අතර එහිදි ඇති වූ නොසන්සුන්තාවයෙන් බන්ධනාගාර නිලධාරීන් අට දෙනෙකු තුවාල ලැබීය.

කාන්තා රැදවියන් තිදෙනෙකු ද එහිදී තුවාල ලැබු බවද බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණිය මහතා සඳහන් කළේය.

පසුව එම නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කිරීම සඳහා කලහකාරී ලෙස හැසිරුණු කාන්තා රැදවියන් පනස් දෙනෙකු වෙනත් බන්ධනාගාර වෙත මාරු කර හැරීමට ද පියවර ගනු ලැබීය.

බන්ධනගාරවල ක්‍රියාත්මක වූ ජාවාරම් මැඩලීමට කටයුතු කිරීමත් සමඟ මෙවැනි කලහකාරී සිදුවීම් ඇති කිරිමට ඇතැම් පිරිස් උත්සාහ දරන බව බන්ධනාගාර අධීක්ෂණ මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේය.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka