gossip lanka

ඇමැති විජයදාස හමුවන්න ගිය අන්තරේට ජල ප්‍රහාර හා කඳුළු ගෑස්

අන්තර් විශ්ව විද්‍යාල සිසුන් ආරම්භ කළ විරෝධතා පාගමනක් හේතුවෙන් කොළඹ -පුරහල අවට ප්‍රදේශයේ දැඩි රථවාහන තදබදයක් හටගෙන ඇත.

මෙම විරෝධතා පාගමන හේතුවෙන් කොළඹ වෝඩ් පෙදෙස පොලිසිය විසින් මාර්ග බාධක යොදා සම්පුර්ණයෙන් වසා දමා තිබේ.

අන්තරේ සිසුන්ගේ පාගමන විසුරුවා හැරිමට වෝඩ්
පෙදෙස මන්සන්ධියේ දී පොලිසියෙන් ජල හා කදුළු ගෑස් ප්‍රහාර එල්ල කර ඇත.

අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලය විසින් අද (21) කොළඹ දී පැවැත්වීමට නියමිතව තිබු උද්ඝෝෂණයක් සඳහා අධිකරණ නියෝගයක් ලබා දී තිබේ.

කොටුව පොලීසිය විසින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් මෙම නියෝගය ලබා ගෙන තිබේ.

අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ළහිරු චතුරංග වීරසේකරට සහ එම කණ්ඩායමට එරෙහිව මෙම නියෝගය ලබා ගෙන තිබේ.

මෙම උද්ඝෝෂණය සාමකාමීව හා නිත්‍යානූකූල අයුරින් පවත්වා ගෙන යෑමට හැකියාවක් ඇති නමුත්, ඒ තුළින් මහජනතාවට හා වාහනවලට බාධාවක්, අනතුරක්, කරදරයක් සිදු වන ආකාරයට මහා මාර්ගයේ ගමන් කිරීමෙන් වැළකී සිටිය යුතු බවත්, නීතියානූකූල සේවයේ නියුක්ත තැනැත්තන්ට බාධා කරදර ඇති වෙන අයුරින් රජයේ කාර්යාලවලට සාමය කඩවන ආකාරයට බලහත්කාරයෙන් ඇතුළු වීම වැලකී සිටිය යුතු බවටත් මෙම නියෝගය නිකුත් කර තිබේ.




gossip lanka