gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

දුම්රිය හරස් මාර්ග විදුලි සංඥා නොතකමින් ධාවනය කළොත් දඩය 25,000 යි

දුම්රිය හරස් මාර්ග විදුලි සංඥා නොතකමින්  කටයුතු කරන රියදුරන්ට රුපියල් 25,000ක දඩ මුදලක් නියම කිරීමට රජය නීති විධිවිධාන සකස් කර ඇතැයි ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.

දුර්ගය හරස් මාර්ග ආශ්‍රිතව සිදු වන අනතුරුවලින් තවදුරටත් ජිවීත හා දේපොළ හානි සිදු වීම වැළැක්වීම සඳහා මෙම නීති
ක්‍රියාමාර්ග ගත් බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ දුම්රිය හරස් මාර්ගවලින් වසරකට අනතුරු 75ක් පමණ සිදු වන බවත්, 2016 වසරේ සිට මේ වසරේ අගෝස්තු මාසය වන  විට මුහුදුබඩ මාර්ගයේ පමණක් අනතුරු 54ක්  සිදුව තිබෙන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාවේ දුම්රිය මාර්ග පද්ධතිය තුළ ඉදිකර ඇති හරස් මාර්ග 1,337කින්නේ 526ක් සඳහා නිසි ආරක්‍ෂාව සපයා තිබෙන බවත්, අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග හෙවත් බම්බු ගේට්ටු මගින්
හරස් මාර්ග 626කට ආරක්ෂාව සපයන බවත්  අමාත්‍යවරයා සඳහන් කළේය.

දුම්රිය හරස් මාර්ග විදුලි සංඥා පද්ධති 10ක් හික්කඩුවේදී විවෘත කිරීමෙන් අනතුරුව නිමල් සිරිපාල ද සිල්වවා මහතා පසුගියදා (19දා) මේ බව පවසා සිටියේය.

ඇමරීකා ඩොලර් මිලියන 6.4ක් වැය කරමින් දුම්රිය මාර්ග විදුලි සංඥා පද්ධති 200ක් ස්ථාපනය කිරීමට කටයුතු ආරම්භ කර තිබෙන බවත්, මේ යටතේ දුම්රිය මාර්ග සඳහා විදුලි සීනු පද්ධති 175ක් සහ ද්විත්ව මාර්ග සඳහා විදුලී සීනු පද්ධති 2ක් ස්ථාපිත කිරීම ආරම්භ කළ බවත් නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka