gossip lanka

විල්පත්තුව ජාතික වනෝද්‍යානයේදී තවත් හස්තිරාජයෙකු සමුගනී

විල්පත්තුව ජාතික වනෝද්‍යානයට අයත්  පලුගස්තුරෙයි ප්‍රදේශයේ දිය පොකුණක් තුළ හස්තිරාජයෙකු මරණයට පත්ව සිටි අයුරු එහි ගිය අප කැමරා කාචයේ (23) වන දින මෙලෙස සටහන් විය.

පුත්තලම පරණ මන්නාරම් මාර්ගයේ ගමන් කරමින් එළුවන්කුලම පිවිසුම් දොරටුව ඔස්සේ විල්පත්තුව ජාතික වනෝද්‍යානයට ප්‍රවේශ වී කිලෝ මීටර් 20ට ආසන්න දුරක් මන්නාරම දෙසට ගමන් කරද්දි හමුවන පලුගස්තුරෙයි ප්‍රදේශයේ පිහිටි ස්භාවික
පොකුණක් තුළ හස්ති රාජයෙකු මෙලෙස මරණයට පත්ව සිටි ආකාරයක් දක්නට ලැබුණි.

මෙසේ දියෙ වැටීමෙන් මරණයට පත්ව සිටි හස්ති රාජයා අඩි පහ මාරක් පමණ උසකින් සමන්විතය. කුමක් සිදුව මෙලෙස මරණයට පත්වූයේ දැයි සොයා ගැනීමට නොහැකි අතර, එය නරඹන්නන් සැක පල කරන්නේ සිරුර අභ්‍යන්තරයේ සිදුවූ යම් කිසි ආපාදා තත්ත්වයක් නිසාවෙන් මෙසේ මරණයට පත්ව ඇති බවයි.

විල්පත්තුව ජාතික වනෝද්‍යානයට මේ දින වල බලපා ඇති දැඩි නියං තත්ත්වය නිසාවෙන් අධික ජල පිපාසයෙන් සතුන් බොහෝ සෙයින් මෙලෙස මරණයට පත්වන බව සමහරු කියයි.

අදාළ ඇත් පටවාගේ මරණය සම්බන්ධයෙන් සොයා බැලීමට අප එළුවන්කුලම පිවිසුම් දොරටුවේ වන ජීවි නිළධාරින්ගෙන් කල විමසුකදී ඔවුන් පවසා සිටියේ මේ පිළිබද තමන්ට මේ වන තෙක් තොරතුරුක් ලැබී නැති බවත්, සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට ක්‍රියාත්මක වන බවයි.

පුත්තලම කේ ප්‍රියංකර

gossip lanka