gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අධිවේගී තැපෑලේ කෝටි 5ක වංචාවක්

කොළඹ මධ්‍යම තැපැල් හුවමාරු මධ්‍යස්ථානයට අයත් අධිවේගී තැපෑල තුළ රුපියල් කෝටි පහකට අධික මහා පරිමාණ මූල්‍ය වංචාවක් වසරක් වැනි කෙටි කාලයක් තුළදී සිදුවී ඇතැයි තැපැල් වෘත්තිය සමිති නායකයෝ පවසති.

අධිවේගී තැපෑල සතු තැපැල් මුද්දර මුද්‍රා යන්ත්‍ර අවභාවිත කර මෙම මහා පරිමාණ මූල්‍ය වංචාව සිදු කර තිබේ.

තැපැල් කිරීම සඳහා ලිපි තොග වශයෙන් තැපෑලට රැගෙන එන ව්‍යාපාරිකයන් සහ සමාගම්වල නියෝජිතයන් සමග එක්ව අධිවේගී තැපැල් අංශයේ දූෂිත නිලධාරීන් කණ්ඩායමක් දීර්ඝ කාලයක් තිස්සේ ඉතා සූක්ෂම ලෙස තැපෑල නොමඟ යවමින් මෙම ජාවාරම සිදු කර තිබෙන බවද වෘත්තිය සමිති නායකයන් පැවසීය.

තැපැල් කාර්යාලයක ඇති මුද්දර, මුද්‍රා යන්ත්‍රයකින් මුද්‍රා තැබූ ලිපි කිසිදු හේතුවක් මත තැපැල් කාර්යාලයෙන් බැහැරට ගෙන යෑමට ගනුදෙනුකරුවාට ඉඩ දීම නීති විරෝධී මෙන්ම තැපැල් දෙපාර්තමේන්තුව සතු ලිපියක් පිළිබඳ වගකීම හා විශ්වාසය කඩකිරීමක් ද වේ.

නීතිය මෙසේ පවතිද්දී අධිවේගී අංශයේ මුද්‍රා යන්ත්‍රයෙන් මුද්‍රා තැබූ ලිපි දහදාහක් තැපෑලට යොමු නොකර කාර්යාලයෙන් බැහැරට ගෙන ගොස් ඇත.

පසුව මෙම ලිපිවලින් ලිපි 3000 පමණ දින දෙකට පසු ගාස්තු ගෙවූ බව සඳහන් කරමින් අධිවේගී තැපැල් අංශයට භාරදී ඇත.

(දිවයින)
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka