gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ශ්‍රී ලංකා විස්සයි 20 ලීගයේ තේරීම් ගැන මහේලට ප්‍රශ්ණයක් ?

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන විස්සයි 20 ලීගය සඳහා සහභාගී වන ක්‍රීඩකයන්ගෙන් සමන්විත සංචිතයන් ඊයේ (17) ප්‍රකාශයට පත් කෙරුණා.

අගෝස්තු 21 වැනිදා ආරම්භවන තරගාවලිය සැප්තැම්බර් 2 වැනිදා දක්වා කොළඹ ආර්.ප්‍රේමදාස, රංගිරි දඹුල්ල සහ පල්ලේකැලේ යන ක්‍රීඩාංගණ වලදී
පැවැත්වේ. දිවා සහ රාත්‍රී ලෙස දිනකට තරග 2 ක් පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු යොදා ඇත.

ඒ අනුව කොළඹ කණ්ඩායමේ නායකත්වය දිනේෂ් චන්දිමාල්ටත්, දඹුල්ල කණ්ඩයමේ නායකත්ව තිසර පෙරේරාටත්, ගාල්ල කණ්ඩයාමේ නායකත්ව සුරංග ලක්මාල්ටත් , මහනුවර කණ්ඩයමේ නායක්තවය ඇන්ජලෝ මැතිව්ස්ටත් හිමිව තිබෙනවා.

පසුගිය දිනවල බොහෝ දෙනාගේ අවධානයට ලක්වූ වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංගටද මහනුවර කණ්ඩායමේ අවස්ථාව හිමිව තිබෙනවා.

කෙසේ වෙතත් අත්දැකීම් බහුල ක්‍රීඩකයන් වන ඩිල්ෂාන් මුණවීර සීකුගේ ප්‍රසන්න සචිත්‍ර සේනානයක, මිලින්ද සිරිවර්ධන,නුවන් කුලසේකර යන ක්‍රීඩකයන්ට මෙම එකදු හෝ කණ්ඩායම අවස්ථාව හිමි නොවී තිබිම කාගේත් විමතියට ලක්ව තිබෙනවා.

මේ පිළිබඳව ට්විටර් පණුවඩයක් නිකුත් කරන හිටපු නායක මහේල ජයවර්ධන පවසන්නේ මෙම ක්‍රීඩකයන් තේරීමේ ප්‍රතිපත්තිය තේරුම් ගැනීමට අපහසු බවයි.ජාතික තේරීම් කමිටු සාමාජිකයන් පළාත් කණ්ඩායම් තෝරා පත්කරගන්නා විට මෙවැනි දේ සිදුවන බවත් එම නිසා මෙම කණ්ඩායම් තොරාගත යුත්තේ පළාත් තේරීම් කමිටු සමාජිකයන් බවත් මහේල පවසනවා.එමෙන්ම නවක ක්‍රීඩකයන්ට ඉගනගැනීම සඳහා අත්දැකීම් බහුල ක්‍රඩකයන් අවශ්‍ය බවද මහේල මෙහිදී සඳහන් කර තිබේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka