පාර්ලිමේන්තුවේදී පරාජය කෙරුණු පළාත් සභා සීමා නිර්ණ වාර්තාවේ අඩුපාඩු මොනවාදැයි එම වාර්තාව නැවත අධීක්ෂණයට පත් කළ සමාලෝචන කමිටුව හමුවේ විධිමත්ව කරුණු දක්වන ලෙස සියලූ මැති ඇමතිවරුන්ට විවෘත ආරාධනයක් කෙරෙනවා.
පළාත් සභා සීමා නිර්ණ වාර්තාවේ අඩුපාඩු පිළිබඳ එවැනි විධිමත් කරුණු දැක්වීමක් පාර්ලිමේන්තුවේදී
සිදු නොවූ බවයි නිරීක්ෂණ සංවිධාන පෙන්වා දෙන්නේ.
මැතිවරණ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක මංජුල ගජනායක මේ බව පෙන්වා දුන්නා.
පළාත් සභා සීමා නිර්ණ වාර්තාව නැවත අධීක්ෂණයට පත් කළ සමාලෝචන කමිටුව 05 දෙනෙකුගෙන් සමන්විතයි. අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා එහි සභාපතීත්වය දරනවා. මාස 02ක් ඇතුළත මෙම කමිටුවේ වාර්තාව ජනාධිපතිවරයාට භාරදිය යුතු බවයි මැතිවරණ කොමිසම පැවසුවේ. අනතුරුව ජනාධිපතිවරයාට එය ගැසට් කළ හැකි බවද ප‍්‍රකාශ කෙරුණා.
සියලු මැතිඇමතිවරුන්ට විවෘත ආරාධනයක්
2018-08-30T08:47:00+05:30
Gossip Lanka Hot News
slide|