gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ශ්‍රී ලංකා – සිංගප්පූරු ගුවන් ගමන් නැවැත්වීමට එමිරේට්ස් තීරණය කරයි

කොළඹ සහ සිංගප්පූරුව අතර සෘජු ගුවන් ගමනේ යෙදුණු සිය EK348 හා EK349 යානාවන් හි මෙහෙයුම් කටයුතු එළඹෙන ඔක්තෝබර් මාසයෙන් පසුව නවතා දමන බව එමිරේට්ස් ගුවන් සේවය නිවේදනය කර සිටිනවා.

මේ අනුව කොළඹ සිට සිංගප්පූරුව දක්වා ක්‍රියාත්මක වන අවසන් ගුවන් වාරය 2018 ඔක්තෝබර් 27 දින
ක්‍රියාත්මක වීමට නියමිත යි.

සිංගප්පූරුවේ සිට කොළඹ දක්වා පියාසර කරන අවසාන එමිරේට්ස් යානය පැමිණීමට නියමිත වන්නේ ඔක්තෝබර් 28 දින යි.

මෙම ගුවන් වාර අත්හිටුවීම හේතුවෙන් සිය ගුවන් මගීන්ට සිදුවන අපහසුතාවයන් සම්බන්ධයෙන් කණගාටුව පළ කරන බව එමිරේට්ස් ගුවන් සේවය පවසනවා.

ව්‍යාපාරික හා විශ්‍රාන්ති ගමනාන්තයක් ලෙසින් ශ්‍රී ලංකාව ඉතා වැදගත් බවත් ඉදිරියේ දී ශ්‍රී ලංකා වෙළෙඳපොළ සමඟ ඩුබායි හි සිට සෘජුව සම්බන්ධතා පවත්වන බවත් එම ගුවන්සේවය වැඩිදුරටත් කියා සිටිනවා.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka