අපරාජිතයන්ගේ ඉතිහාසගත සටන අද රාත්‍රී 08 ට...

නවවැනි වරට පැවැත්වෙන අයිසීසී විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අපරාජිත ඉන්දියාව සහ අපරාජිත දකුණු අප්‍රිකාව අතර බාබඩෝස්හි කෙන්සිංටන් ඕවල් පිටියේදී අද (29) ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රි 8.00ට ආරම්භ වීමට නියමිතය.
මෙම කණ්ඩායම් දෙකෙන් කුමණ කණ්ඩායම ජයග්‍රහණය කළත් ඔවුන් ඉතිහාසගත වන්නේය. ඒ 20යි විස්ස ලෝක කුසලාන ඉතිහාසයේ අපරාජිතව ලෝක කුසලානය හිමිකරගත් කණ්ඩායම ලෙසය.

ඉන්දියානු කණ්ඩායම මින් පෙර විස්සයි 20 ලෝක ශූරයෝ වූහ. තරගාවලිය ආරම්භ වූ 2007 වසරේ ශූරයන් වූයේ ඉන්දියාවය. ඉන්දියාව මේ තරග කරන්නේ ස්වකීය ලෝක කුසලාන ඉතිහාසයේ දෙවැනි ජයග්‍රහණය වෙනුවෙනි. දකුණු අප්‍රිකානුවෝ ස්වකීය අභිලාෂකාමී සටන තම ප්‍රථම ලෝක කුසලාන ජයග්‍රහණය වෙනුවෙන් දියත් කර සිටිති. අවාසනාවන්ත ලෙස අවස්ථා කීපයක දි ගිලිහී ගිය,  ක්‍රිකට් ඉතිහාසයේ ඔවුන් වෙන්කරගත යුතුම වූ ඉඩ සඳහා ඔවුහු අද පිටියට බසිති.

විස්සයි20 පිටියේදී ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව 26 වරක් හමුව ඇත. ඉන් තරග 14ක් ජය ගත්තේ ඉන්දියාවය. දකුණු අප්‍රිකාව තරග 11ක් ජයගෙන තිබේ. මේ හමුවීම් 6ක් සිදුවන්නේ ලෝක කුසලාන තරගාවලිවලදී අතරය. ලෝක කුසලාන තරගවල දී තරග 4ක් ඉන්දියාවත් තරග 2ක් දකුණු අප්‍රිකාවත් ජයගෙන ඇත.

මෙවර තරගාවලිය දෙස බැලුව විට පෙනී යන කරුණක් තිබේ. ඉන්දීය කණ්ඩායම තමන් ලබා ගත් සියලුම ජයග්‍රහණ ප්‍රතිවාදීන්ට බෙහෙවින්ම ඉදිරියෙන් සිට අත් පත් කරගත් ජයග්‍රහණය. මූලික වටයේදී අයර්ලන්තය, පාකිස්තානය සහ අමෙරිකාව පරාජය කළ ඉන්දීය කණ්ඩායමට එම තරගවල දී ලබාගත්තේ පහසු ජයග්‍රහණය. කැනඩාවට එරෙහිව තරගය වර්ෂාව හේතුවෙන් අත්හැර දැමිනි. ඔවුන්ට තරගයක් දිය හැකි අවස්ථාවක් කිසිම කණ්ඩායමකට තිබුණේ නැත.

සුපිරි අට වටයේදී ඇෆ්ගනිස්තානය, බංග්ලාදේශය සහ ඔස්ට්‍රේලියාව පරාජය කරමින් අවසන් පූර්ව වටයට එක්වූ ඉන්දියාව අවසන් පුර්ව තරගයේ දී ලෝක ශූර එංගලන්ත කණ්ඩායම පරාජය කරන්නේ ඔවුන් අන්ත අසරණ කරමිනි. ජයග්‍රහණයේ අන්තරය ලකුණු 68කි.

දකුණු අප්‍රිකාවේ තත්ත්වය බෙහෙවින්ම වෙනස්ය. ඔවුන් අපරාජිතව රැඳී සිටීමට ආධුනික නේපාල කණ්ඩායමට එරෙහිවත් තියුණු තරගයක නිරත විය. තව පොඩ්ඩක් එහා මෙහා උනානම් දකුණු අප්‍රිකාව ගුටි කන්නේ නේපාලයෙනි. ශ්‍රී ලංකාවට එරෙහිව විශිෂ්ට ජයකින් මූලික වටය ඇරඹූ දකුණු අප්‍රිකාව, නෙදර්ලන්තයට එරෙහිව කඩුලු 4ක, බංග්ලාදේශයට එරෙහිව ලකුණු 4ක සහ කෝඩුකාර නේපාලයට එරෙහිව එක් ලකුණක ජයක් වාර්තා කළේය.

සුපිරි අටේදී අමෙරිකාව, එංගලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව සියුම් තියුණු ජයග්‍රහණ වාර්තා කළ දකුණු අප්‍රිකානුවන් අවසන් මහා තරගයට ජවසම්පන්න පැමිණෙන බව දැන්වූයේ අවසන් පූර්ව වටයේදී ඇෆ්ගනිස්තානයට එරෙහිව කඩුළු 09ක විශිෂ්ට ජයක් වාර්තා කරමිනි.

විස්සයි20 ලෝක කුසලාන ඉතිහාසයේ ඉහළම ත්‍යාග මුදල ලෙස අමෙරිකානු ඩොලර් මිලියන 2.45ක් ද ශූරයන්ට හිමිවනු ඇත. එය ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් කෝටි 74ක් පමණ වේ. අනුශූරයන්ට ඩොලර් මිලියන 1.28ක් හෙවත් රුපියල් කෝටි 38කට ආසන්න මුදලක් හිමිවෙයි.

අවසන් පූර්ව වටයේදී පරාජය වූ එංගලන්තයට සහ ඇෆ්ගනිස්තානයට අමෙරිකානු ඩොලර් 787,500ක් ආසන්න වශයෙන් රුපියල් කෝටි 24 බැගින් හිමි විය.

ජය පරාජය කුමක් වුවද අවසන් මහා තරගයකට උචිත සටන්කාමී ජීව ගුණය අද ලොව වටා සිටින කෝටි ගණනක ප්‍රේක්ෂකයෝ ඉන්දියාවෙන් සහ බටහර ඉන්දිය කොදෙව්වන්ගෙන් අපේක්ෂා කරති.

ෆින්ලන්තයේ ටික්ටොක් හිරුණි ඝාතනය කළේ සැමියාද?

ෆින්ලන්තයේ ජීවත් වෙමින් සිටි ශ්‍රී ලාංකික කාන්තාවක නිවසේදී ඝාතනය කර ඇතැයි එරට මාධ්‍ය වාර්තා සඳහන් කර තිබේ.  හිරුණි අනුවිලි ගංගොඩවිල නම් ඇය  එරට දිගු කලක් පදිංචිව සිටි බවත් සැමියා තිලක් නමැත්තෙකු බවත් කියැවෙන අතර ඔවුනට දරුවන් තිදෙනෙකු සිටි බවද පැවසිණි.

හෙල්සින්කි නුවර වැන්ටා ප්‍රදේශයේ පදිංචිව සිටි ඇය ඝාතනය කර ඇති බව හැඳුනාගෙන ඇත්තේ අසල්වාසියෙකු විසින් මහල් නිවාස ඒකකය ආසන්නයේ විශාල ලේ පැල්ලමක් දැක ඇතිවූ සැකයට නිවස පරීක්ෂා කිරීමේදී බව පැවසිණි.

ෆින්ලන්තයේ‍ වැන්ටා නගරයේ ටිකුරිල්ලා ප්‍රදේශයේ මහල් නිවාසයක වාසය කළ ඇයගේ ඝාතනය පසුගිය 19 බදාදා රාත්‍රි 8 ට පමණ සිදුවී ඇති බව ඩේලි ෆින්ලන්ඩ් පුවත්පත වාර්තා කර තිබේ.
ඝාතනය සිදු කර ඇත්තේ ඇගේ සැමියා බවට නිල නොවන ආරංචි පවතී. නමුත් ෆින්ලන්ත නීතිරීති අනුව ඝාතන සැකකරුවන්ගේ අනන්‍යතාවන් වරද ඔප්පුවනතුරු ප්‍රසිද්ධ කිරීම තහනම්ය.

පුවත්පතේ සඳහන් වන්නේ ඝාතනය සිදුවන්නට පෙර කාන්තාව හා නිවසේ ජීවත්වූ ඝාතන සැකකරු අතර ඇති වූ ප්‍රචණ්ඩත්වයක ප්‍රතිඵලයක් වශයෙන් ඝාතනය සිදුව ඇති බවයි.
ආරංචිය දැනගෙන ඊට ප්‍රතිචාර දක්වමින් පොලිසිය සහ ගලවාගැනීමේ සේවා පුද්ගලයින් එම ස්ථානයට ගොස් ප්‍රථමාධාර ලබා දී ඇතත් පහරකෑමට ලක්වූ හිරුණි එම ස්ථානයේදීම මිය ගොස් සිටි බව වාර්තා කර තිබේ.

පොලිසිය මියගිය කාන්තාවගේ සිරුර  රැගෙන ගොස් ඇති අතර සැකකරු මහල් නිවාසයේ සිටියදී අත්අඩංගුවට ගෙන ඇත.
කෙසේ වෙතත්, ඝාතන සැකකරුගේ අනන්‍යතාව හෙළි නොකළ පොලිසිය ඔවුන්  දෙන්නා අතර අඩදබර කාලයක සිට පැවති බවට පමණක් තොරතුරු හෙළි කර ඇත.

 මියගොස් සිටි හිරුණිගේ  'හිරුනීස් නොදර්න් ලයිෆ්' නම් යූ ටියුබ් නාලිකාව වීඩියෝ කිහිපයක් පළ කර ඇති අතර ඒ නමින්ම යුත් ටික්ටොක් නාලිකාව වීඩියෝ රාශියක් පළ කර ඇත.
ඒවායේ ඇගේ සැමියා හා දරුවන්ගේ රූප රාමුද තිබේ.

මෑත කාලීනව ටික් ටොක් හා යූටියුබ් ඔස්සේ ෆින්ලන්තයේ සිට විවිධ තොරතුරු සිංහලෙන් ගෙන ආ ඇයට ශ්‍රී ලංකාවේ අන්තර්ජාල රසික පිරිසක් සිටි බවද පැවසේ.

හිරුණි පින්ලන්තයේ රැකියාව ලෙස හෙදි වෘත්තියේ යෙදෙන්නියක වන අතර ඇයගේ ඝාතනය සිදුවන්නේ පිහියකට කැපී අධික රුධිර වහනයෙන් බවට නිල නොවන තොරතුරු ලැබී තිබේ.

ඇය එදින රාත්‍රී සේවා මුරය සඳහා යාමට සූදානමින් කෑම ගන්නා අවස්ථාවක මෙම ඝාතනය සිදුව ඇති බවටද තොරතුරු ලැබී තිබේ.

හිරුණි ගංගොඩවිලගේ සැමියා තිලක් මෙම ඝාතනයට සැකකරන බවට එරට වෙසෙන ඇතැම් ශ්‍රී ලාංකිකයින් තොරතුරු පළ කර ඇති මුත් නිල වශයෙන් තවම එරට මාධ්‍ය ඒ ගැන සඳහන් කර නැත.

හිරුණිගේ වීඩියෝවක් පහතින්

"අක්කාගේ චූටි පුතා ෆෝන් එකට සෙන්ට් වගයක් හලලා" - ජංගම දුරකතනය සිපගත් දියණිය තාත්තාට දුන් අපූරු උත්තරය

තම බාල දියණිය දුරකතන ඇමැතුමකින් පසුව එම ජංගම දුරකතනයට හාදුවක් දීම නිසා සැකයක් ඇතිවී ඒ ගැන විමසූ පියකුට ලැබුණු අපූරු පිළිතුරක් පිළිබඳව පසුගියදා අසන්නට ලැබුණේ දෙනියාය ප්‍රදේශයෙනි.

ප්‍රධාන නගරයේ වූ පෞද්ගලික ආයතනයක සේවිකාවක වූ ඇයගේ හැසිරීමේ අමුත්තක් ඇති බව මේ පියාට කීවේ බිරියය.

තම දුරකතනයට එන විශේෂ ඇමතුමකට ඇය සැලකිල්ලක් දැක්වූ අතර වැඩි කාලයක්ද ගන්නා බව පියාටද පෙනුණි.

තම සැකය සනාථ කරමින් කතාව අවසානයේ ඇය ජංගම දුරකතනයට හාද්දක්ද දුන්නාය.

මේ සැකසහිත සිදුවීම ගැන විමසූ පියාට ඇය දුන්නේ අපූරු පිළිතුරකි.‘‘අක්කාගේ චූටි පුතා මගේ ෆෝන් එකට සෙන්ට් වගයක් හලලා. ඒකයි ඉඹල බැලූවෙ’’ කී ඇය තාත්තාටද එය ඉඹින්නට සැලැස්සුවාය.කාරණය ඇත්තය.

ඒත් පසුගියදා කාර්යාලයේදී තම හිතවතා හමු වූ ඇය ”තාත්ත මගේ ලණුව ගිල්ලායි” කීවේ වටපිටාවේ වූ අයටත් ඇසෙන්නටලූ.

වෙනස්ම පෙනුමකින් හැඩවුණු ජනප්‍රිය නිළි ඕෂධී : ඒ ටික නම් වෙනම ලස්සනක් (PHOTOS)

කලක් මෙරට ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේ ජනප්‍රියත්වයේ ඉහළටම ගිය රංගන ශිල්පිනියක් ලෙස ඕෂධී හේවාමද්දුම හඳුන්වන්න පුළුවන්. 

විවාහ වීමත් සමඟ ඇය කලාවෙන් ඈත් වෙලා ඇගේ පෞද්ගලික වැඩ කටයුතු සහ අනෙකුත් වැඩ කටයුතුත් එක්ක දැන් ඇය කාර්යබහුලයිලු.

ඕෂධී දැන් පුංචි පුතෙක්ගෙ සහ දුවෙක්ගේ මවක්.

දරුවො දෙන්නෙක්ගෙ අම්මා කෙනෙක් වුණත්, ඇයගෙන් ඒ ලස්සන නම් ගිලිහිලා නෑ.

ඊට කදිම නිදසුන් සපයන ඇගේ සොඳුරු සේයා රූ එකතුවක් අපේ ඇස ගැටුණා.

පියුමිට ලෝකෙම දන්න බිස්නස් බ්‍රෑන්ඩ් නේම් එකක් වෙන්න බැරිද? – පියුමි වෙනුවෙන් පන්නිල හඬ අවදි කරයි

නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි කියන්නෙ කවදත් ජනප්‍රිය, නිතර කතාබහට ලක්වන තාරකාවක්.

ඊට හේතුව ඈට එල්ලව ඇති ආදායම් සම්බන්ධ වූ යම් යම් චෝදනාවන්. මේ වන විට ඒ පිළිබඳව විමර්ශනයක් ද කෙරෙනවා.

ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින්.

පියුමි කවදත් පිරිසකගේ විවේචනයටත් තවත් පිරිසකගේ පැසසුමට ලක්වුණු චරිතයක්. අන්න ඒ කොටස් දෙකටම අයිති පිරිස් මේ දවස්වල පියුමිව මාතෘකාව කරගෙන ඉන්නා අයුරු දැකිය හැකියි.

එහෙම ලියවෙන සටහන් අතරෙ, පළවන අදහස් අතරෙ ඇස ගැටුණු සුවිශේෂී සටහනකි මේ. සටහන තබා තිබුණේ ජනප්‍රිය ඡායාරූප ශිල්පි හෂාන් පන්නිල විසින්.

”පියුමි හංසමාලි ගැන පොඩි දෙයක් කියන්නම්.

පට්ට විදියට මහන්සි වෙලා එයාගෙම බිස්නස් එකක් පටන් ගෙන තව මනුස්සයෙක්ව ලස්සන කරන්න ක්‍රීම් බිස්නස් එකක් කරන,

ඒක ගැන ඉගෙනගෙන පියුමිගෙ මහත්තයාගෙනුත් උදව්වෙන් එක්සෑම් කරලා ගේමක් ගහලා,

අහිංසක සත්තුන්ගෙ බඩගින්න අහිංසකයන්ගෙ ජීවිත බේරගෙන,

එයාගෙ බිස්නස් එකත් බ්‍රෑන්ඩ් එකක් කරගෙන ඉස්සරහට යන චරිතයක්.

ලංකාවේ වැඩිම ෆලෝවර්ස්ලා ඉන්න ඉන්ස්ටග්‍රෑම් අකවුන්ට් එක.

ලෝකයක් දන්න චරිතයක්.

එහෙම පියුමිට ලෝකෙම දන්න බිස්නස් බ්‍රෑන්ඩ් නේම් එකක් වෙන්න බැරිද.

දියුණු වෙන්න ලෝකයක් දන්න තරමටම….”

හංසමාලිගේ කුරියර් වැඩ කළ 4කගෙන් සීඅයිඩීය ප්‍රකාශ ගනී!

නිරූපණ ශිල්පනි පියුමි හංසමාලිට අයත් පෞද්ගලික ආයතනයේ කුරියර් සේවයේ සේවය කළ පුද්ගලයන් සිවු දෙනෙක්ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (27 දා) ප්‍රශ්න කර ප්‍රකාශ ලබාගෙන ඇත.

මෙම කුරියර් සමාගමේ ප්‍රධානියා ඇතුළු සිවු දෙනකුගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ ලබාගැනීමට අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පෙරේදා (26 දා) අවසර ලබාදුන්නේය.

අසීමිත ධනස්කන්ධයක් ඉපයීම සම්බන්ධයෙන් පියුමි හංසමාලිට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී මූල්‍ය විමර්ශන ඒකකය පරීක්ෂණයක් ආරම්භ කර තිබිණි.

ඒ අනුව හංසමාලිට අයත් බව කියන සම පැහැපත් කරන ආයතනයේ කුරියර් සේවය භාරව සිටි නිලධාරියා කැඳවීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කළේය.

එහෙත් එම පුද්ගලයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත නොපැමිණි අතර අධිකරණයෙන් ඊට අවසර ලබා ගැනීමට කටයුතු කර තිබිණි.

ඒ අනුව ඊයේ පෙරවරු 10.00 ට පමණ මෙම කුරියර් ආයතනයේ ප්‍රධානියා ඇතුළු සිවු දෙනකු නීති විරෝධී වත්කම් ඒකකය හමුවේ පෙනී සිටි අතර ඊයේ සවස් වනතුරුම ඔවුන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට කටයුතු කර තිබිණි.

හේමන්ත රන්දුණු

අන්තර්ජාලයෙන් ක්‍රිකට් සූදු කළ ඉන්දියානුවෝ 60ක් අත්අඩංගුවට!

අන්තර්ජාලය ඔස්සේ ක්‍රිකට් සූදු ඇතුළු මහා පරිමාණ මූල්‍ය වංචාවල යෙදුණු ඉන්දීය ජාතිකයන් හැට දෙනකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ඊයේ (27 දා) සවස අත්අඩංගුවට ගෙන ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබුණු පැමිණිල්ලකට අනුව කොච්චිකඩේ සහ බත්තරමුල්ල ප්‍රදේශයේදී කළ මෙහෙයුම්වලදී මොවුන් මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ. එම සැකකරුවන් අපරාධ පරීක්ෂණ මූලස්ථානය වෙත රැගෙන ගොස් ප්‍රශ්න කිරීම්වලට භාජනය කෙරෙන අතර ඔවුන් දේශීය වශයෙන් සහ ජාත්‍යන්තර වශයෙන් මෙම මහා පරිමාණ මූල්‍ය වංචාවල නිරත වී ඇති බව එහිදී හෙළි වී තිබේ. මීට දින කීපයකට ඉහතදී ද මීගමුව ප්‍රදේශයෙන් මෙවැනි මූල්‍ය වංචාවල නිරත වූ විදේශිකයන් තිස්දෙනකු අත්අඩංගුවට ගෙන තිබුණි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න, එහි අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මංගල දෙහිදෙණිය යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි පරීක්ෂණ සිදු කෙරේ.

හේමන්ත රන්දුණු

ක්‍රිකට් පරිපාලනයට එන්න දත කන හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින්ටත් ආදර්ශයක් වෙමින් කුමාර් සංගක්කාර විදෙස් මාධ්‍යයකට කියපු කතාව

කුමාර් සංගක්කාර කියන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු සුපිරිතම සහ විශිෂ්ඨ ගනයේ ක්‍රීඩකයෙක්.

රටවල් රාශියකින් ගෞරව පවා හිමිවුණ සංගක්කාර පසුගියදා එංගලන්ත රූපවාහිනී නාලිකාවක් සමග සාකච්ඡාවකට එකතු වුණා.

එයට සම්බන්ධ වුණ සංගක්කාරගෙන් නිවේදකයා අහපු ප්‍රශ්නයකට ලබා දුන් උත්තරය තමයි මේ.

" මම අනාගතයේ වගා කරනවා.මම ක්‍රිකට් ගහපු නිසා මම ආයෙත් ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ වෙන්න ඕනි කියලා දෙයක් නැහැ.

සමහරු හිතනවා තරගයක් බලලා අපි ට්වීට් කරන්න ඕනි, අපේ මතය ඉදිරිපත් කරන්න ඕනි කියලා,එහෙම දෙයක් නැහැ.අපේ මතය දැන් අදාල නොවෙන්න පුළුවන්.

මම හිතන්නේ අපි ක්‍රීඩාවෙන් සමුගත්තා නම් ආයෙත් සම්බන්ධ නොවී හිටියාම ඇති "

ප්‍රබල ඉන්දියාව අවසන් සටනට එක්වෙයි!

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පුර්ව වටයේ ඉන්දීය කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවති තරගය ලකුණු 68කින් ජයග්‍රහණය කිරීමට ඉන්දීය කණ්ඩායම සමත් විය.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 171ක් රැස්කරගැනීමට සමත් විය.

අනතුරුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි එංගලන්ත කණ්ඩායම පන්දුවාර 16යි පන්දු 4ක් අවසානයේ සියලුම දෙනා දැවී රැස්කරගැනීමට හැකි වුයේ ලකුණු 103ක් පමණි.

ඒ අනුව 2024 විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ඉන්දීය කණ්ඩායම සහ දකුණු අප්‍රිකාව කණ්ඩායම සමග (29) වැනිදා ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රි 8.00ට පැවැත්වීමට නියමිතව ඇත.

ශ්‍රී ලංකා ටෙස්ට් නායක ධනංජය PUBG තරඟයක් අතරතුර ප්‍රේක්ෂකයෙකුට බැන වැදුණු හැටි (VIDEO)

ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ Live Streamer කෙනෙක් සමඟ සජිවී game play අවස්ථාවකට එක්වෙමින් ශ්‍රී ලංකා ටෙස්ට් නායක ධනංජය ද සිල්වා ප්‍රේක්ෂකයෙකුට බැණවදින අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙනවා.

ප්‍රේක්ෂකයෙක් පුහුණුවීම්වල නිරතවෙන ලෙස දැමූ කමෙන්ටුවකට පිළිතුරු ලෙස ධනංජය ද සිල්වා ඔහුට බැණ වදින අයුරු එම වීඩියෝවේ දැක්වෙනවා.

කොට­ගල එළවලු වෙළෙන්දා බදුලු කෝච්චියේදී එංගලන්ත සුදු කෙල්ලන් දෙදෙනෙක් ඉඹලා!

බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාව­නය වෙමින් තිබූ අංක 1008 දරන ශීඝ්‍ර­ගාමී දුම්රියේ ගමන් ගත් එංග­ලන්ත ජාතික විදේ­ශික සංචා­රක තරු­ණි­යන් දෙදෙ­න­කුට දුම්රියේ මැදි­රි­යක් තුළ දී ලිංගික අත­වර කළැයි සැක­පිට එළ­වළු වෙළෙ­න්දකු පෙරේදා (25) පස්ව­රුවේ අත්අ­ඩං­ගු­වට ගත් බව හපු­තලේ පොලි­සිය පව­සයි.

කොට­ගල මවු­න්ටන් කඩ වීදීයේ පදිංචි 52 හැවි­රිදි එළ­වළු වෙළෙ­ඳාම් කරන පුද්ග­ල­යකු මෙසේ අත්අ­ඩං­ගු­වට ගනු ලැබි­ණැයි පොලි­සිය කියයි.

ශ්‍රී ලංකාවේ සංචා­ර­යක් සඳහා මෙර­ටට පැමිණ ඇති වයස අවු­රුදු 19 – 24 අතරේ පසු­වෙන එංග­ලන්ත ජාතික විදේ­ශික තරු­ණි­යන් හය­දෙ­නෙකු ඇල්ල ප්‍රදේ­ශයේ සංචා­රය කර පසුව එම සංචා­රක තරු­ණි­යන් පිරිස නුව­ර­එ­ළියට යෑම සඳහා බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාව­නය වෙමින් තිබූ අංක 1008 දරන ශීඝ්‍ර­ගාමී දුම්රි­යට ඇල්ල දුම්රිය ස්ථාන­යෙන් ගොඩවී ඇත.

මේ අතර කොට­ගල ප්‍රදේ­ශයේ එළ­වළු වෙළෙ­ඳාම් කරන සැක­කරු එළ­වළු මිලදී ගැනී­මට බණ්ඩා­ර­වෙල නග­රයේ තොග වෙළෙ­ඳ­ප­ළට පැමිණ එළ­වළු මිලදී ගෙන යළි කොට­ගල යෑමට බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාව­නය වෙමින් තිබූ එම දුම්රියට දුම්රි­යට බණ්ඩා­ර­වෙල දුම්රිය ස්ථාන­යෙන් ගොඩ වී තිබේ.

මෙසේ දුම්රියේ ගමන් කර­මින් සිටි­යදී එහි මැදි­රි­යක පාපු­ව­රුව අසල සිටි මෙම එංග­ලන්ත ජාතික විදේ­ශික තරු­ණි­යන් පිරිස සමඟ සැක­කරු හිත­වත් වී ඔවුන් සමඟ කතා කර­මින් යන අත­ර­තුරේ දී සැක­කරු එම සංචා­රක කණ්ඩා­යමේ සිටි අවු­රුදු 19 සහ 21 වයසේ පසු­වෙන එංග­ලන්ත ජාතික විදේ­ශික තරු­ණි­යන් දෙදෙ­න­කුට දුම්රිය තුළ දී අතින් අල්ලා­ගෙන සිප­ගෙන ළැමද අතගා ලිංගික අත­වර කළ බවට එම විදේ­ශීය සංචා­රක තරු­ණි­යන් දුම්රියේ ආර­ක්ෂක නිල­ධා­රීන්ට පවසා හපු­තලේ දුම්රිය ස්ථාන­යට දැනුම් දී සැක­කරු අල්ලා­ගෙන පොලි­සි­යට බාර දුන් බව පැවැසේ.

අත්අ­ඩං­ගු­වට ගත් සැක­කරු බණ්ඩා­ර­වෙල මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කිරී­මට නිය­මි­තය.

''අවුරුදු පහළොවක පරතරයක් නිසා තාත්තයි දුවයි කියලා හැඟීමක් එනවා ඇති..'': මිලියන ගාණකගේ ආදරේ දිනූ අයියයි - නංගියි

Tiktok එකේ උඩට පහළට යනකොට ඇස් ඉබේම නතර වෙන අයියෙකුයි - නංගියෙකුයි ඉන්නවා.

බැලූ බැල්මට නම් මේ තාත්තයි - දෝණියි කියලා හිතෙන තැනුත් නැතුවාම නෙවෙයි.

එක අතකට එහෙම හිතෙන එකේ වරදකුත් නෑ. දෙන්නගෙ වයස් පරතරය අවුරුදු 15ක්. අනිත් එක තමයි තාත්තා ළඟට නංගිට වැඩියෙන්ම ආදරේ කරන පිරිමියානේ අයියා නේද.

Tiktok කරන අයියයි - නංගියි හැටියට කාගෙත් ආදරය දිනූ මේ දෙන්නා නමින් AZHA සහ HIMAS.

මේ අයියයි නංගියි Tiktok වීඩියෝ නිසාම මිලියන ගාණක හදවත් දිනාගෙන අවසන්.

ඉතින් එහෙම ආදරයක් ලබන ඒ දෙන්නා Monara She අපිත් එක්ක එක්කාසු වුණා අපේ viral love විශේෂාංගය හැඩ කරන්න.

බලන්නකො එහෙනම් මේ අයියගෙයි නංගිගෙයි බැඳීම කොහොම එකක්ද කියලා...

ඇෆ්ගන් ගමන නිමයි...දකුණු අප‍්‍රිකාව අවසන් තරගයට!

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයේ අද පැවති තරඟයෙන් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පරාජය කරමින් දකුණු අප්‍රිකාව අවසන් මහ තරගය සඳහා අවස්ථාව ලබා ගත්තේය.

අද තරඟයේදී මුලින් පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පන්දුවාර එකොළහකුත් පන්දු පහකදී සියලු දෙනා දැවී ලබා ගත්තේ දකුණු 56කි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකාව පන්දු වාර අටයි පන්දු පහකදී එක කඩුල්ලක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියේය.

“ඊයා ඔයා වගේ ඇටසැකිලි මම DATE කරන්නේ නැහැ... ඊයා ඊයා ගොඩක් TRY කරා ඒ කාලේ” – පියුමි යලි පැටලෙයි

නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි කියන්නෙ කවදත් ජනප්‍රිය, නිතර කතාබහට ලක්වන තාරකාවක්.

ඊට හේතුව ඈට එල්ලව ඇති ආදායම් සම්බන්ධ වූ යම් යම් චෝදනාවන්. මේ වන විට ඒ පිළිබඳව විමර්ශනයක් ද කෙරෙනවා.

ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින්.

සංජය මහවත්ත යුටියුබ් නාලිකාවක් සමඟ සාකච්ජාවකට එක්වෙමින් පියුමි හංසමාලිව දැඩි ලෙස විවේචනය කරනු ලැබුවා.

ඒ පිළිබඳව පියුමි සිය මුහුණුපොතේ සටහනක් තබා තිබෙනවා.

විවාහ වෙන්න මාසයක් තිබියදී, පරණ පෙම්වතාගෙන් විවාහයට අවසර ගන්න ගිහිල්ලා...දින තුනක් පරණ පෙම්වතා සමග එකට ඉදලා

තරුණියක් තම නව පෙම්වතා සමග විවාහ වෙන්න මාසයක් තිබියදී, පරණ පෙම්වතාගෙන් විවාහයට අවසර ගන්න ගිය 23 හැවිරිදි තරුණිය දින තුනක් 24 හැවිරිදි පරණ පෙම්වතා සමග වාසය කර ඇති පුවතක් වාර්තා වෙනවා.

තම දියණිය අතුරු දහන්ව ඇති බවට තරුණියගේ මව ඉකුත්දා පොලිසියට කළ පැමිණිල්ලට අනුව තොරතුරු සෙවීමේ දී මේ සියල්ල හෙළි වූ බවයි පොලිසිය පවසන්නේ.

මෙම තරුණිය ප්‍රදේශයේම පදිංචි තරුණයකු සමග කලක සිට පෙර ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇත.

කලක් ගතවෙද්දී එම සම්බන්ධතාව මගහැරී ගොස් ඇති අතර තරුණිය වෙනත් ප්‍රදේශයක පදිංචි 27 හැවිරිදි තරුණයකු සමග යළි ප්‍රේම සම්බන්ධයක් පවත්වා එයට දෙපාර්ශවයෙන්ම ආශිර්වාදය ලැබී ඇති නිසා ලබන මාසයේදී විවාහ වීමට සියලු‍ කටයුතු සූදානම් කර තිබියදී හදිසියේ තරුණිය නිවසින් අතුරුදහන්ව ඇත.

තම දියණියගේ ⁣අතුරුදහන්වීම පිළිබඳ ඇයගේ මව පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත. එයට දින තුනකට පසුව තරුණිය නැවත නිවසට පැමිණ ඇත.

ඒ අනුව තරුණිය පොලිසියට කැඳවා කරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ මෙම තරුණිය තම විවාහයට අවසර ගැනීමට සිය පරණ පෙම්වතා හමුවන්නට ගිය බවත් දින තුනකට පසුව යළි නිවසට ආ බවය.

"තාත්තා මගේ ලණුව ගිල්ලා" දුරකතනයට හාදු දුන් දියණියට නොසිතූ පැනයක්.. රස්සාව මැද පරස්තාවක් සෙවූ දියණිය පියා නිසා අනූ නවයෙන් බේරෙයි

අම්මාලා තාත්තලාට දරුවෙකුගේ පොඩි වෙනසක් වුණත් ගොඩක් හොඳට දැනෙනවා.. ඒත් සමහර වෙලාවට දරුවන්ට ඒ ගැන හරි අවබෝධයක් නැහැ..

මේ කියන්න යන්නේ පියෙක් සහ දුවෙක් අතර ඇතිවුණ සංවාදයක් ගැන කතාවක්.. තම බාල දියණිය දුරකතන ඇමැතුමකින් පසුව එම ජංගම දුරකතනයට හාදුවක් දීම නිසා සැකයක්.. ඒ ගැන ඔහු තම දියණියගෙන් විමසූ විට ඇය ඊට අපූරු අපූරු පිළිතුරක් ලබාදුන්නා..

මේ දියණිය නගරයේ වූ පෞද්ගලික ආයතනයක සේවයට එක්වෙලා වැඩි කාලයක් ගත වෙලත් නැහැ.. කොහොම හරි තම දුරකතනයට එන විශේෂ ඇමතුමකට ඇය සැලකිල්ලක් දැක්වූ අතර වැඩි කාලයක්ද ගන්නා බව පියාටද පෙනුණා..

තම සැකය සනාථ කරමින් කතාව අවසානයේ ඇය ජංගම දුරකතනයට හාද්දක්ද දුන්නා.. ඒ වහාම පියා ඒ ගැන ඇගෙන් විමසුවත්, ඇය ලබාදුන්නේ ඊට සැකයක් නොසිතෙන පිළිතුරක්.. ‘‘අක්කාගේ චූටි පුතා මගේ ෆෝන් එකට සෙන්ට් වගයක් හලලා. ඒකයි ඉඹල බැලූවෙ..’’

ඒ දුරකතනය අතර ගත් තාත්තාටද එම සුවඳ විඳින්නට සලස්වා ඇය මෙහෙම කියද්දී ඔහු නිහඬ වුණා.. එදා රෑ ඇයගේ හැසිරීමේ අමුත්තක් ඇති බව මේ පියා කීවේ බිරියටයි.. කොහොම වුණත් ඉන් තව තවත් සැක සිතූ මේ තාත්තා ඇයටත් හොරෙන්ම ඇය ගැන සොයන්නට පටන් ගත්තේ ඉතා සූක්ෂමවයි..

කොහොම හරි මේ සිදුවීමට පසු දිනයේ ඇය තම මිතුරියට පවසා ඇත්තේ ''තාත්ත මගේ ලණුව ගිල්ලා'' කියායි.. ඒ වටපිටාවේ වූ අයටත් ඇසෙන්නටලූ...

අවසානයේ තාත්තා දිනක් කාර්‍යාලයෙන් පිටතට එන තම දියණිය අලුතෙන් සොයාගත් පෙම්වතා සමඟ අතටම අල්ලා ගත්තේ ඔවුන් දෙදෙනාටම කට උත්තර නැති වෙන පරිද්දෙන්..

"ඔව්.. ඔව්.. බබා.. කෝ මට තාමත් ඔයා පේන්නෑනේ... " - බුකියෙන් හාද වූ පෙම්වතිය හැබහින් දුටුවිට හිස් ලු ලු අත දුවලා!

පදවිය ප්‍රදේශයේ පදිංචි ප්‍රේමදාස අවුරුදු 60 පමණ වයසැති ගොවි මහතෙකි.
දරුවන් තිදෙනකු ජීවත් කිරීමට විශාල උත්සහයක් ගත් ඔහු ගොවිතැන් කටයුතුවලට අමතරව කුලියට මලියටද යමින් කීයක් හරි උපයා ගත්තේ ගෙදර දොර වියදම දැන් අහට උසට ගොස් ඇති බැවිනි. 
 
ඔහුගේ බිරිය වන විමලාවතිගේ වයස අවුරුදු පනස් පහක් පමණ වේ. 

ඇය ද සැමියාගේ ගොවිතැන් කටයුතුවලට නිතර සහාය වෙමින් දරුවන් රැකබලා ගෙන නිවසට වී සිටියාය. 
 
කොතරම් අගහිඟකම් හා දුෂ්කරතා තිබුණ ද මෙම පවුලේ පිරිස ඉතා සමගියෙන්, සමාදානයෙන් ජීවත් වූහ. 
 
එහෙත් මෑතකදී එම පවුලට කණ කොකා හැඬුවේ විමලාවතී අතට නවීන පන්නයේ ජංගම දුරකතනයක් ලැබීමෙන් පසුවය. 
 
ඇයට දැන් සැමියාගේ වැඩපළට උදව් පදව් කිරීමට හෝ සොයා බැලීමට කාලයක් නොමැත. 
 
ඇය දවසේ වැඩි කාලයක් වැය කළ ජංගම දුරකථනය සමගිනි. 
 
නිවසේ වැඩපළවල නිරත වන අවස්ථාවලදී පවා තම දුරකථනය ඇස් මානයේ තබා ගන්නට ඇය වගබලා ගත්තාය. 
 
හිටිවනම සිදුවූ මේ දේවල් නිසා පවුලේ නිතර නිතර අඬ දබර ඇති විය. 
 
ප්‍රේමදාස විසින් කොතෙක් කරුණු පැහැදිලිකර දුන්නත් විමලාවතී ඒවා කිසිදු ගණනකට නොගත්තාය. 
 
ඇයට ජංගම දුරකතනයෙන් තොර ඇලී ගැලී කාලය ගත කළාය. 
 
බිරිඳගේ මෙම අමුතු හැසිරීම නිසා දැඩි ලෙස කලකිරීමට පත්ව සිටි ප්‍රේමදාස කිසිවක් කරකියා ගත නොහැකිව සිදුවන්නේ කුමක්ද කියා නිහඬව බලා සිටියේ බැරිම තැනය. 
 
තමන් තරුණ වයසේදී ගත් ඡායාරූපයක් සිය ​​‍​​ෆේස් බුක් ගිණුමට යොදා තරුණියක ලෙස අන්තර්ජාලයේ සැරිසරන විමලාවතී මේ වනවිට මහනුවර ප්‍රදේශයේ තරුණයකු සමග හාද වූවාය. 
 
අනතුරුව දෙදෙනා පෙම්වතුන් ලෙස දුරකථනයෙන් පණිවුඩ හුවමාරු කළේ වෙලාවක් කලාවක් නොමැතිවය. 
 
මේ අතර දිනක ඇගේ ප්‍රේමවන්තයාගෙන් ෆෙස් බුක් ගිණුමට හදිසි පණිවුඩයක් ලැබුණි.
 
 ‘‘මම පොඩි වැඩකට මැදවච්චියට එනවා. ඔයා බලන්න ආසයි. ඒ නිසා ඔයා අනිවාර්යෙන්ම එන්න.’’ අසම්මත ප්‍රේමයෙන් වියරු වැටී සිටි මෙම කාන්තාව කිසිදාක නොදුටු එම තරුණයා හමුවීම සඳහා ලක ලෑස්ති වූවාය. 
 
එදින විමලාවතී මැදවච්චිය රෝහල අසලට ගියේ දහසක් බලාපොරොත්තු පොදි බැඳගෙනය. 
 
මේ අතරතුර වයස අවුරුදු 20ක පමණ තරුණ කොලු ගැටයකු ද එම ස්ථානයට පැමිණියේ ය. 
 
අවට සිටිනවුන් සියල්ල අතරේ සිය දෙනෙත යැවූව ද ඔහුට සිය පෙම්වතිය හඳුනාගත නොහැකි විය. 
 
අවසනදී ඔහු පෙම්වතියට දුරකතන ඇමතුමක් ගත්තේ පොරොන්දු වූ තැන ඇය නොසිටි බැවිනි. 
 
‘‘කොහොද බබා ඔයා ඉන්නේ?’’ තරුණයා ඇසීය. 
 
‘‘ඇයි අනේ මේ කහ ඉර ගාවනේ ඉන්නේ, මට නම් ඔයාව පේනවා.’’ විමලවතී පිළිතුරු දුන්නාය. 
 
‘‘කෝ… ඉතින් මට ඔයාව පේන්නෑනේ බබා..’’ තරුණයා කනස්සලලෙන් කීවේය. 
 
‘‘ඔයා ඇඳගෙන ඉන්නේ රතු පාට ෂර්ට් එකයි, ඩෙනිමයි නේද පැටියෝ?’’විමලාවතී හුරතල් වදනින් ඇසුවාය. 
 
‘‘ඔව්.. ඔව්.. බබා.. කෝ මට තාමත් ඔයා පේන්නෑනේ.. ඇන්ටි කෙනෙක් විතරනේ මට පේන්නේ…’’ තරුණයා පැවසීය. 
 
‘‘මෙතන කවුරුත් නෑ බබා. මම විතරනේ ඉන්නේ’’ ඇය පිළිවදන් දුන්නාය. 
 
තමාට කුමක් හෝ වැරදීමක් වී ඇති බව තරුණයාට පසක් විය. ඔහු ඉක්මන් ගමනින් කහ ඉර අසලට ගියේය. ‘‘අම්මා ඔයා පදවියේ ඉඳල ද අවේ?’’ තරුණයා සැක දුරු කරගනු වස් ඇසුවේය.
 
 ‘‘අම්මා නෙවෙයි බබා, මේ මං’’ ඇය හිස සොලවා දුන් පිළිතුරෙන් තරුණයා අන්දුන් කුන්දුන් විය. 
 
සැණෙන් සියල්ල තේරුම් ගත් තරුණයා දැඩි ලෙස කලබලයට පත්ව ඇසුරු සැණින් පාරට පැන වව්නියාව – අනුරාධපුර බසයකට නැගී නොපෙනී ගියේය. 

මේක ටිකක් වෙනස්.. වෙනදා නැති අමුතුම හැඟීමක් දැනෙනවා නේද..? (PHOTOS)

ටීනා ශෙනෙල් කියන්නේ  අපේ රටේ ගොඩක් දෙනෙක් ආදරය කරන නිරූපිකාවක්.. 

ඉතින් හැමදාමත් වෙනස් වෙනස් වැඩ කරන ටීනා මෙන්න මේ වගේ ලස්සන ෆොටෝ ෂූට් එකක් කරලා තිබුණා..

ඇත්තටම ඇය කරන ගොඩක් ෆොටෝ ෂූට්වලට වඩා මේක නම් වෙනස්.. බලන්නකෝ ඒ ගැන ඔබටත් හිතෙන්නේ එහෙමද කියලා.. 

“ජීවිතේ අමාරුම කාලේ වැටෙන්න නොදී මාව අල්ලන් හිටියට ගොඩක් ආදරෙයි” – හේෂාන් මනුල

හේෂාන් මනුල කියන්නේ නිරූපණ ශිල්පියෙක් ලෙස ක්ෂේත්‍රයට පැමිණ පසුව රංගන ක්ෂේත්‍රයට සම්බන්ධ වුණු රංගන ශිල්පියෙක්.

දැනට නිරූපණ ක්ෂේත්‍රය තුළ රැඳී සිටින ජ්‍යේෂ්ඨතම නිරූපණ ශිල්පියා වන්නේ ද ඔහුයි.

පසුගිය කාලයේ නම් හේෂාන් මනුලව අපිට නිර්මාණ තුළින් දකින්න ලැබුණේ නැහැ.

ඇත්තටම හේෂාන්ට මොකද වුණේ කියලා පුවත්පත් සාකච්ජාවකට එක්වෙමින් මෙසේ සඳහන් කළා.

කාලයකින් ඔබව නිර්මාණවලින් දකින්න ලැබුණේ නැහැ, බොහො දෙනෙක් ඔබ ගැන හොයලත් තිබ්බා. ඇත්තටම හේෂාන් ඔබට මොකද වුණේ?

ඔව් මම මාස පහක් පමණ කාලයක් කලා කටයුතුවලින් සහ මෝස්‌තර නිරූපණ කටයුතුවලින් ඈත් වෙලා හිටියා. ඒ මම සයටිකා කියන රෝගී තත්වයට මුහුණ දුන්නු නිසා. ‘හිත ළඟ හිනැහුණා‘ නාට්‍යයේ වැඩ කරමින් ඉන්න අතර තමයි මට රෝගී තත්වය උත්සන්න වෙලා සම්පූර්ණයෙන් රෙස්ට් කරන්න කියලා වෛද්‍ය උපදෙස් ලැබුණේ.

දැන් කොච්චර කාලයක් ප්‍රතිකාර ගත්ත ද?

කොළඹ Durdans රෝහලේ Durdans Physiotherapy Department එකෙන් මාස පහක් Physiotherapy ප්‍රතිකාර ලබා ගත්තා. ඒ ප්‍රතිකාර ක්‍රමයේ ප්‍රධාන කොටසක් ලෙස මට ගෙදරදී තනියම කරන්න ව්‍යායාම ක්‍රම ඔවුන් පුහුණු කළා. හරිම අමාරු, වේදනාකාරී කාලයක් වුණා ඒ මාස ගණන.

මේ වෙද්දී ඔබේ සෞඛ්‍ය තත්ත්වය කොහොමද?

දැන් නම් 90%ක් පමණ සුවයි. රෝහලට පැමිණ කරන ප්‍රතිකාර අවසන්. නමුත් වෛද්‍ය උපදෙස් මත තවමත් නියම කළ ව්‍යායාම දිනපතා කරනවා. දැන් මට තනියම වැඩ කර ගන්න පුළුවන් සහ මගේ සාමාන්‍ය වෘත්තිමය කටයුතුවල යෙදෙන්නත් දැන් වෛද්‍ය අවසරය තියෙනවා.

“අපි අතරේ ලොකු තේරුම් ගැනීමක් තියෙනවා... ආදරවන්තයා කර ගන්නත් එයා හොඳ කෙනෙක්” – අපූර්වා

අපූර්වා ආශාවරි කියන්නේ දෙරණ ඩ්‍රීම් ස්ටාර් තරු මාවත තුළින් සංගීත ලොවට දායාද වුණු තවත් තරුවක්.

යසිත් කෙලඹිආරච්චි ගැයූ සීතල හාදුවකින් සින්දුවේ ෆීමෙල් වර්ෂන් එක ගයන්නේ අපූර්වා ආශාවරි.

ඒ එක්කම මේ දිනවල අපූර්වා ආශාවරිගේ ආදර කතාවක් ගැනත් පැතිර යනවා.

රංගන ශිල්පියෙක් එක්ක පෙමින් බැඳිලා කියන්නෙ ඇත්තද?

ප්‍රේමය කියන්නේ මිනිසුන්ට ඕනේ දෙයක්. ප්‍රේමයට අපේ වෘත්තීය අදාළ වෙන්නේ නැහැ. මේ දවස්වල රංගන ශිල්පියෙක් එක්ක මගේ නමත් කතා වෙනවා. අපි බලමු ඉස්සරහට. ඒ තුළින් මගේ වෙනස් විදියහේ අලුත් නිර්මාණයක් වෙන්නත් පුළුවන්.

අපූර්වාගේ ඒ ආදර කතාවත් කියමුද?

මාව පෞද්ගලිකව මේ තැනට ගෙනාවේ අපේ ආදරණීය ප්‍රේක්ෂකයින්. ඒ නිසා ප්‍රේක්ෂකයින්ට ඕනේ අපෙන් හොඳ නිර්මාණ මිසක් අපේ පෞද්ගලික දේවල් නෙවෙයි කියලා මම විශ්වාස කරනවා. ඒ නිසා පෞද්ගලික ජීවිතේ දේවල් ඒ ඒ වෙලාවන්වලදී හරි විදිහට සිද්ධ වුණාම ප්‍රේක්ෂකයින් දැන ගනීවි. ලස්සන නිර්මාණවලින් ප්‍රේක්ෂක හිත් සතුටු කිරීම මට තියෙන වගකීම. ඒ වගකීම මම හරියටම ඉෂ්ට කරනවා.

සංජය ආදරවන්තයා විදිහට තෝරා ගන්න හිතුණේ ඇයි?

සංජය අයියා කියන්නේ මගේ ජීවිතේ සමීපම කෙනෙක්. අපි අතරේ ලොකු තේරුම් ගැනීමක් තියෙනවා. සංජය අයියා කියන්නේ විවෘත චරිතයක්. ඔහු ආදරවන්තයා විදිහට නෙවෙයි මගේ ජීවිතේ ඉන්නේ. හැබැයි මට සමීපම හොඳම මිතුරෙක් විදිහට මම එයාට ගරු කරනවා. එයාට හොඳ විදිහට මිනිස්සුන්ව තේරුම් ගන්න පුළුවන්. ඒ ගැන මට හරිම සතුටුයි. ආදරවන්තයා විදිහට තෝරා ගන්න වුණත් එයා හොඳ කෙනෙක්. අපිට ඕනෙත් ආදරයේ දී ආදරණීය සහ අපි ගැන සොයා බලන කෙනෙක්නේ. ඒ නිසා එයා ආදරවන්තයා විදියටත් සුදුසුයි.

මේ අවුරුද්දේ මංගල සීනු හැඬ වෙයිද?

අනේ නැහැ. දැන්ම නම් මංගල සීනු හැඬ වෙන්නේ නැහැ. මට තාම අවුරුදු 21යි. මගේ ජීවිතේ මම වැඩ ටික පටන් ගත්තා විතරයි. මට කරන්න ගොඩක් වැඩ තියෙනවා. කොහොමත් තව අවුරුදු හත අටක් යනකම්ම මම මාව මෙතනට ගෙනාපු ප්‍රේක්ෂකයින් බලාපොරොත්තු වෙන දේම මම දෙනවා. ඒ නිසා තව අවුරුදු 10ක් විතර යනකම් නම් මංගල සීනු හැඬ වෙන එකක් නැහැ.

“වස්ති PRODUCTION කියන්නේ කරන දේ හරියට කරන හරි පිළිවෙලට වැඩ කරන කණ්ඩායමක්” – වොල්ගා

පුංචි තිරයේ සහ රිදී තිරයේ විවිධ නිර්මාණ හරහා ප්‍රේක්ෂකයන් හමුවට එන මේ සුන්දර කලාකාරිනිය බොහෝ දෙනෙක් ආදරය කරන වෝල්ගා කල්පනී.මේ දිනවල විකාශය වන ලලයි ලිලයි ලයි ටෙලි නිර්මාණයේ රන් සරණි  ලෙසින්ද ඇය ක්ෂේත්‍රය පුරාවටම ප්‍රසිද්ධයි.

පසුගිය දවසක ඇය පිළිබඳව වැඩි වශයෙන් කතාබහ කරන්න පටන් ගත්තේ ඇය වස්තු කණ්ඩායමත් එක්ක එකතු වෙලා කරපු නිර්මාණයක් නිසයි.මේ නිර්මාණය ඇය වස්තී  නිර්මාතෘ අනුෂ්ක විවාහ වෙන දර්ශනයක් තමයි තිරගත උනේ.

ඉතින් මේ නිසා හැමෝම හිතුවා ඇය ඔහුත් එක්ක විවාහ වුණා කියලා. ඒ සම්බන්ධයෙන් අහපුවාම වොල්ගා කියල තිබ්බේ මේ වගේ කතාවක්.

“ඒක වස්ති ප්‍රඩක්ෂන් එකක්. වස්ති ප්‍රඩක්ෂන් කියන්නෙ කරන දේ හරියටම කරන ගොඩක් මුදල් වියදම් කරලා. හරිම පිළිවෙළට වැඩ කරන කණ්ඩායමක්. ඉතින් මං එයාලා එක්ක වැඩක් කළා. ඒක හරි කොලිටි වැඩක්. ඒක නිර්මාණයක්. එච්චරයි.”

"ජයවේවා.. ජයවේවා.. අපිත් එක්කත් සෙල්ෆියක් ගමුකෝ.." - පිස්සුවෙන් වගේ මිනිස්සු නාමල්ව බදාගනී.. එක් රොදකට නාමල්ව වටකරගනී (VIDEO)

අනේ අර බලන්නකෝ නාමල් ජනාධිපතිතුමාගේ ලස්සන
අපේ ජනාධිපතිතුමාට ජයවේවා

පිස්සුවෙන් වගේ මිනිස්සු නාමල්ව බදාගනී.. එක් රොදකට නාමල්ව වටකරගනී..

යූටියුබ් කළ ශ්‍රී ලාංකික කත ෆින්ලන්තයේ දී ඝාතනය කරලා

ෆින්ලන්තයේ ජීවත් වූ Hiruni’s Northern Life නම් ජනප්‍රිය යූ ටියුබ් නාලිකාව පවත්වාගෙන ගිය හිරුණි මහත්මිය ඇගේ නිවසේ දී ඝාතනය වී තිබේ. එරට පදිංචිව සිටි ඇය ශ්‍රී ලාංකික තිදරු මවකි. ෆින්ලන්ත මාධ්‍ය මේ මරණය සම්බන්ධ වැඩි විස්තර හෙළිකර නැති අතර සිද්ධියට සැකපිට අයකු අත්අඩංගුවට ගත් බව පමණක් සඳහන් කර තිබේ. මේ ගැන වැඩිදුර විභාගය පැවැත්වෙන්නේ සැප්තැම්බර් මාසයේ බව එහි සඳහන් වේ.

ෆින්ලන්ත මාධ්‍ය හිරුණිගේ පවුල හඳුන්වා ඇත්තේ දකුණු ආසියාතික පවුලක් ලෙසය. ඔවුන් බොහෝ කාලයක් එරට ජීවත්වන බව ද සඳහන් කර තිබේ. එසේම මියගිය කාන්තාව සමාජ මාධ්‍යයේ ක්‍රියාකාරී බවත් පවුලේ වීඩියෝ නිරන්තරව මාධ්‍යයට යොමුකරන බවත් සඳහන් කර තිබේ.

මරණය සිදුව ඇත්තේ පසුගිය සතියේ බදාදා දිනයේය. එදින සිද්ධියෙන් පසුව මේ නිවසට ගිය අසල්වාසියකු එම නිවසේ දොර අසල විශාල ලේ පැල්ලමක් දැක තිබේ. හිරුණි මහත්මියගේ නිවාස පිහිටා තිබෙන්නේ හෙල්සින්කි නුවර වන්තා ප්‍රදේශයේය. එරට වෙසෙන ශ්‍රී ලාංකිකයින් පවසන්නේ මේ මරණයට සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ මියගිය කාන්තාවගේ සැමියා බවයි.

චතුර පමුණුව

නිල කාමරයේදී ලිපිකාරිනිය සිපගත් 59 හැවිරිදි මානව සම්පත් කළමනාකරු අවුරුදු 7ක් හිරේ!

තමන් යටතේ සේවය කළ තරුණ ලිපිකාරිනියගේ අකැමැත්ත නොතකා අවස්ථා තුනකදී ඇයව අයුතු ලෙස ස්පර්ශ කිරීම, ඇයගේ දෙතොල් හා මුහුණ සිප ගැනීම හා ඇයව වැලඳ ගැනීම යන චෝදනා තුනට වරදකරු කරනු ලැබූ ප්‍රධාන පෙළේ ඉහළ නිලධාරියකු වන 59 හැවිරිදි විවාහකයකුට අභියාචනාධිකරණය පෙරේදා (24දා) බරපතළ වැඩ සහිත වසර හතක සිරදඬුවම් නියම කළේය.

එයට අමතරව වින්දිත තරුණියට රුපියල් හත්ලක්ෂ පනස් දහසක වන්දියක් ගෙවන ලෙසට ද විත්තිකරුට නියම කළ, සම්පත් බී. අබේකෝන් හා පී. කුමාරරත්නම් යන විනිසුරු මඬුල්ල විත්තිකරුට රුපියල් 75,000ක දඩයක් ද නියම කළේය.

එම වන්දිය හා දඩය නොගෙවන්නේ නම් අමතර වසර දෙකහමාරක සිරදඬුවම් විත්තිකරුට ලබාදීමට විනිසුරු මඬුල්ල නියම කළේය. ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පිහිටි ප්‍රධාන පෙළේ පෞද්ගලික ආයතනයක මානව සම්පත් කළමනාකරුවකු ලෙස සේවය කරන පුද්ගලයකුට අභියාචනාධිකරණය එම දඬුවම් නියම කළේය. එම විත්තිකරුට එරෙහිව නීතිපතිවරයා විසින් මෙයට වසර 14කට පමණ පෙර ත්‍රිකුණාමලය මහාධිකරණය හමුවේ පවරා තිබූ අතර එම නඩුව විභාග කළ මහාධිකරණය විත්තිකරු චෝදනා තුනෙන්ම නිදොස් කොට නිදහස් කරමින් තීන්දුවක් ලබාදී තිබිණි.

2015.9.16 වැනිදා ත්‍රිකුණාමලය මහාධිකරණය විසින් ලබාදී තිබූ එම තීන්දුවට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර තිබූ ප්‍රතිශෝධන පෙත්සමක් විභාග කළ අභියාචනාධිකරණය මහාධිකරණය විසින් නිකුත් කර තිබූ තීන්දුව බලරහිත කරමින් විත්තිකරුට එම දඬුවම් නියම කළේය.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුහර්ෂි හේරත් ජයවීර මහත්මිය නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටියාය.

ඒ.ජේ.ඒ. අබේනායක

තාත්තා ත්‍රීවිලරය පදවද්දී ආදරයට බෙල්ලේ එල්ලුණ සිඟිත්තිය අනතුරින් මිය යයි

ත්‍රිරෝද රථය පද­ව­මින් සිටි පියාගේ ගෙලෙහි දැරි­යක ආද­ර­යට එල්ලීමට යාමේ සංසිද්ධියක් හේතු­වෙන් පියාට ත්‍රිරෝද රථය පාල­නය කිරී­මට නොහැ­කිව විදුලි කණු­වක ගැටී සිදු වූ අන­තු­ර­කින් එම වයස අවු. එකහමාරක්වූ දැරිය මිය ගොස් පියාගේ පාදය බිඳීයාමේ කණගාටුදායි පුවතක් දිවු­ල­පි­ටියෙන් වාර්තාවේ.

සිද්ධිය වූ දිනයේ මිය­ගිය දැරියගේ මිත්තනිය හා පියා සමඟ මවද ත්‍රිරෝද රථ­යෙන් මීග­මු­වට ගොස් තිබූ අතර මව රැකි­යා­වට යාම සඳහා මීග­මු­වෙන් බැස තිබුණි. අනතුරුව මිත්තණිය හා දැරිය ත්‍රිරෝද රථයේ පිටු­පස අසු­න්ගෙන නිවස කරා පැමිණෙමින් සිටියදී පියා ත්‍රිරෝද රථය පද­වන ඉදිරිපස අසුන වෙතට දැරිය සිය දෑත් යොමු කර එක­ව­රම පිටු­පස සිට පියාගේ ගෙල බදා­ගෙන ඇති බවත් එම අව­ස්ථා­වේදී පියාට රථය පාල­නය කර ගත නොහැකි වී මාර්ග­යෙන් ඉව­තට ඇදී ගොස් විදුලි කණු­වක ගැටුණ බවත් වාර්තාවේ.

­ඒ සම­ඟම දැරිය විසි වී ඇති බව පොලි­සිය සිදු කළ විම­ර්ශ­න­ව­ලදී අනා­ව­ර­ණය වී ඇත.
අනතුරින් බරපතල තුවාල ලද දැරිය මියගියාය. පියා වැඩි­දුර ප්‍රති­කාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත ඇතු­ළත් කර ඇත. මිත්තණියටද සුළු තුවාල සිදුව ඇත.
අන­තු­රින් මිය­ගොස් ඇත්තේ එම්.ජී. හාන්‍යා හෙසල් ප්‍රනාන්දු නමැති වයස අවු­රුදු එක­හ­මා­රක දැරි­යකි.

මීගමුව සිට මරදගහමුල දෙසට අධික වේගයෙන් පැමිණි ත්‍රිරෝද රථය විදුලි කණුවක ගැටී අනතුර සිදුවන ආකාරය අසල්වාසීන්ද විස්තර කර තිබේ.
 අනතුරින් පසු පියාගේ එක් පාදයක් බිඳී තුවාලවී ඇති අතර දියණිය එම ස්ථානයේම මියගොස් ඇති බව වාර්තා විය.

මෙලෙස අනතුරට ලක්වූ පවුල කඩවල ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත් තුවාල ලැබූ පියා මේ වන විට මීගමුව  රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවත් වාර්තා විය.

විභාගය ගැන අනියත බියකින් පෙළුණ උ.පෙළ සිසුවා කටට වෙඩි තබාගෙන දිවිනසා ගනී!

රැකියාවට යන මවට වැඳ කාමරයට වී දොරගුලුලාගත් උසස් පෙළ පාසල් සිසුවකු පතොරන් තුවක්කුවකින් මුඛයට වෙඩි තබාගෙන මියගොස් ඇතැයි ගම්පොළ ඇත්ගාල පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ ගම්පොළ පාර උලපනේ පදිංචි කේ. එම්. බී. ආර්. ජී. කුලසේකර නමැති දහඅට හැවිරිදි සිසුවෙකි. ඔහු ගණිත අංශයෙන් මහනුවර කිංස්වුඩ් විද්‍යාලයේ අධ්‍යාපනය ලබමින් සිටි අයෙකි.

මොහුගේ මව ගුරුවරියක වන අතර පියා වන සංරක්ෂණ දෙපාර්තමේන්තු සේවයෙන් විශ්‍රාම ගොස් පෞද්ගලික අංශයේ රැකියාවක නිරතව සිටී. එකම සොහොයුරා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයකු වන අතර එකම සොයුරිය කුරුණෑගල ශික්ෂණ රෝහලේ පුහුණු වන වෛද්‍යවරියකි.

මෙම සිසුවා සිය කාමරයේ පුටුවක සිටිමින් මෙම වෙඩි තබාගැනීම සිදුකරගෙන ඇති අතර එයින් හිසේ පසුපසට බරපතළ හානි සිදුව තිබූ බව පොලිසිය පවසයි. පියා සතු මෙම තුවක්කුව සඟවා තිබියදී එය සොයා ගෙන මෙම වෙඩි තබා ගැනීම සිදුකර ගෙන තිබුණි.

මව සහ පියා සේවාවන් සඳහා නිවසින් පිටත්ව ගිය පසු සොහොයුරා සමග මොහු නිවසේ සිට ඇත. සොහොයුරාද සේවයට යෑමට සූදානම්ව පෙරවරු දහයට පමණ මෙම සිසුවාට කතා කිරීමට කාමරයේ දොර අරින විට සිද්ධිය දැක ඒ පිළිබඳව පොලිසිය වෙත දන්වා තිබේ.

එස්. වයි. කුලසේකර නමැති මෙම සොහොයුරා පවසන්නේ මල්ලි තනිවම කාමරයට වී පාඩම් වැඩ කරන බවයි. ගම්පොළ ජාත්‍යන්තර පාසලක ඉගෙන ගත් මෙම සිසුවා ඒ සාමාර්ථ අටක් හා බී සාමාර්ථයක් සහිතව අපොස සා.පෙළ සමත් වීමෙන් පසු උසස් පෙළ හැදෑරීම සඳහා මෙසේ මහනුවර කිංස්වුඩ් විද්‍යාලයට ගොස් තිබේ. නියමිත කාලයට වසරකට කලින් උසස් පෙළට සූදානම් වූ මොහුට විභාගය කරගැනීමට නොහැකි වෙතැයි බියක් තිබූ බවද පැවසින.

මෙම සිසුවා ඔන්ලයින් පාඩම් වැඩිපුරම කර ඇති අතර පරිගණකය හා ජංගම දුරකථනය නිතර පරිහරණය කර තිබේ.

ගම්පොළ වැඩබලන මහෙස්ත්‍රාත් නන්දනි කාන්තිලතා මහත්මිය මහෙස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වූ අතර පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ (25දා) පේරාදෙණිය ශික්ෂණ රෝහලේදී සිදු කිරීමට නියමිතව තිබුණි.

ගම්පොල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අසංක බණ්ඩාර ගුණතිලක, සහකාර පොලිස් අධිකාරී එච්. එම්. හේරත් යන මහත්වරුන්ගේ උපදෙස් මත ඇත්ගාල වැඩබලන ස්ථානාධිපති වෙලගෙදර, ස්ථානීය අපරාධ අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චම්පික විමලරත්න, පොලිස් සැරයන්වරුන් වන (2191) නිලන්ත සහ (21002) බන්දුල යන නිලධාරීහු පරීක්ෂණ පැවැත්වූහ.

ගම්පොළ – සුරංග දිල්හාන්

හොල්මන් මන්දිරේ භූතයෙක් ලෙස රඟපෑ සිසුවාට බේබද්දෝ තුන්දෙනෙක් තඩිබාලා!

කළුතර, පැල්පොළ, තොටුපළ පාරේ පොසොන් උත්සවය නිමිත්තෙන් පවත්වන ලද හොල්මන් මන්දිරයකට බීමතින් ඇතුළු වූ පුද්ගලයන් තිදෙනකු එහි භූතයෙක් ලෙසින් පෙනීසිටි 13 හැවිරිදි පාසල් සිසුවකුට පහරදීමෙන් එම සිසුවා තුවාල ලබා කළුතර ශික්‍ෂණ රෝහලට ඇතුළත් කර ඇතැයි වාර්තා වේ.

කළුතර උතුර, පැල්පොළ, තොටුපළ පාරේ පදිංචි ඒ.ඩී. සිතුම් ලක්මිණ නමැති පාසල් සිසුවකු මෙලෙස පහර කා රෝහල් ගතකර ඇති බව පැවැසේ.

ප්‍රදේශයේ කුඩා ළමයන් එක්ව හොල්මන් මන්දිරය සකස් කර පොසොන් පොහෝ දිනයේ පවත්වා තිබේ.

එය තුන්වැනි දින රාත්‍රි ප්‍රදර්ශනය කරන අවස්ථාවේ බීමතින් පැමිණි තිදෙනකු හොල්මන් මන්දිරයට ඇතුළුවී ඇති බව වාර්තා වේ.

පහර කා රෝහල්ගත කර සිටින ළමයා යක්ෂයකු ලෙසින් ඔවුන් ඉදිරියට කඩාපැන ඇති අතර, එහිදී උරණ වූ තිදෙනා යක්ෂයාගේ බෙල්ලෙන් අල්ලා පහරදී ඇති බව සඳහන් වේ.

සිද්ධිය සම්බන්ධයෙන් කළුතර උතුර පොලිසිය පරීක්ෂණ පවත්වයි.

ඉන්දීය ධීවරයින් අත්අඩංගුවට ගන්න ගිය නවික හමුදා සෙබලෙකු මරුට.. ඝාතනයක්දැයි සැක

යාපනය ඩෙල්ෆ් දූපතට ආසන්න මුහුදු සීමාවේදී අනවසරයෙන් මසුන් අල්ලමින් සිටි ඉන්දීය ධීවරයින් පිරිසක් නාවික හමුදා බාරයට ගැනීමට ගිය නාවික හමුදා සෙබලෙකුට වූ අනතුරක් හේතුවෙන් එම සෙබලා අද (25)  අලුයම් කාලයේදී මිය ගොස් ඇතැයි නාවික හමුදාව පවසයි.

ඩෙල්ෆ් මුහුදු සීමාවේ රාත්‍රී මුර සංචාරයේ යෙදුනු උතුරු නවික විධානයට අයත් යත්‍රාවකට අනවසර ඉන්දීය ධීවර ට්‍රොලර් යත්‍රාව නිරීක්ෂණය වීමෙන් අනතුරුව අදාල යත්‍රාව ඇති ස්ථනයට ගොස් පරික්ෂා කිරීමේදී එහි ඉන්දීය ධීවරයින් 10 දෙනෙකු සිට ඇත.

අදාල ඉන්දීය ධීවරයින් නාවික හමුදා බාරයට ගැනීමට උත්සහ ගත් නවික සෙබලෙකු නවික යත්‍රාව සහ ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාව අතරට වැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවට දැනට තොරතුරු ලැබී ඇති අතර එහිදී බරපතල තුවාල ලැබූ නාවික සෙබලා කංකසන්තුරෙයි ධීවර ජැටියට රැගෙනවිත් නාවික සෙබලා රෝහල්ගත කිරීමට පියවර ගෙන ඇත.

ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාව නාවික හමුදා බරයට ගැනීමට යාමේදී ඉන්දීය ධීවරයින් විසින් අදාල යාත්‍රාව නාවික හමුදා යාත්‍රාවේ ගැටීමට සලස්වා සිදුකල අනතුරක්ද යන්න පිළීබඳව නාවික හමුදාව මේ වන විටත් පරික්ෂණයක් අරඹ ඇත.

කෙසෙද් වෙතත් තුවාල ලැබූ නාවික සෙබලා රෝහල්ගතකරන විටත් මිය ගොස් ඇති බවට තොරතුරු වාර්ථා වන අතර නාවික හමුදාබාරයට පත් ඉන්දීය ධීවරයින්ද යපනය ධීවර හා ජලජ සම්පත් නිලධාරී කර්යලයට භාර දීමට පියවර ගෙන තිබුණි.

– වන්නි රොමේෂ් මධුෂංක

සංජය බොක්ක රවුමක් යමුද? – පියුමි, සංජයට කෝචෝක් කරයි

මේ වන විට ප්‍රසිද්ධ නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලි ගැන සමාජ මාධ්‍ය ඔස්සේ කතා බහක් ඇති වෙලා තියෙනවා.

ඒ සංජය මහවත්ත විසින් සිදු කරනු ලැබූ හෙළිදරව්වක් හේතුවෙන්.

පියුමි නම් කියන්නේ සංජය මහවත්ත සිදු කළ මේ වැඩේ හේතුවෙන් පියුමිගේ ක්‍රීම් වර්ග වැඩි වශයෙන් අලෙවි වන බවයි.

පියුමි එල්ල වෙන චෝදනා ගැන සිය මුහුණුපොතේ ස්ටෝරි තබා නොයෙක් නොයෙක් දේවල් සටහන් කරනවා.

මේ අපි දැක්කෙත් ඒ වගේ සටහනක්.

“මොකක්ද නංගී නිළියක් වුණාම ටිකක් පොෂ් එකට ඉන්න එපැයි… කාලා බීලා ෆන් එකේ ඉන්නනං ඒවට වැඩියෙන් වියදම් කරන්නත් වෙනවා…” – අනඟ රැඟුමට අමුතු හැඩයක් දෙන්න ගිය සරාගි නිළිය

ඇය අතිශයින්ම රූමත්ය. එක්වරක් බැලූ කෙනෙකුට දෙවරක් නොව තුන් හතර වතාවක් ඇගේ රුව දෙස ඇසිපිය නොහෙලා බලා සිටීමට සිතෙන තරමටම ඇය රූමත්ය. 

ඇගේ රූමත්කමෙන් ගත හැකි උපරීම ප්‍රයෝජනය ගැනීමට ඇය කටයුතු කරන්නේ දෙවරක් නොසිතමිනි. ඒ චිත්‍රපටවල රඟපෑමට වරම් ලබා ගනිමිනි. චිත්‍රපටි වුවද ඒවා එසේ මෙසේ චිත්‍රපටි නොව ‘වැඩිහිටියන්ට පමණයි‘ ලේබලය යටතේ ප්‍රදර්ශනය වන නිල් චිත්‍රපටය. ඇය ඒවායේ රඟපෑවේ සරාගී ප්‍රධාන චරිතය. රූ සපුව කදිමට ප්‍රදර්ශනය කරමින් මෙම චිත්‍රපටවල රඟපෑම නිසා ඇය ඉතා ඉහළ ජනාදරයකට පත් වූයේ වැඩි කාලයක් ගතවීමට පෙරය.

පසුගිය කාලයේ ප්‍රදර්ශනය වූ චිත්‍රපටි සහ රූපවාහිනී ටෙලි නාට්‍ය ගණනාවකම ප්‍රධාන චරිතය රඟපෑ මෙම සරාගී නිළිය ඇසිපිය හෙළන ඇසිල්ලෙන් ඉතා ජනාදරයට පත්වෙද්දී සමාජයේ ඉහළ ධන කුවේරයන්වද ඇය වටා එකතු කරගැනීමට ඇය කටයුතු කළේ සූක්ෂමය. කොකේන්, හෑෂ්, අයිස් වැනි මිල අධික මත්ද්‍රව්‍ය භාවිත කරමින් මෙම නිළිය ධනවතුන්ගේ මනදොළ සපුරමින් නැළවන අතර හිතට ආ අදහසක් අනුව ජංගම ගණිකා ව්‍යාපාරයක් ආරම්භ කිරීමටද කටයුතු කළාය.

“මොකක්ද නංගී නිළියක් වුණාම ටිකක් පොෂ් එකට ඉන්න එපැයි. ගණන් තමයි. ඒ වුණාට හොඳට අඳින්න පළඳින්න වෙනවා. කාලා බීලා ෆන් එකේ ඉන්නනං ඒවට වැඩියෙන් වියදම් කරන්නත් වෙනවා…“

“අක්කා කොහොමද ඒවා කරගන්නේ…?“

“අපෝ ඒවා හැමෝටම කියන්න බෑ. මට විශ්වාසයෙන් ඉන්න… මගෙ හිතට අල්ලපු කෙනෙකුට විතරයි මං ඒව කියල දෙන්නෙ. කැමතිනම් ඔයාටත් පුළුවන් මාත් එක්ක එකතු වෙන්න…“කතාවෙන් හිනාවෙන් කාගේත් හිත් වසඟ කරගත් සුරූපිනිය තවත් එවැනිම රූමතියන් ගණනාවකගේම ආදායම් මාර්ගය සරු කර දීමට නිර්ලෝභීවම කටයුතු කළාය. එහෙත් එය ඉතා හොර රහසේ සිදු වූවක් පමණක් නොව සියලුම කටයුතු අන්තර්ජාලය හරහා සිදු කිරීමටද ඇය කටයුතු කළාය.

“සර්… මාර ඩීල් එකක් යනවනෙ…!“වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහට රහසිගත ඔත්තුකරුවකු විසින් තොරතුරක් ලබා දෙන්නේ ඒ අයුරිනි.

“ඩීල් එකක්… ඒ මොකක්ද…?“

“අර කාම චිත්‍රපටිවල රඟපාන ප්‍රධාන නිළිය ඉන්නෙ…“

“ආ අර… කියන නිළියද…?“

“ඔව් ඔව්… අන්න හරි. එයා තමයි…“

“ඉතින් මොකක්ද ඔය ඩීල් එක…“

“හොඳ ලොකු සල්ලිකාරයන්ට ලස්සන ගෑනු කට්ටිය ඩීල් කරනවා. ඒක ජංගම ගණිකා සේවයක්ලු සර්…“මේ බව දැනගත් මොහොතේම වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ අධ්‍යක්ෂ සමන්තිලක වැලිවිටගේ උපදෙස් මත ස්ථානාධිපතිවරයා කටයුතු කළේ වැටලීම සිදු කිරීමටය. අධ්‍යක්ෂ සමන්තිලක වැලිවිට, ස්ථානාධිපතිවරයා සමඟ එකතුව මේ සඳහා සැලසුමක් සකස් කළේ ඔවුන් කොටු කරගැනීම ඉතාමත් සූක්ෂම ලෙස කළ යුතු බැවිනි. මේ සඳහා උපාය දූතයෙකු යෙදවීම සුදුසු බව කාගේත් මතය වූ අතර ඒ සඳහා දක්ෂ නිලධාරියෙකු තෝරා ගැනීමටද කටයුතු කළේය. උපාය දූතයා සිය රාජකාරිය ආරම්භ කළේ ඒ අනුවය. සුරූපී නිළියට ඇමතුමක් ගෙන මේ පිළිබඳ අවශ්‍ය තොරතුරු ලබා ගැනීමට උපාය දූතයා උත්සාහ කළේය.

“කවුද මේ කතා කරන්නේ…?“

“මිස් මං රත්නපුර පැත්තේ මැණික් බිස්නස්මන් කෙනෙක්…“

“එහෙම කෙනෙක් මං දන්නෑ. මේ රෝං නම්බරයක්…“ ඇය එකවරම දුරකතනය විසන්ධි කළේ නුරුස්සනා ස්වභාවයකිනි. ඇය ලෙහෙසි පහසු කාන්තාවක් නොවන බව අවබෝධ කරගත් උපාය දූතයා තම ඉලක්කය සපුරා ගැනීමට කෙසේ හෝ කටයුතු කළේ කීප අවස්ථාවක්ම ඇයට දුරකතනයෙන් කතා කරමිනි.

වරින් වර ඇමතුම් ගනිමින් කෙසේ හෝ ඇය කතාවට අල්ලා ගැනීමට උපාය දූතයා සමත් වූයේ මෙම කාර්යයේ පළමු පියවර ඉදිරියට තබමිනි.

“කවුද ඔයාට මේ නම්බර් එක දුන්නේ…“

“මිස් අර ජනප්‍රිය නිළිය. එයා මගේ යාළුවෙක්. මිස්ව කන්ටෑක් කරලා දුන්නේ එයයි මට…“ උපාය දූතයා ගොතා ගත් බොරු වැල හිමිහිට ලිහා දැමීමට පටන් ගත්තේ ඇයව නූලට අන්දවමිනි. ඇය මෙල්ල වූයේ උපාය දූතයා ගැන තරමක හෝ විශ්වාසයක් ඇති වූවාට පසුවය.

“එහෙනම් ඕගොල්ලන්ට අපිවත් ඕන වුණා…“ උපාය දූතයාට හැඟී ගියේ ඇගේ හිනාව දුරකතනයේද හැපී ඉහිරෙන බවය.

“නැතුව නැතුව. සල්ලිම හම්බ කරලා වැඩක් නෑ. ජීවිතේ විඳින් නැතුව…“

“අන්න එහෙම එන්න කෝ අයියා. මං උදවු කරන්නම්. හැබැයි ගාණ සැරයි…“

“කීයක් ගියත් මොකද අනේ. ඕන කරන දේ ලැබෙනවා නම්…“

“මගේ වට්ස්ඇප් පැකේජ් එකේ ඕන ඕන විදිහේ බඩු තියෙනවා. කැමති එකක් තෝරගන්න පුළුවන්…“

“මං විතරක් නෙමෙයි. යාළුවො සෙට් එකකුත් ඉන්නවා. ඒ හින්දා හතක් විතර ඕන වෙනවා…“

“මොනවද එතකොට ගන්න ඩ්‍රග්ස්…“

“ඩාන්සින් ටැබ්ලට් ටිකකුයි අයිස් ටිකකුයි හොඳයි කියලා හිතනවා…“

“හරි හරි කවදටද…“

“හෙට වුණත් කමක් නෑ…“

“එන්න පුළුවන් කොහාටද…“

“හොරණ පැත්තට වුණොත් ලේසියි අපිට…“

“එහෙමනම් කෝරළේඉම තියෙනවා අපේ සුපිරි පොට් එකක්. එතනට ගෙනත් දෙන්නම්. පැයකට රුපියල් තිස්පන්දාහයි. ඩ්‍රග්ස් පාවිච්චි කරන විදිහත් එක්ක ගණන් වැඩි වෙනවා තව…“ උපාය දූත නිලධාරියා දින කීපයක් තිස්සේ කරන ලද උත්සාහයේ ප්‍රතිඵල ලැබුණේ ඒ ආකාරයටය. ඊළඟට ඇත්තේ මෙහෙයුම ක්‍රියාත්මක කිරීමයි.

මෙම මෙහෙයුම ක්‍රියාත්මක කළ යුත්තේ පොලිස්පතිවරයාගේ නියෝග පරිදි ක්‍රියාත්මක යුක්තිය මෙහෙයුමට සමගාමීවය. ඒ සඳහා ප්‍රධාන පොලිස් පරීක්ෂක මහේන්ද්‍ර පෙරේරා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් පිටත්කර හැරීමට අධ්‍යක්ෂවරයාගේ නියෝග පරිදි ස්ථානාධිපතිවරයා කටයුතු කළේය.

ඒ අතරම සුඛෝපභෝගී වාහනයකට නැඟුණ මැණික් ව්‍යාපාරිකයා ගෝනපළ ප්‍රදේශයේ කෝරලඉම දෙමටහැත්ත ප්‍රදේශයේ පාලම අසලට වී කල් මරමින් බලා සිටියේ ඇගේ පැමිණීම බලාපොරොත්තුවෙනි. පොරොන්දු වූ ලෙසම ඇය පැමිණියාය. කුලී පදනම මත ලබාගත් මෝටර් රථයකින් උපාය දූතයා හමුවට පැමිණි ඇය වාහනයේ ඉදිරිපස අසුනේ සිට පිටුපස අසුනේ සිටි සුරූපිනියන් සිවුදෙනකු පෙන්වා උපාය දූතයාට පැවසුවේ කැමති කෙනෙකු තෝරා ගන්නා ලෙසයි.

සියල්ල නිවැරදිවම සිදුවන බව වටහාගත් උපාය දූතයා රැකවල්ලා සිටි පොලිස් නිලධාරීන්ට තම සංඥාව නිකුත් කළේ සියල්ල තිතටම සිදුවිය යුතු බැවිනි. සරාගී සුරූපී නිළිය ඇතුළු රූමත් ගණිකාවන් සිවුදෙනෙකුට විලංගු වැටුණේ ඒ අයුරිනි. මොවුන් ගම්පහ, බියගම, අම්පාර, බොරලැස්ගමුව, මාතර ප්‍රදේශවල පදිංචි අවුරුදු 25ත් 45ත් අතර වයස්වල පසු වන කාන්තාවන්ය. ඔවුන්ගේ ගමන් මලුවල උපත් පාලන කොපු ද තිබී සොයා ගැනීමට හැකි වී තිබිණි.

මෙහි ප්‍රධානියා වන ලංකාවේ සරාගී චිත්‍රපට ගණනාවක සහ ටෙලි නාට්‍ය ගණනාවක සරාගී ප්‍රධාන චරිතය රඟපා ඇති ඇය රිදී තිරයේ පමණක් නොව සැබෑ ජීවිතයේද කාම දේනුවකි. ඇගේ අතිශය ජනප්‍රියත්වය නිසාම ධන කුවේරයින් සමඟ සමීප සම්බන්ධතා ගොඩනඟාගෙන රූමත් ජනප්‍රිය නිළියන් මෙන්ම පෞද්ගලික ආයතනවල රූමත් කාන්තාවන් මෙම පුද්ගලයන්ට ලබා දෙන්නේ රුපියල් තිස්පන් දාහේ සිට ලක්ෂය දක්වා වන විවිධ මිල ගණන්වලටය.

රූමත් නිළියක් නම් පැයකට රුපියල් 45 දාහක් වැනි මිලකට මෙම ධන කුවේරයන් අතේ නැළවෙන්නේ ඔවුන්ගේ මනදොළද සපුරාලමිනි. මෙම කාන්තාවන් එම පුද්ගලයාට අවශ්‍ය ආකාරයට මිල අධික මත්පැන් මෙන්ම මත්ද්‍රව්‍යවලින්ද මත් වෙමින් ඔවුන් සමඟ ලිංගිකව හැසිරෙන බව මෙහිදී අනාවරණය වී තිබේ.

තවදුරටත් විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ මොවුන් මෙවැනි දේට යොමුවී තිබෙන්නේ මුදල් ඉපයීමේ පරමාර්ථයම ඉලක්ක කර ගෙන නොව ඔවුන්ගේ සමාජ තත්ත්වය රැක ගැනීම සඳහා බවය.

මෙම ප්‍රධාන සරාගී නිළිය අන්තර්ජාල යෙදවුම් හරහා මෙම කටයුතු සියල්ලම සිදු කරන අතර කිසි විටෙක ඔවුන්ගේ පෞද්ගලික වාහනවල මේ සඳහා ගමන් නොකිරීමට ද වග බලාගෙන ඇත්තේ එම වාහන අත්අඩංගුවට පත්වන නිසාය.

ඇය මෙලෙස කාන්තාවන් සැපයීමට යොදාගන්නේ ඉල්ලුම්කරුට පැමිණීමට පහසු ප්‍රදේශයක් වන අතර ඒ සියලුම කටයුතු සිදු කරන්නේ අන්තර්ජාල පහසුකම් හරහාය.

එදින ඇය කාන්තාවන් රැගෙන පැමිණියේද කුලී පදනම මත ලබාගත් වාහනයක වීමද විශේෂය.

තරු පහේ හෝටල්, සුපිරි නිවාස සංකීර්ණ මෙන්ම රාත්‍රී සමාජ ශාලාවල පැවැත්වෙන සාද සඳහා මෙම ගණිකාවන් ඇය විසින් ලබා දෙන අතර ඔවුන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරමින් නිරුවත්ව නර්තනයේ යෙදී පිරිමින්ගේ හැඟීම් අවුස්සමින් ඔවුන් සමඟ ලිංගිකව හැසිරෙන බවද විමර්ශනයේදී අනාවරණය වී තිබේ. එමෙන්ම මෙම ගණිකාවන් විසින් එම පූද්ගලයින්ව මත්ද්‍රව්‍ය පානය කිරීම සදහා සූක්ෂ්මව පොලඹවා ගෙන ඔවුන් සතුව ඇති මුදල් හූරා ගැනීමද සිදු කරන්නේ මෙම ධනවතුන් හිඟන්නන් බවට පත් කරමිනි.

මෙලෙස උපයන මුදලින් වැඩි කොටසක් ඇය විසින් එම කාන්තාවන්ට ලබා දෙන්නේ ඔවුන්ද මෙම ගණිකා සේවයේ යළි යෙදවීමට උත්තේජනයක් ලබා දීමට විය යුතුය. විවිධ වයස් සීමාවල විවාහක මෙන්ම අවිවාහක තරුණියන්ද ඇය සමඟ මෙම හැඟුම් ගනුදෙනුවට දායක වී සිටින්නේ කාලයක සිටය. මෙම කාන්තාවන්ගේ ඇති විශේෂත්වය වන්නේ ඔවුන්ගේ සේවය ලබා ගන්නා පුද්ගලයාට පාවිච්චි කිරීමට අවශ්‍ය මත්ද්‍රව්‍ය වර්ගය කුමක්ද මොවුන්ද ඔහු සමඟ ඒවා පාවිච්චිකර ඔහුගේ මනදොළ සපුරාලීමට ඔහුට සිතැඟි සේ කටයුතු කිරීමයි.

මෙම ප්‍රධාන කාම දේනුව විසින් අන්තර්ජාලය හරහා ඇණවුම් කරන ලද මත්ද්‍රව්‍ය රහසිගත මාර්ගවලින් ඇයට ලැබෙන අතර ඇය ඒවායේ හිලව්වට ගණිකාවන් සැපයීමද විශේෂිතය.

ඇය විසින් මුදල් වියදම් කර තරුපහේ හෝටල් කාමරවල, රාත්‍රී සමාජ ශාලාවල මෙන්ම සුපිරි නිවාස සංකීර්ණවල මත්පැන් සාද පවත්වා ඒවාට ධනවතුන් ගෙන්වා ගෙන ඔවුන් ඉදිරියේ මිල අධික මත්පැන් වර්ග මෙන්ම අයිස් වැනි මත්ද්‍රව්‍ය පානය කරමින් මෙම පුද්ගලයින් ‘දැපනෙ‘ දමා ගන්නා කාමිනියන් කම්සැප වළඳන්නේ එම පුද්ගලයන්ව සූක්ෂම ලෙස මොවුන්ගේ මායම් දැලට හසුකර ගන්නා අතරය.

මෙම ප්‍රධාන කාම රැජිණ සංවිධානාත්මක කාන්තා කල්ලියක් සමඟ එකතු වී සිදු කරනු ලබන සමාජ විරෝධී ක්‍රියාවන් රැසක් මේ වන විට අනාවරණය වෙමින් පවතින්නේ ඇය තුළින් සමාජයට පෙන්වන දෙවඟනට මුවාවී සිටිමින් දහසක් සෙල්ලම් පෙන්වන යක්ෂණිය ගැනද පෙන්වා දෙමිණි.

මෙම කල්ලියේ සිටි එක් කාන්තාවක් ධනකුවේරයෙකු රවටා ලක්ෂ ගණනක මුදලක් වංචා කර ඇති අතර ඇය තැනින් තැන පදිංචිය වෙනස් කරමින් හැංගිමුත්තන් සෙල්ලමේ නිරත වී ඇත්තේ එය තමන්ගේ ගැලවීමට මගක් වෙතැයි සිතා විය යුතුය. ජාඇළ ප්‍රදේශයේ අවසන් වරට සිට ඇති ඇය වාහන වංචාවක් සිදුකර ඇති බවද තමාගේ නමින් විදෙස් ගමන් බලපත්‍ර දෙකක් ලබාගෙන ඇති බවද අනාවරණය වී තිබේ.

සුවඳ පෙරාගෙන මිල අධික සළුපිළිවලින් හැඩවැඩ වෙමින් සමාජයේ ඉතා වැදගත් අය ලෙස වැජඹෙන මෙවැනි කාන්තාවන්ගේ ගඳ ගසන පැටිකිරිය සමාජය ඉදිරියේ දිග හැරී ගියේ වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ නිලධාරීන්ගේ දක්ෂතාවය හේතුවෙනි.

කාලයක් තිස්සේ ඉතා සූක්ෂ්මව පවත්වාගෙන ගිය මෙම ජංගම ගණිකා ව්‍යාපාරයට නොසිතූ අයුරින් කණකොකා හැඬුවේ සුරංගනාවියන් පස්දෙනෙකු තරු පහේ හෝටල් කාමරයේ සිට දුගඳින් පිරි අඳුරු සිර කුටියක් වෙතට ඇද දමමිනි.

මොවුන් හොරණ පොලිසියට භාර දීමෙන් පසුව හොරණ අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබිණි.

උපුටා ගැනීම – සිළුමිණ 

"මම මේවා එළියට දානවා.. මොකද කියන්නේ...?" සැමියාගේ හොර ඇල්ලූ, පොලිස් බිරිඳ අනියම් පෙම්වතියගෙන් කප්පම් ඉල්ලයි (VIDEO)

මේ කියන්න යන්නේ බිරිඳත් අනියම් පෙමත් අතර අතරමං වූ සැමියෙක් ගැන කතාවක්..

ඔහුට  ඇත්තටම මේ මොහොතේ මොනවා කරන්නද කියලා වත් හිතාගන්න බැරි වෙන්න ඇති.. 

කොහොම වුණත් සිදුවූ සෑම දෙයක්ම බිරිඳ ඉතාම සූක්ෂමව සොයාගෙන.. ලිංගික දර්ශන අන්තර්ජාලයට මුදාහරින බව පවසා කාන්තාවකගෙන් රුපියල් ලක්ෂ 50ක කප්පමක් ඉල්ලූ අඹු සැමි යුවලක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා..

අගතියට පත් කාන්තාව විසින් පොලිසියට සිදු කළ පැමිණිල්ලකට අනුව මෙම දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ..

අත්අඩංගුවට ගත් සැමියා ඇමැති ආරක්ෂක කොට්ඨාසයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයකු වන අතර ඔහුගේ බිරිඳ ද විශ්‍රාමික පොලිස් කොස්තාපල්වරියක වන බවයි මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ..

මෙම පොලිස් කොස්තාපල්වරයා විසින් කාන්තාවක සමඟ අනියම් සබඳතාවක් පවත්වාගෙන ගොස් ඇති අත‍ර අවස්ථා කිහිපයකදීම එම කාන්තාව සමඟම ලිංගිකව හැසිරී තිබෙනවා..

එසේ ලිංගිකව හැසිරෙන දර්ශන නිලධාරියා විසින් සිය ජංගම දුරකතනයෙන් වීඩියෝගත කර ඇති බවයි පොලිසිය පවසන්නේ..

කෙසේ වෙතත් අදාළ වීඩියෝ දර්ශන පොලිස් කොස්තාපල්වරයාගේ නීත්‍යානූකූල බිරිඳ වන විශ්‍රාමික පොලිස් කොස්තාපල්වරිය දැක ඇති අතර ඇය විසින් අනියම් බිරිඳ කතා කර ඒ සම්බන්ධව කතාකිරීමට අවශ්‍ය බව පවසා ඇයව හමුවීමට ගොස් තිබෙනවා..

ඇය හමුවීමෙන් පසු විශ්‍රාමික පොලිස් කොස්තාපල්වරිය ඒ වීඩියෝ ඇයට පෙන්නා එම දර්ශන අන්තර්ජාලයට මුදාහරින බවත්, එසේ නොකර සිටීමට නම් රුපියල් ලක්ෂ 50ක මුදලක් දෙන ලෙසත් පවසා තර්ජනය කළ බවයි පැමිණිලිකාර පාර්ශ්වය විසින් පොලිසිය පවසා ඇත්තේ..

ඒ අනුව 49 හැවිරිදි එම නිලධාරියා සහ ඔහුගේ බිරිය වන 47 හැවිරිදි සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ..

අදාළ සැකකරු සහ සැකකාරිය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි..