gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

විභාගය ගැන අනියත බියකින් පෙළුණ උ.පෙළ සිසුවා කටට වෙඩි තබාගෙන දිවිනසා ගනී!

රැකියාවට යන මවට වැඳ කාමරයට වී දොරගුලුලාගත් උසස් පෙළ පාසල් සිසුවකු පතොරන් තුවක්කුවකින් මුඛයට වෙඩි තබාගෙන මියගොස් ඇතැයි ගම්පොළ ඇත්ගාල පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ ගම්පොළ පාර උලපනේ පදිංචි කේ. එම්. බී. ආර්. ජී. කුලසේකර නමැති දහඅට හැවිරිදි සිසුවෙකි. ඔහු ගණිත අංශයෙන් මහනුවර කිංස්වුඩ් විද්‍යාලයේ අධ්‍යාපනය ලබමින් සිටි අයෙකි.

මොහුගේ මව ගුරුවරියක වන අතර පියා වන සංරක්ෂණ දෙපාර්තමේන්තු සේවයෙන් විශ්‍රාම ගොස් පෞද්ගලික අංශයේ රැකියාවක නිරතව සිටී. එකම සොහොයුරා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයකු වන අතර එකම සොයුරිය කුරුණෑගල ශික්ෂණ රෝහලේ පුහුණු වන වෛද්‍යවරියකි.

මෙම සිසුවා සිය කාමරයේ පුටුවක සිටිමින් මෙම වෙඩි තබාගැනීම සිදුකරගෙන ඇති අතර එයින් හිසේ පසුපසට බරපතළ හානි සිදුව තිබූ බව පොලිසිය පවසයි. පියා සතු මෙම තුවක්කුව සඟවා තිබියදී එය සොයා ගෙන මෙම වෙඩි තබා ගැනීම සිදුකර ගෙන තිබුණි.

මව සහ පියා සේවාවන් සඳහා නිවසින් පිටත්ව ගිය පසු සොහොයුරා සමග මොහු නිවසේ සිට ඇත. සොහොයුරාද සේවයට යෑමට සූදානම්ව පෙරවරු දහයට පමණ මෙම සිසුවාට කතා කිරීමට කාමරයේ දොර අරින විට සිද්ධිය දැක ඒ පිළිබඳව පොලිසිය වෙත දන්වා තිබේ.

එස්. වයි. කුලසේකර නමැති මෙම සොහොයුරා පවසන්නේ මල්ලි තනිවම කාමරයට වී පාඩම් වැඩ කරන බවයි. ගම්පොළ ජාත්‍යන්තර පාසලක ඉගෙන ගත් මෙම සිසුවා ඒ සාමාර්ථ අටක් හා බී සාමාර්ථයක් සහිතව අපොස සා.පෙළ සමත් වීමෙන් පසු උසස් පෙළ හැදෑරීම සඳහා මෙසේ මහනුවර කිංස්වුඩ් විද්‍යාලයට ගොස් තිබේ. නියමිත කාලයට වසරකට කලින් උසස් පෙළට සූදානම් වූ මොහුට විභාගය කරගැනීමට නොහැකි වෙතැයි බියක් තිබූ බවද පැවසින.

මෙම සිසුවා ඔන්ලයින් පාඩම් වැඩිපුරම කර ඇති අතර පරිගණකය හා ජංගම දුරකථනය නිතර පරිහරණය කර තිබේ.

ගම්පොළ වැඩබලන මහෙස්ත්‍රාත් නන්දනි කාන්තිලතා මහත්මිය මහෙස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වූ අතර පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ (25දා) පේරාදෙණිය ශික්ෂණ රෝහලේදී සිදු කිරීමට නියමිතව තිබුණි.

ගම්පොල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අසංක බණ්ඩාර ගුණතිලක, සහකාර පොලිස් අධිකාරී එච්. එම්. හේරත් යන මහත්වරුන්ගේ උපදෙස් මත ඇත්ගාල වැඩබලන ස්ථානාධිපති වෙලගෙදර, ස්ථානීය අපරාධ අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චම්පික විමලරත්න, පොලිස් සැරයන්වරුන් වන (2191) නිලන්ත සහ (21002) බන්දුල යන නිලධාරීහු පරීක්ෂණ පැවැත්වූහ.

ගම්පොළ – සුරංග දිල්හාන්
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka