gossip lanka

ඉන්දීය ධීවරයින් අත්අඩංගුවට ගන්න ගිය නවික හමුදා සෙබලෙකු මරුට.. ඝාතනයක්දැයි සැක

යාපනය ඩෙල්ෆ් දූපතට ආසන්න මුහුදු සීමාවේදී අනවසරයෙන් මසුන් අල්ලමින් සිටි ඉන්දීය ධීවරයින් පිරිසක් නාවික හමුදා බාරයට ගැනීමට ගිය නාවික හමුදා සෙබලෙකුට වූ අනතුරක් හේතුවෙන් එම සෙබලා අද (25)  අලුයම් කාලයේදී මිය ගොස් ඇතැයි නාවික හමුදාව පවසයි.

ඩෙල්ෆ් මුහුදු සීමාවේ රාත්‍රී මුර සංචාරයේ යෙදුනු උතුරු නවික විධානයට අයත් යත්‍රාවකට අනවසර ඉන්දීය ධීවර ට්‍රොලර් යත්‍රාව නිරීක්ෂණය වීමෙන් අනතුරුව අදාල යත්‍රාව ඇති ස්ථනයට ගොස් පරික්ෂා කිරීමේදී එහි ඉන්දීය ධීවරයින් 10 දෙනෙකු සිට ඇත.

අදාල ඉන්දීය ධීවරයින් නාවික හමුදා බාරයට ගැනීමට උත්සහ ගත් නවික සෙබලෙකු නවික යත්‍රාව සහ ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාව අතරට වැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවට දැනට තොරතුරු ලැබී ඇති අතර එහිදී බරපතල තුවාල ලැබූ නාවික සෙබලා කංකසන්තුරෙයි ධීවර ජැටියට රැගෙනවිත් නාවික සෙබලා රෝහල්ගත කිරීමට පියවර ගෙන ඇත.

ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාව නාවික හමුදා බරයට ගැනීමට යාමේදී ඉන්දීය ධීවරයින් විසින් අදාල යාත්‍රාව නාවික හමුදා යාත්‍රාවේ ගැටීමට සලස්වා සිදුකල අනතුරක්ද යන්න පිළීබඳව නාවික හමුදාව මේ වන විටත් පරික්ෂණයක් අරඹ ඇත.

කෙසෙද් වෙතත් තුවාල ලැබූ නාවික සෙබලා රෝහල්ගතකරන විටත් මිය ගොස් ඇති බවට තොරතුරු වාර්ථා වන අතර නාවික හමුදාබාරයට පත් ඉන්දීය ධීවරයින්ද යපනය ධීවර හා ජලජ සම්පත් නිලධාරී කර්යලයට භාර දීමට පියවර ගෙන තිබුණි.

– වන්නි රොමේෂ් මධුෂංක
gossip lanka