රෙජීනා ඝාතනයට තවත් 2ක් අත්අඩංගුවට !

යාපනය, සුළිපුරම් ප්‍රදේශයේදි ශිවනේශ්වරන් රෙජීනා දැරිය ඝාතනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුට අමතරව තවත් සැකකරුවන් දෙදෙනෙකු ඊයේ (29) අත්අඩංගුවට ගත් බව යාපනය වඩ්ඩුකෝඩ්ඩෙයි පොලිසිය පවසයි.

පොලිසිය පැවසූවේ ඝාතනයට ලක්වු දැරියට ඥාති සම්බන්ධය අනුව මාමාවරුන් වන වයස අවුරුදු 17 ක හා 18 ක දෙදෙනෙකු එලෙස අත්අඩංගුවට ගත් බවයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අද(30) මල්ලාකම්

හම්බන්තොටින් සොයාගත් කොළඹ සරසවියේ නේවාසිකාගාරය !

කොළඹ විශ්ව විදයාලයට අයත් කාමර 100කින් යුක්ත නේවාසිකාගාරයක් හම්බන්තොට වැලිගත්ත ප්‍රදේශයෙන් හමුව තිබේ.

මේ බව හෙළිව ඇත්තේ පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාවේ වාර්තාවෙනි.

මෙම වැලිගත්ත ප්‍රදේශයේ කොළඹ විශ්ව විද්‍යාලයේ ජෛව තාක්ෂණ පීඨය ගොඩනැගීමට යෝජිතව

තේ කෝප්පෙයි බත් පැකට් එකෙයි මිල පහළට !

ගෑස් මිල පහළ යාමට සාපේක්ෂව තේ හෝ කෑම පැකට්ටුවක මිල අඩු කිරීමට පියවර ගන්නා බව සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමය පවසයි.

එහි ජාතික සංවිධායක අසේල සම්පත් මහතා පැවසුවේ සිය සංගමය රැස්වී තේ එකක මිල රුපියල් 5 කින් හෝ කෑම පැකට්ටුවක මිල රුපියල් 10 කින් අඩු කිරිමට පියවර ගන්නා බවය.

සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති

වැඩි මිලට ගෑස් විකුණනවාදැයි සොයන්න අද මෙහෙයුමක්

පවතින ආර්ථික තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් ජනතාවට උපරිම සහන සැලසීමට ආණ්ඩුව සෑම විටම සූදානම් බව නියෝජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම පවසනවා. ලෝක වෙළද පොළේ මිළ ගණන් සැලකිල්ලට ගෙන ගෑස් මිළ ඊයේ මධ්‍යම රාති‍්‍රයේ සිට රුපියල් 138 කින් අඩු කිරීමට තීරණය

යතුරුපැදි Helmet ප්‍රමිතිය අනතුරේ

සමස්ථ ලංකා යකුරුපැදි කරුවන්ගේ සංගමය විසින් ප‍්‍රවාහන ඇමතිවරයා වෙත යොමු කරන ලද ලිපියක් මෙහි දැක්වෙයි.

යතුරුපැදි හිස්වැසුම් ප්‍රමිතිය අනතුරේ

පසුගිය 2015 වසරේ ජූලි මස 16 වනදා නිකුත් වූ අංක 1923/65 දරණ ගැසට් නිවේදනය ප්‍රකාරව ලංකාව තුල හිස්වැසුම් විකුණන අවස්ථාවේ එය ශ්‍රී ලංකා

A/L සයන්ස් ද? සරසවි ප්‍රවේශයේ වෙනසක්

රජයේ සහ පෞද්ගලික විශ්ව විද්‍යාල සඳහා වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතියක් නීතිගත කිරීමට මේ වන විට සාකච්ඡා පැවැත්වෙන බව උසස් අධ්‍යාපන හ සංස්කෘතික කටයුතු අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පවසයි.

දැනට වෛද්‍ය විද්‍යා සඳහා ඇති අවම අධ්‍යාපන සුදුසුකම සාමාන්‍ය සාමාර්ථ (S) තුනක් වන අතර ඉදිරියේදී එය සම්මාන සාමාර්ථ (C)දෙකක් සහ

සමාගම් රබර් කිරි එකතු කිරීම නවතයි

රබර් කිරි එකතු කළ සමාගම් මේ වන විට එම කටයුතු නවතා දමා ඇති බැවින් රබර් වගාවේ නිරතව සිටින රබර් වතු හිමියන් මෙන්ම ඒවායේ සේවය කරන විශාල පිරිසක් ආර්ථික දුෂ්කරතාවන්ට මුහුණ පා සිටින බව වාර්තාවේ.

මැලේසියාවේ සිට ගෙන්වා ඇති රබර් කිරි ගබඩා කර ඇති ටැංකි හිස්වන තුරු රබර් කිරි එකතු කිරීම නවතා

ඩොලරයක් රුපියල් 200 ඉක්මවීමට ඉතා ආසන්නයි..

රජය විසින් අත්සන් තබා ඇති සංගප්පුරු නිදහස් වෙලද ගිවිසුම ක‍්‍රියාත්මක කලහොත් ඉතා ඉක්මනින්ම ඇමරිකානු ඩොලරයක් රුපියල් 200 සීමාව ඉක්මවනු ඇතැයි ඒකාබද්ද විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

රජය ගෙන යන වැරදි ආර්ථික ප‍්‍රතිපත්ති හේතුවෙන් රට දිනෙන් දිනම ආර්ථික පරිහානියට ගමන් කරමින්

බැංකු වර්ජනයකට සැරසෙයි !

එළඹෙන ජූලි මාසයේ මුල් දෙසතිය තුළ දීප ව්‍යාප්ත බැංකු සේවක වර්ජනයක් දියත් කිරීමට නියමිත බව ලංකා බැංකු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රංජන් සේනානායක මහතා පවසයි.

ඒ අනුව, ලංකා බැංකුව, මහජන බැංකුව, ජාතික ඉතිරි කිරීමේ බැංකුව , ප්‍රාදේශීය සංවර්ධන බැංකුව , රාජ්‍ය උකස් හා ආයොජන බැංකුව , ලංකා පුත්‍ර බැංකුව, නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථා බැංකුව හා ශ්‍රී ලංකා ඉදිකිරීම් බැංකුව යන බැංකු අටේ කොටස් විකිණීමට

සුව ඇමති ගවයින් නිදහස් කරයි

මරණයට කැප වූ ගවයින් 50 ක් නිදහස් කිරීම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (27 දා) කළුතර බෝධිය අසළ දී සිදු කෙරිනි.

කළුතර බෝධිභාරකාර මණ්ඩලය විසින් එය සංවිධානය කර තිබුණු අතර අනුරාධපුර තන්තිරිමලේ රජමහා විහාරස්ථානයේ ගවයින් රැකබලා ගන්නා

කොළඹ ජනප්‍රිය පාසලක සිසුවෙකුට සිසුන් 40ක් එක්ව පහරදෙයි - සිසුවා රෝහලේ

සිසුන් පිරිසකගේ පහර දීමක් හේතුවෙන් කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ සාමාන්‍ය පෙළ සිසුවෙකු කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයට ඇතුලත් කර තිබෙනවා. එම පාසලේ ශිෂ්‍ය නායකයින් කිහිපදෙනෙකු ඇතුලූ සිසුන් 40 දෙනෙකු පමණ එක්ව ඊයේ පස්වරුවේ මෙම පහරදීම සිදු කර ඇති බවයි වාර්තාවන්නේ.

පහරකෑමට ලක්වූ සිසුවා හදිසි අනතුරු ඒකකයට ඇතුලත් කර ඇත්තේ රග්බි පුහුණුවීම් අතරතුර

අතුරුදන්ව සිටි කලාවැවේ දීගජන්තු සොයාගත් හැටි

කලාවැව ජාතික වනෝද්‍යානයේ සිටියදී අතුරුදන් වූ දීගදන්තු - 01 හස්තියා දින 10 කට පසුව කහල්ල - පල්ලෙකැලේ රක්ෂිතයේ කන්ද නමින් හැඳින්වෙන ප්‍රදේශයේ සිටියදී ඊයේ (28) රාත්‍රියේ සොයාගෙන තිබෙනවා.

ඒ, පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් සහ වනජීවි නිලධාරීන් එක්ව සිදුකළ විශේෂ මෙහෙයුමකින් අනතුරුවයි.

කලාවැව ජාතික වනෝද්‍යානයේ ඇතුන් ගහණයේ සිටි විශාලම ඇතා වන දීගදන්තු - 01 නැමති මෙම සත්වයාගේ වම් පාදයට වෙඩි ප්‍රහාරයක් එල්ලවීම

ඉන්ධන මිල සූත‍්‍රය අනුමතයි.. මාස තුනකට වරක් ඉන්ධන මිල සංශෝධනය කෙරේ..

ලෝක වෙලද පලේ බොරතෙල් මිල ගණන්වලට සමාන්තරව මෙරට ඛනිජ තෙල් මිල තීරණය වීම සදහා වන මිල ක‍්‍රමයක් හදුන්වාදීමට රජය කටයුතු කර ඇත.

ඒ අනුව ඒ සදහා මහා භාණ්ඩාගාරය හා ඛනිජ තෙල් අමාත්‍යාංශ නිලධාරීන්ගෙන් යුතු කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

එමගින් සෑම තුන් මසකට වරක්ම එළැඹෙන 5 වන

දසවසරකින් ගංඟා සියල්ල දූෂිතම ඒවා වීමේ අවදානමක් !

වසර 10ක් ඇතුළත මහවැලි, කැළණි හා වලවේ යන ගංඟා තුන ඇතුළුව ගංඟා 103 ම දූෂිතම ගංඟා බවට පත්වීමේ අවදානමක් ඇති බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භූගෝල විදයා දෙපාර්තමේන්තුවේ කථිකාචාර්ය ලලිතා දිසානායක මහත්මිය කියයි.

තමා ඇතුළු මහාචාර්යවරු සිදු කළ පර්යේෂණවලින් මේ තත්ත්වය හෙළිව ඇති බව ඇය කියා සිටී.

වසර 4ක කාලයක් තමන් සිදු කළ පර්යේෂණවලට

දේශපාලන පක්ෂ ලියාපදිංචිය ඇණහිටී

අලුතින් දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීමක් කළ නොහැකි තත්ත්වයක් උද්ගතවී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

දේශපාලන පක්ෂ අලුතින් ලියාපදිංචි කිරීම සඳහා අයැදුම්පත් කැඳවීමේ නිවේදනය නිකුත් කිරීම ප්‍රමාද විය හැකි බවද සභාපතිවරයා සඳහන් කළේය.

ඇල්පිටිය ප්‍රාදේශීය සභාව සඳහා භාරදී ඇති නාම

විභාගවලදී වැඩි ලකුණු ගන්නා සිසුන් ප්‍රසිද්ධ නොකරන්න - මනෝ වෛද්‍යවරු ඉල්ලති

ජාතික විභාගවලදී වැඩිම ලකුණු ගන්නා සිසුන් ප්‍රසිද්ධියට පත් කිරීමේ ක්‍රමය නතර කරන ලෙස මනෝ වෛද්‍යවරුන් පිරිසක්‌ විභාග දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා ඇත.

මෙම ඉල්ලීම කර ඇත්තේ පසුගියදා විභාග දෙපාර්තමේන්තුවේ පැවැති සාකච්ඡාවකදීය.

වැඩිම ලකුණු ලැබූ සිසුන් එලෙස ප්‍රසිද්ධියට පත් කිරීමේදී තවත් සිසුන් විශාල පිරිසක්‌ දැඩි ලෙස

හදිසි අනතුරුවලින් වසරකට 10,000ක් මරුට !

හදිසි අනතුරු නිසා දිනකට පුද්ගලයන් 23 දෙනකු පමණ මියයන බවත්, වර්ෂයකට එම ප්‍රමාණය 10,000ක් පමණ වන බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවෙන රෝග ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය තිලක් සිරිවර්ධන මහතා පැවැසීය.

මෙම අනතුරු අතුරින් මාර්ග අනතුරු නිසා වසරකට ජීවිත 3000ක් පමණ අහිමි වන අතර සෙසු අනතුරු අතුරින් වැටීම්, විසවීම්, දියේ ගිලීම්, සතුන් පහරදීම්

16 කණ්‌ඩායම අද බැසිල් හමුවෙයි

රජයෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂ 16 කණ්‌ඩායම අද (28 දා) සවස 4.00 ට හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා හමුවීමට නියමිතය.
නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පක්‌ෂ කාර්යාලයේදී

 මෙම හමුව පැවැත්වෙන බවත් එහිදී රටේ වත්මන් ආර්ථික තත්ත්වය ඇතුළු කරුණු කිහිපයක්‌ සම්බනAධයෙන් විශේෂ සාකච්ඡාවක්‌ පවත්වන

කුලී නිවාසවල ඉන්න අය ගැන මැකොගේ අවධානය

කුලී නිවාසවල ජීවත්වන ජනතාව පිළිබඳව මැතිවරණ කොමිසමේ අවධානය යොමුව තිබෙනවා.

ඡන්ද හිමි නාමලේඛනයට සිය නම ඇතුළත් කිරීම සඳහා කුලී නිවාසවල ජීවත්වන ජනතාව දිරි ගන්වන ලෙස දේශපාලන පක්ෂ නියෝජිතයින්ට දැනුම් දුන් බවයි එම කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පවසන්නේ

පොසොන් පුර පසළොස්වක පෝය දිනය අදයි

මෙරට සම්බුදු දහමින් ආලෝකමත් වූ උතුම් පොසොන් පුර පසළොස්වක පෙහොය අදයි.

ක්‍රිස්තු පූර්ව 3 වන සියවසේ ධර්මාශෝක අධිරාජ්‍යයාගේ දායාදයක් ලෙස මෙරටට බුදු දහම වැඩම කරවනු ලැබුවේ මිහිදු මහරහතන් වහන්සේ ප්‍රධාන ඉත්ථිය, උත්ථීය, සම්බල, බද්ධසාල යන මහරහතන් වහන්සේ සහ සුමණ සාමනේරයන්, භණ්ඩුක උපාසක ඇතුළු පිරිසක් විසිනි.

පාසල් නිල ඇඳුමින් සිටි හය හැවිරිදි දැරියකගේ මළ සිරුරක් ළිඳක.. සැක සහිත තුවාල..

යාපනය සුලිපුරම් ප්‍රදේශයේදී පාසල් නිල ඇඳුමින් සිටි හය හැවිරිදි  දැරියකගේ සැක සහිත මළ සිරුරක් ළිඳක තිබියදී හමු වූ බවට වඩුක්කොඩෙයි පොලීසිය කියා සිටියේය.

දැරිය පාසල් ගොස් නැවත නිවසට නොපැමිණීම පිළිබඳව පවුලේ අය විසින් සොයා බැලීමේදී නිවසට එන මාර්ගයේ නිවස ආසන්නයේ පිහිටි ළිඳක තිබී

ඤාණසාර හිමිගෙන් අද විශේෂ ප්‍රකාශයක්

තමන් වහන්සේ බන්ධනාගාරයට වැඩමකිරීමෙන් පසුව මුහුණදුන් අත්දැකීම් සම්බන්ධව සහ ඉදිරියේදී සිදුකිරීමට සැලසුම් කර ඇති විශේෂ වැඩකටයුතු සම්බන්ධව බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝඅද (26දා) දිනයේදී විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමටසූදානමින් සිටිති.

හෝමාගම අධිකරණයට වැඩම කළ අවස්ථාව,සිතාමතා බන්ධනාගාරගත වූ

ආණ්ඩුව ලෑස්ති ජනතාවට කොස් කොළ කවන්න - මහින්ද

පවතින ඉහළ එළවළු මිල දරාගැනීමට නොහැකිවීමෙන් මේ රටේ ජනතාවට ආහාරයට ගැනීමට සිදුවන්නේ කොස් කොළ සහ ක්‍රෝටන් කොළ බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

එළවළු බොහොමයක ග්‍රෑම් 250ක මිල රුපියල් 70-80 අතර මිල ගණන්වල පවතින බවත් ආණ්ඩුවේ බදු බරින් මිරිකී සිටින රටේ පොදු මහජනතාව එළවළු

තීරණාත්මක වැඩකට 16 කණ්‌ඩායම අද විමල් හමුවේ !

ආණ්‌ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ 16 කණ්‌ඩායමේ සහ ජාතික නිදහස්‌ පෙරමුණේ දේශපාලන මණ්‌ඩල සභිකයන්ගේ හමුවක්‌ අද (26 වැනිදා) ජාතික නිදහස්‌ පෙරමුණ මූලස්‌ථානයේදී පැවැත්වීමට නියමිතය.

ඒකාබද්ධ විපක්‍ෂය සමග වැඩ කටයුතු කිරීම පිළිබඳව සහ මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති ධූරයට පත් කිරීම සම්බන්ධයෙන් මෙහිදී දෙපාර්ශ්වය අතර සාකච්ඡා පැවැත්වීමට නියමිත බව එක්‌සත් ජනතා

මාතර පාතාලයන් ගිනිඅවිය කපා කොට කරලා !

මාතර නගරයේ පිහිටි ප්‍රසිද්ධ ස්වර්ණාභරණ අලෙවිසලක් කොල්ලකෑමට පැමිණි පාතාල සාමාජිකයන් සතුව තිබී සොයා ගත් මිනිඋෟෂි නමැති ස්වයංක්‍රිය ගිනිඅවියෙහි උණ්ඩ නිකුත් වන කොටස පාතාල සාමාජිකයන් විසින් කපා එහි දිග අඩු කර ඇතැයි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවැසීය.

ප්‍රභූ ආරක්ෂාව සඳහා භාවිත කරන මෙම ගිනිඅවි වර්ගය ඉලක්ක පහසුවෙන් ගැනීම සඳහා භාවිත

බොරු ලිංගික අතවර පැමිණිල්ලක් කළ කතක් හිරේට

අසල්වාසියකු විසින් බරපතළ ලිංගික අතවරයක් සිදු කළ බව කියමින් විවාහක කාන්තාවක් පොලිස් ස්ථානයට කළ පැමිණිල්ල බොරු පැමිණිල්ලක් බව ඔප්පුවීමෙන් අනතුරුව අධිකරණය හමුවේ වරද පිළිගත් කාන්තාවකට අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු කේ.පී. ශානක හර්ෂණ මහතා තරයේ අවවාද කරමින් සතියක සිර දඬුවමක් නියම කළේය.

බොරු පැමිණිල්ලක් කිරීමේ චෝදනාවට අධිකරණය

මුලතිව් හර්තාල්..

මුලතිව්හි පිහිටි ෆාමිසි සඳහා බලපත්‍ර ඉල්ලමින් (25) මුලතිව්හි පිහිටි ෆාමිසි සහ වෙළඳසැල් වසා දැමීමට මුලතිව් වෙළඳ සංගමය විසින් පියවර ගෙන තිබුණි.

දීර්ග කාලයක් තිස්සෙ මුලතිව්හි පිහිටි ෆාමිසි සඳහා මුලතිව් දිස්ත්‍රීක් ලේකම් කාර්යාලයෙන් ෆාමිසි හිමියන් ඉල්ලීමක් කර තිබුණද විසඳුමක් නොලැබීම හේතුවෙන් අද උදෑසන මුලතිව් නගරයේ පිහිටි

මහින්ද - සම්බන්ධන් සාකච්ඡා කරන්න සූදානම්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා හමු වී සාකච්ඡා කිරීමට සූදානම් වනවා.

මහින්ද රාජපක්ෂ මහතා සහ පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම්. ඒ. සුමන්තිරන් ඉකුත් සිකුරාදා පාර්ලිමේන්තුවේදී හමු වී මේ පිළිබඳ මූලික සාකච්ඡා සිදු කර තිබෙනවා. ඒ අනුව මහින්ද රාපක්ෂ මහතා හා විපක්ෂ නායකවරයා අතර සාකච්ඡාව නුදුරු දිනකදීම

පිටරටදී අසරණ වූ ලාංකිකයන්ට දුන් ගුවන් ටිකට්පතත් අහිමි වෙයි

රෝග පිඩා හා වෙනයම් හදිසි කරුණු මත රැකියා අහිමි වී යළි මව් රටට එන විදේශ රැකියා තුළ ශ්‍රී ලාංකිකයන්ට රක්ෂණ ආවරණයෙන් මෙතෙක් ගෙවූ ගුවන් ටිකට් පත සඳහා වන වියදම ගෙවීම මේ වන විට නතර වී ඇතැයි පැවසේ.

විදේශ රැකියාවක යෙදී සිටියදී හදිසි රෝගාබාධවලට හෝ අනතුරු වලට ලක්ව රැකියාව කළ නොහැකි තත්ත්වයකට පත් වන ශ්‍රමිකයන්ට විදේශ ගත වීමට පෙර කාර්යාංශයෙන් ලබා දෙන රක්ෂණාවරණය

වැරදි අයෙක් අත්අඩංගුවට ගැනීමෙන් ලක්ෂ 5 ක් ගෙවන්න වෙයි

ආනමඩුව පොලිසිය මගින් වැරදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කර රිමාන්ඩ් කිරීමේ සිද්ධියකට රජය විසින් එම පුද්ගලයා‍ට රුපියල් ලක්ෂ 5ක මුදලක් ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද(25 දා) නියෝග කළේය.

විජිත ආබෘෘ , ප්‍රියන්ත ජයවර්ධන, හා නලින් පෙරේරා යන ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල විසින් මෙම තීන්දුව ලබා දුන්හ. මීට අමතරව අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගත් ආනමඩුව පොලිසියේ පොලිස්

පවුලෙ වියදම් නිසා වැටුප දෙන්න බෑ- රෝහිත

ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් සිය වැටුප පරිත්‍යාග කර නොමිලේ කන විදිය පැවසුවහොත් තමන් එම ක්‍රමය අනුගමනය කිරීමට සූදානම් බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.

අද (25 දා) බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී රෝහිත අබේගුණවර්ධන

ගෝඨාගේ ප්‍රකාශයට පැය දෙක හමාරයි (update)

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත ප්‍රකාශයක් ලබාදීමෙන් පසු පිටව ගොස් තිබේ.

ගෝඨාභය රාජපක්ෂ මහතා අද(25) පෙරවරු 09.00ට පමණ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පැමිණියේය.

ඩී.ඒ රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරයේ ඉදිකිරීම් සම්බන්ධයෙන් සිදු කෙරන විමර්ශනවලට

වන අලියෙක්ට අදත් ජීවිතයක් බිලිවෙයි

ගල්ගමුව - රැස්වෙහෙර ප්‍රදේශයේදී වන අලියෙකු පහරදීමෙන් අද අලුයම 55 හැවිරිදි කාන්තාවක් ජීවිතක්ෂයට පත්විය.

ගල්ගමුව - පොතානේගම ප්‍රදේශයේ ඥාතියෙකුගේ නිවසේ සිට නැවත පැමිණෙමින් සිටියදී ඇය මෙම වන අලි ප්‍රහාරයට ලක්ව තිබේ.

පසුගිය දින කිහිපය තුළ වන අලි පහරදීම්වලින්

කුසගින්න පිරවීමේ ආහාර ප්‍රමාණයේ අඩුවීමක් !

මෙරට ජනයාගේ කුසගින්න පිරවීමේ ආහාර ප්‍රමාණය වේගයෙන් පහත වැටෙමින් තිබෙන බව මහ බැංකු වාර්තාවලින් හෙළිව තිබේ.

සහල්, තිරිඟු පිටි සහ ඉරිඟු මූලික කරගෙන තිබෙන කුසගින්න නිවාගන්නා ආහාර වලින් එක් පුද්ගලයකු වසරකට ලබාගන්නා ප්‍රමාණය 2017 වසරේදී පෙර වසරට සාපෙක්ෂව විශාල වශයෙන් පහල වැටී ඇත.

වසර 2016 දී කිලෝ ග්‍රෑම් 207ක් වූ එය 2017 දී

රාජකීය ලැප්ටොප් හොරු කල්ලියක්

නිවෙස්වල පුද්ගලයන් සිටියදීම සූක්ෂ්ම ලෙස නිවාසවලට ඇතුල් වී ලැප්ටොප් පරිගණක හා ස්වර්ණාභරණ සොරකම් කරන හොරකල්ලියක් අත්අඩංගුවට ගත් බව බදුල්ල පොලිසිය පවසයි.

බදුල්ල ගල්කන්ද ප්‍රදේශයේ පදිංචි අවුරුදු 17,21.සහ 24 යන වයස් කාණ්ඩවලට අයත් මොවුන් කාලයක් තිස්සේ මෙම සොකරම්වල නියැලි ඇති බවත් මෙම භාණ්ඩ විකුනා ලබාගන්නා මුදල් හෙරොයින් සඳහා

රත්මලානේ වෙඩි තැබීමක්

රත්මලාන ප්‍රදේශයේ දී අද (25) උදෑසන 7.20ට පමණ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

නිවසක සිදුව ඇති මෙම වෙඩි තැබීමෙන් යුද හමුදා කෝප්‍රල්වරයෙකු තුවාල ලබා කලුබෝවිල රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වෙන්නේ. ඔහුගේ අතකට වෙඩි වැදීම සිදුව තිබෙන බවත් සඳහන්.

ත්‍රීරෝද රථයකින් සහ යතුරුපැදියකින් පැමිණ මෙම

චන්දිගේ අඩුව දැනෙයි, ශ්‍රී ලංකා පිතිකරනය නැවතත් අසාර්ථකයි - සියලු වගකීම් වේග පන්දු බළඇණියට!

සංචාරක ශ්‍ර්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන තෙවන ටෙස්ට් තරගය මේ වනවිට පැවැත්වෙනවා.

දෙවන දිනය සදහා ඊයේ (24) තරගය නතර කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු පහක් දැවී ලකුණු 99ක් ලබා ගෙන සිටියා. නොදැවී පන්දුවට පහර දෙන රොෂේන් සිල්වා ලකුණු

මාතර සිද්ධියෙන් පසු නව ගිනි අවි බලපත්‍ර නිකුත් කිරිම රජය අත්හිටුවයි

පසුගියදා මාතර ඇතිවූ සිද්ධියට සමගාමීව පාතාල ක්‍රියාකාරකම් ඉහළ යාම හේතුවෙන් ගිනි අවි බලපත්‍ර නිකුත් කිරිම අත්හිටුවීමට රජය තීරණය කර ඇති බව

ආරක්ෂක අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේය.


 ඒ අනුව කිසිදු ගිනි අවියක් සදහා රජය නව බලපත්‍ර ලබා නොදේ.
දැනට ගිනි අවි බලපත්‍රලාභී අයට ඉදිරියටත් එම අවි

ගෝඨාභය අද FCID යට…

හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ප්‍රකාශයක් ලබාදීම සදහා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට අද (25දා) පෙරවරු 9.00ට පැමිණීමට නියමිතව ඇත.

තංගල්ල, වීරකැටිය, ඩී. ඒ. රාජපක්‍ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීම සඳහා රජයේ මුදල් අවභාවිත කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සිදු වන විමර්ශනවලට අදාළව ප්‍රකාශයක් ලබාදීම සදහා ගෝඨාභය රාජපක්‍ෂ මහතා මෙලෙස විමර්ශන

වාහන ආනයනයට තවත් අනුමැතියක් ඕන වෙයි !

වාහන ආනයනයේදී මෝටර් රථවාහන දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලබා ගැනීම අනිවාර්ය කර ඇතැයි ප්‍රවාහන අමාත්‍යංශයේ ලේකම් ජී.එස්. විතානගේ පවසයි.

ලේකම්වරයා sundaytimes.lk වෙත පවසා ඇත්තේ, අදාළ වාහන මෙරටට ගෙන්වීමට පෙර ආනයනකරුවන් ඒවායේ පිරිවිතර දෙපාර්තමේන්තුවට දැනුම් දිය යුතු බවයි.

මේ සම්බන්ධයෙන් වන රෙගුලාසි ඇතුලත් ගැසට් නිවේදනය නොබෝ දිනෙකින් ප්‍රකාශයට පත් කරන බව ඔහු කියා සිටී.

කොටියා මැරූ පිරිසෙන් දෙදෙනෙක් කොටු වෙයි

කිලිනොච්චියේදී කොටියෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කිලිනොච්චිය අම්බාල්කුලම් ප‍්‍රදේශයේ දී කොටියෙකු මරා දැමූ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් 3ක් පත්කර තිබෙනවා. වීඩියෝ දර්ශනද නිරීක්ෂණයක කරමින් සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙසයි කිලිනොච්චි අධිකරණය පොලීසියට ඉකුත් 22 වැනිදා නියෝග කළේ.

සුරංග ලක්මාල් ගැන මහින්දගෙන් ට්විටර් සටහනක්

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව බාබඩෝස්හි පැවැත්වෙන තෙවන ටෙස්ට් කි‍්‍රකට් තරගයේදී ශී‍්‍ර ලංකා කණ්ඩායමට නායකත්වය දෙන සුරංග ලක්මාල් හට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සුභ පැතුම් එක් කර තිබෙනවා.

සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් හිටපු ජනාධිපතිවරයා පවසන්නේ සුරංග ලක්මාල් යනු හම්බන්තොටින් බිහිවූ කි‍්‍රකට් කී‍්‍රඩකයෙකු බවයි.

ඔහු ශී‍්‍ර ලංකාවට කීර්තියක් රැගෙන ආ බවත්, ඉදිරි කි‍්‍රඩා කටයුතු සාර්ථක කර ගැනීමට තමන් ඔහුට ආශිර්වාද කරන බවයි හිටපු ජනාධිපතිවරයා සිය ට්විටර් පණිවුඩයෙන් දක්වා ඇත්තේ.

විශේෂ හෙළිදරවුවකට මං සූදානම් - ඥාණසාර හිමි

එන අගහරුවාදා දිනයේ තමන් වහන්සේ විසින් විශේෂ හෙළිදරවු කිරීමක් සිදු කිරීමට අදහස් කරන බව බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියෝ පවසති.

තමන් වහන්සේ දින අටක කාලයක් වැලිකඩ බන්ධනාගාරටේ සිටියේ සංග නීතියත් රාජ නීතියත් දෙකම බේරාගෙන බවද උන් වහන්සේ පැවසුහ.

ගම්පෙරළියට රුපියල් බිලියන 64 ක් !

මේ වසර සඳහා ගම්පෙරළිය වැඩසටහන වෙනුවෙන් රුපියල් බිලියන 64 ක් වෙන්කරලා තියෙන බවත් මෙතුළින් සෑම ප්‍රදේශීය ලේකම් කොට්ඨාශයකටම රුපියල් මිලියන 200 ක් නිශ්චිත කාර්යයන් සඳහා ලබාදෙන බවත් මුදල් හා මාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ 22 වෙනි දින පැවති “එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ව්‍යසායක පාරාදීසය” එළිදැක්වීමේ උත්සවයේ දී ඇමතිවරයා එබව කියා සිටියේය.

වැඩක් නැතිව සේවයට ගත් 7,800ක් රාජ්‍ය සේවයේ !

රාජ්‍ය ආයතන ගණනාවක එම ආයතනය සඳහා අනුමත කාර්ය මණ්ඩලයට අමතරව 7,840ක පිරිසක් නියමිත කාර්යක් නොමැතිව විවිධ කාර්යවල නිරතවන බවට තොරතුරු වාර්තා වේ.

2017 වර්ෂය අවසාන වන විට පළාත් සභා හා පළාත් පාලන ආයතන, අමාතයංශ, දෙපාර්තමේන්තු, රාජ්‍ය බැංකු ආදී ඇයතනවල සේවයේ නියුතු සමස්ත රාජ්‍ය සේවක සංඛයාව 1,375,499 ක් බව හෙළිව ඇත.

ඉහත පිරිස අනුමත කාර්යමණ්ඩලවලට පරිබාහිරව

මැදපෙරදිගට දෙන පාස්පෝට් වෙනස් කර සියලු රටවලට ලබා දීලා

ආගමන විගමන දෙපාර්තමේන්තුව  සියලුම රටවල් සඳහා නිකුත් කරනු ලබන විදේශීය ගමන් බලපත්‍ර තොග අවසන් වීම හේතුවෙන් මැද පෙරදිග රටවල් සඳහා නිකුත් කෙරෙන විදේශ ගමන් බලපත්‍රය වෙනස් කර සියලුම රටවල් සඳහා නිකුත් කෙරෙන බවට එම ගමන් බලපත්‍රලාභීහු චෝදනා කරති.

මෙම ගමන් බලපත්‍රවල මැද පෙරදිග රටවල් සඳහන් වන ස්ථානයේ පහළින් සියලුම රටවල් යන්න රතුපාටින් පසුව මුද්‍රණය කර ඇතැයි ද මේවායේ

රක්ෂණ වන්දි ගන්න නම් වාහන හිමියන් ඉදිරියේදී අනිවාර්යයෙන් කළ යුතු කටයුත්තක් ගැන රථවාහන මූලස්ථානය දැනුම් දෙයි

රථවාහන අනතුරක දී රක්ෂණ වන්දි ලබා ගැනීම සඳහා මින් ඉදිරියට අනතුර සම්බන්ධයෙන් පොලිසිය දැනුවත් කර පොලිස් වාර්තා ඉදිරිපත් කළ යුතු බව රථ වාහන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ අධ්‍යක්ෂ පොලිස් අධීකාරි ඉන්දික හපුගොඩ පැවසුවා.

2018 අංක 18 දරන පනත යටතේ ඉදිරියේ දී මේ අනුව ක්‍රියාත්මක විය යුතු බවයි ඔහු පෙන්වා දුන්නේ.

අනතුරු සිදුවූ තැනදීම රක්ෂණ සමාගමේ

කොළඹ කාර් රේස් පදී.. දැඩි වාහන තදබදයක්..

කොළඹ ගාළු පාර හා තදාසන්න මාර්ගවල අද පෙරවරුවේ දැඩි වාහන තදබදයක් ඇති විය.

ගාළු පාරට සමාන්තරව දිවෙන වෙරල මාර්ගයේ (Marine Drive) පැවැත්වෙන මෝටර් රථ තරගයක් හේතුවෙන් එම මාර්ගය වසා දැමීම නිසා මෙම තදබදය ඇතිව තිබූ බව වාර්තා වෙයි.

කොල්ලූපිටිටේ සිට දෙහිවල ප‍්‍රදේශය දක්වාම දැඩි

'ශ්‍රීලනිප‍යේ කිසිවකුට මිලිටරි පාලනයකට එකඟ වෙන්න බෑ'

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්ති ආදර්ශය වන්නේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදය බැවින් එම පක්ෂයෙන් අත්පොත් තැබූ අයට මිලිටරි පාලනයකට කිසිසේත් එකඟ විය නොහැකි බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ පෙරමුණේ සභාපති ශාන්ත බණ්ඩාර මහතා පවසයි.

එසේම, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිසියම් කෙනකුට ඒකාධිපති

මාතර හෙල්ලූ සිද්ධියේ CCTV වීඩියෝව

මාතර නගරයේ ස්වර්ණාභරන අලෙවි සැළක් කොල්ල කෑමට පැමිණි කොල්ලකරුවන් සහ පොලිස් නිළධාරීන් අතර ඊයේ සිදු වූ වෙඩි හුවමාරුවේ දී පොලිස් නිලධාරියෙකු මරණයට පත් වී තවත් නිලධාරීන් දෙදෙනෙකු සහ සිවිල් වැසියන් දෙදෙනෙකු තුවාල ලැබුවා.


පසුව ප්‍රදේශයේ සිදු කළ පුළුල් මෙහෙයුමක දී මෙම