අලුතින් දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීමක් කළ නොහැකි තත්ත්වයක් උද්ගතවී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.
දේශපාලන පක්ෂ අලුතින් ලියාපදිංචි කිරීම සඳහා අයැදුම්පත් කැඳවීමේ නිවේදනය නිකුත් කිරීම ප්‍රමාද විය හැකි බවද සභාපතිවරයා සඳහන් කළේය.
ඇල්පිටිය ප්‍රාදේශීය සභාව සඳහා භාරදී ඇති නාම
යෝජනා පත්‍රය සම්බන්ධයෙන් අධිකරණය හමුවේ නඩුවක් විභාග වෙමින් පැවැතීම මෙම තත්ත්වය ඇති වීමට හේතුවී ඇති අතර මීට ඉහතදී පුදුකුඩිඉරිප්පු සහ මුහුදුබඩපත්තු ප්‍රාදේශීය සභා සඳහා ලබා දුන් නාම යෝජනා සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියා මාර්ගයක් පැවැතීම නිසා වසර කිහිපයක් තිස්සේ අලුතින් දේශපාලන පක්ෂ ලියාපදිංචිය ඇනහිට තිබිණි.
මේ වන විට දේශපාලන පක්ෂ 70ක් මැතිවරණ කොමිෂන් සභාව විසින් පිළිගෙන තිබේ.
දේශපාලන පක්ෂ ලියාපදිංචිය ඇණහිටී
2018-06-28T13:34:00+05:30
Gossip Lanka Hot News
slide|