gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

රෙජීනා ඝාතනයට තවත් 2ක් අත්අඩංගුවට !

යාපනය, සුළිපුරම් ප්‍රදේශයේදි ශිවනේශ්වරන් රෙජීනා දැරිය ඝාතනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුට අමතරව තවත් සැකකරුවන් දෙදෙනෙකු ඊයේ (29) අත්අඩංගුවට ගත් බව යාපනය වඩ්ඩුකෝඩ්ඩෙයි පොලිසිය පවසයි.

පොලිසිය පැවසූවේ ඝාතනයට ලක්වු දැරියට ඥාති සම්බන්ධය අනුව මාමාවරුන් වන වයස අවුරුදු 17 ක හා 18 ක දෙදෙනෙකු එලෙස අත්අඩංගුවට ගත් බවයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අද(30) මල්ලාකම්
මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවද පොලිසිය පැවසීය.

දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් පළමුව අත්අඩංගුවට ගත් 22 හැවිරිදි දැරියගේ බාප්පා වන කෙනෙකු එළැඹෙන 11 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට යාපනය මල්ලාකම් මහේස්ත්‍රාත් අධිකරණය 27 වැනිදා නියෝග කළ බව යාපනය වඩ්ඩුකෝඩ්ඩෙයි පොලිසිය පවසයි.

ඝාතනයට ලක්වු දැරියගේ අවසන් කටයුතු දෙමාපියන්, ගම්වාසීන්ගේ සෝ සුසුම් මැද 26 වැනිදා සවස යාපනය සුළිපුරම් තිරුවෙඩි‍නිලෙයි සුසාන භූමියේදී සිදුකරනු ලැබීය.

දැරියගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය යාපනය රෝහල් මෘත ශරීරාගාරයේදී පැවැත්වු අතර, දැරියගේ ගෙල සිරකොට ඝාතනය කොට ඇති බව එහිදි අනාවරණය වු වඩ්ඩුකෝඩ්ඩෙයි පොලිසිය පැවසීය.

පාසල් නිළ ඇඳුමකින් සැරසි සිටි පාසල් දැරියකගේ මළ සිරුරක් යාපනය සුළිපුරම් ප්‍රදේශයේ ළිඳක තිබි 25 වැනිදා සවස සොයා ගැණින.
පොලිසිය පැවසූවේ දැරිය 25 වැනිදා පාසල් ගොස් නැවත නි‍වස වෙත නොපැමිණ ඇති අතර, දැරිය නිවසට නොපැමිණිම සම්බන්ධයෙන් සොයා බැලීමේදී දැරියගේ මළ සිරුර නිවස ආසන්නයේ ළිඳක තිබි සොයාගත් බවයි.

පොලිසිය පැවසූවේ කාට්ටුපුලම් රජයේ දෙමළ මිශ්‍ර පාසලේ පළමු ශ්‍රේණියේ අධ්‍යාපනය ලද රෙජීනා දැරියගේ සිරුරක් එලෙස සොයාගත් බවයි.
සිරුර 25 වැනිදා සවස ළිදෙන් ගොඩගෙන යාපනය රෝහල යොමු කොට තිබු අතර, එහිදි දැරියගේ මරණය ගෙල සිරකිරීමෙන් සිදුව ඇති බවට අනාවරණය වි ඇති බවද පොලිසිය සදහන් කළේය.

දැරියගේ මළ සිරුරේ ගෙල ප්‍රදේශයේ තුවාල කැළල් තිබු අතර, ‍අදාළ තුවාල පරීක්ෂා කිරීමේදී දැරියගේ ගෙල සිරකොට මරා දමා ඇති බවට තහවුරු වි ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් සොයා වඩ්ඩුකොඩ්ඩෙයි පොලිසිය වැඩිදුර පරීක්ෂණ ‍මෙහෙයවයි.

මාධව කුලසූරිය - වවුනියාව වාර්තාකරු


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka