gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

හම්බන්තොටින් සොයාගත් කොළඹ සරසවියේ නේවාසිකාගාරය !

කොළඹ විශ්ව විදයාලයට අයත් කාමර 100කින් යුක්ත නේවාසිකාගාරයක් හම්බන්තොට වැලිගත්ත ප්‍රදේශයෙන් හමුව තිබේ.

මේ බව හෙළිව ඇත්තේ පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාවේ වාර්තාවෙනි.

මෙම වැලිගත්ත ප්‍රදේශයේ කොළඹ විශ්ව විද්‍යාලයේ ජෛව තාක්ෂණ පීඨය ගොඩනැගීමට යෝජිතව
තිබුණද එම පීඨය ගොඩනැගීමට පෙර රුපියල් මිලියන 219ක් වැය කරමින් මෙම නේවාසිකාගාරය ඉදිකිරීම ඉදිකර ඇති බවද පැවසේ.

කාමර 100කින් යුත් මේ නේවාසිකාගාරයේ ඉදිකිරීම් 2013 වර්ෂයේදී ආරම්භ කර ඇති අතර පසුව මෙහි ස්ථාපිත කිරීමට යෝජිත කොළඹ විශ්ව විද්‍යාලයට අනුබද්ධිත ජෛව තාක්ෂණ පීඨය ස්ථාපිත නොකිරිමට තීරණය කිරීමත් සමඟ මෙම නේවාසිකාගාරය ඵලදායි ලෙස ප්‍රයෝජනයට ගත නොහැකි සුදු අලියෙක් බවට පත්වී ඇත.

ජෛව තාක්ෂණ පිඨයක් ස්ථාපිත කිරීමට පෙර නේවාසිකාගාරයක් ඉදිකිරීම බරපතල ගැටළුවක් බව රාජ්‍ය ගිණුම් පිළිබද කාරක සභාවේ නිර්දේශවල සටහන්ව තිබේ.

මේ ඉදිකිරීම පිටුපස එවකට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂමේ සභාපතිනිය වු ෂණිකා හිරුකුඹුරේගම මහත්මිය හා ඇගේ සැමියා වු කොළඹ විශ්ව විද්‍යාලයේ උපකුලපති කුමාර් හිරුකුඹුරේගම මහතා ඇති බවට චෝදනා එල්ලවී තිබේ.

ඔවුන් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ඉතා කිට්ටුවෙන් කටයුතු කළ අය වෙති.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka