gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

වැරදි අයෙක් අත්අඩංගුවට ගැනීමෙන් ලක්ෂ 5 ක් ගෙවන්න වෙයි

ආනමඩුව පොලිසිය මගින් වැරදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කර රිමාන්ඩ් කිරීමේ සිද්ධියකට රජය විසින් එම පුද්ගලයා‍ට රුපියල් ලක්ෂ 5ක මුදලක් ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද(25 දා) නියෝග කළේය.

විජිත ආබෘෘ , ප්‍රියන්ත ජයවර්ධන, හා නලින් පෙරේරා යන ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල විසින් මෙම තීන්දුව ලබා දුන්හ. මීට අමතරව අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගත් ආනමඩුව පොලිසියේ පොලිස්
කොස්තාපල් ප්‍රේමරත්න යන අයට රුපියල් 25,000 ක දඩයක්ද එහි ස්ථානාධිපති ලෙස කටයුතු කළ උපුල් ප්‍රේමලාල්ට රුපියල් 50,000 ක දඩයක්ද ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල නියම කළේය.

ආනමඩුව පොලිසිය විසින් වරෙන්තුකරුවකු ලෙස හඳුන්වමින් අදාළ පුද්ගලයා ආණමඬුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව තුන් මසක කාලයකට ඔහුව රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

අදාළ පුද්ගලයා මී මැස්මොර රෝගයෙන් පෙලෙන්නෙකු වේ. ඔහු 2011 වසරේ ජනවාරි 19 වැනි දින බන්ධනාගාර ගත කර ඇති අතර ඉන්පසුව එම අයගේ සහෝදරයා මොහු නිවැරදිකරු බවත් අත්අඩංගුවට ගෙන ඇත්තේ වැරදි පුද්ගලයෙකු බවත් පොලිසියට ඒත්තුගන්වා ඇත. පසුව පොලිසිය මෝසමක් ඉදිරිපත් කර 2011 අප්‍රේල් 5 වැනි දා මොහුව නිදහස ලබාදී තිබේ.

නීතීඥ උපුල් කුමාරප්පෙරුම , ශානක පෙරේරා යන මහත්වරුන් පැමිණිලිකරු වෙනුවෙන් පෙනී සිටි අතර නීතිපතිවරයා වෙනුවෙන් නීතිඥ චාරුකා හෙට්ටිගේ මහත්මිය පෙනී සිටියාය.




gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka