gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පවුලෙ වියදම් නිසා වැටුප දෙන්න බෑ- රෝහිත

ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් සිය වැටුප පරිත්‍යාග කර නොමිලේ කන විදිය පැවසුවහොත් තමන් එම ක්‍රමය අනුගමනය කිරීමට සූදානම් බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.

අද (25 දා) බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී රෝහිත අබේගුණවර්ධන
මහතා මේ බව පැවසීය.

පවුලේ වියදම් දැරීමට තිබෙන බැවින් තමාට මන්ත්‍රී වැටුප පරිත්‍යාග කිරීමට නොහැකි බවත්, ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් පවසන ආකාරයට නොමිලේ කන ආකාරය තමන්ට සිතාගත නොහැකි බවද ඒ මහතා එහිදී සඳහන් කළේය.

,පසුගිය රජය විසින් විශාල අමාත්‍ය මණ්ඩලයක් පවත්වාගෙන ගිය බැවින් 2015දී ජනතාව ඊට ප්‍රතිචාර දැක්වූ බව පවසන හෙතෙම ඇමතිවරුන්ගේ 30 දෙනෙකුගේ අමාත්‍ය මණ්ඩලයක් පවත්වාගෙන යන බව පවසමින් වත්මන් ආණ්ඩුව බලයට පැමිණියද මේ වනවිට කැබිනට් ඇමතිවරුන් 41ක්, රාජ්‍ය ඇමතිවරුන් 22ක්, නියෝජ්‍ය ඇමතිවරුන් 23ක් වශයෙන් ඇමතිවරුන් 86 දෙනෙකු සිටින බවද පවසා සිටියේය.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka