gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

'ශ්‍රීලනිප‍යේ කිසිවකුට මිලිටරි පාලනයකට එකඟ වෙන්න බෑ'

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්ති ආදර්ශය වන්නේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදය බැවින් එම පක්ෂයෙන් අත්පොත් තැබූ අයට මිලිටරි පාලනයකට කිසිසේත් එකඟ විය නොහැකි බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ පෙරමුණේ සභාපති ශාන්ත බණ්ඩාර මහතා පවසයි.

එසේම, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිසියම් කෙනකුට ඒකාධිපති
පාලනයක් හෝ මිලිටරි පාලනයක් මේ රටට සුදුසුයි කියා යෝජනා ඉදිරිපත් කිරීමට තබා එවැනි යෝජනා ඉදිරිපත් කරන තැනක සිටීමටවත් සුදුසු නොවන බව ද ඒ මහතා සඳහන් කරයි.

ඒ මහතා මේ බව පැවැසුවේ ශ්‍රී ලංකා නිදහස් තරුණ පෙරමුණ එම පක්ෂ මූලස්ථානයේ ඊයේ (22) පැවැත් වූ මාධ්‍ය හමුවේ දී ය.

අපේ ප්‍රතිපත්තිය සමාජ ප්‍රජාතන්ත්‍රවාදයයි:

එහි දී වැඩිදුරටත් අදහස් දැක් වූ ශ්‍රී ලංකා නිදහස් තරුණ පෙරෙමුණේ සභාපති ශාන්ත බණ්ඩාර මහතා මෙසේද සඳහන් කළේය.

ප්‍රජාතන්ත්‍රවාදීව අද අපි මාධ්‍යයට අවශ්‍ය නිදහස ලබා දීලා තිබෙනවා. ඕනෑම කෙනකුට කතාබහ කරන්න, නිදහසේ අදහස් ප්‍රකාශ කරන්න, තමන් කැමති දේශපාලනයක් වෙනුවෙන් පෙනී සිටින්න අවශ්‍ය නිදහස උතුරේ සිට දකුණට සියලු ගම් දනව් හරහා ව්‍යාප්ත කරන්න ජනාධිපතිවරයාට හැකියාව ලැබී තිබෙනවා.

එසේ වුවත්, මේ ප්‍රතිපත්තිය මත ක්‍රියාත්මක වීම වෙනුවට මේ රටට අවශ්‍ය මිලිටරි පාලනයක්, මේ රටට අවශ්‍ය ඒකාධිපති පාලනයක් කියන තැනට මේ සමාජය ගෙන එන්න පිරිසක් උත්සාහ දරනවා. ඒක අපි පැහැදිලිවම පිළිකුලින් යුතුව හෙළා දකින්න ඕනෑ.

මෙත්තා, කරුණා, උපෙක්ඛා කියන සංකල්පය මත අපේ රට ඉදිරියට ගමන් කරනවා දැකීම තමයි අපේ ප්‍රාර්ථනය වන්නේ. ජනාධිපතිවරයා හැම විටම පෙනී සිටින්නේ සාධාරණ සමාජයක් වෙනුවෙන්.

ඒ නිසයි අපි මිලිටරිවාදී, ඒකාධිපතිවාදය පැහැදිලිවම ප්‍රතික්ෂේප කරන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අය වගේම, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අත්පොත් තැබූ අය කොහොමද ඒකාධිපතීත්වයට හෝ මිලිටරි පාලනයකට එකඟ වෙන්නේ?

එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා එදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරම්භ කළ යුගයේ පටන් එහි ප්‍රතිපත්ති ආදර්ශය වන්නේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදයයි.

සමාජ ප්‍රජාතන්ත්‍රවාදය යටතේ ඕනෑම කෙනකුට නිදහසේ දේශපාලනය කරන්න පුළුවන්, ඕනෑ කෙනකුට අදහස් ප්‍රකාශ කරන්න පුළුවන්, ඕනැම කෙනකුට ඕනෑම ආගමක් අදහන්න පුළුවන්.

මේ විදිහට ගොඩනැඟුණු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිසියම් කෙනකුට ඒකාධිපති පාලනයකට හෝ මිලිටරි පාලනයක් මේ රටට සුදුසුයි කියලා යෝජනා ඉදිරිපත් කරන්න හෝ එවැනි යෝජනා ඉදිරිපත් කරන තැනකවත් ඉන්න සුදුසු නෑ කියන එකයි අපේ මතය.

මේ රටේ ජනතාවගේ බලාපොරොත්තුව ප්‍රජාතන්ත්‍රවාදය හා නිදහසයි. මිලිටරි පාලනයක මැතිවරණ නෑ, තමන් කැමති දේශපාලනයක් කරන්න බෑ, නිදහසේ අදහස් ප්‍රකාශ කරන්න බෑ.

ඒ නිසා ඒකාධිපති පාලනයක් ගෙන එන්න කවුරු හරි උත්සාහ දරනවා නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ පෙරමුණ විරෝධතාව පළ කරනවා.




gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka