gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

වාහන ආනයනයට තවත් අනුමැතියක් ඕන වෙයි !

වාහන ආනයනයේදී මෝටර් රථවාහන දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලබා ගැනීම අනිවාර්ය කර ඇතැයි ප්‍රවාහන අමාත්‍යංශයේ ලේකම් ජී.එස්. විතානගේ පවසයි.

ලේකම්වරයා sundaytimes.lk වෙත පවසා ඇත්තේ, අදාළ වාහන මෙරටට ගෙන්වීමට පෙර ආනයනකරුවන් ඒවායේ පිරිවිතර දෙපාර්තමේන්තුවට දැනුම් දිය යුතු බවයි.

මේ සම්බන්ධයෙන් වන රෙගුලාසි ඇතුලත් ගැසට් නිවේදනය නොබෝ දිනෙකින් ප්‍රකාශයට පත් කරන බව ඔහු කියා සිටී.

මෙම රෙගුලාසිවලට පිටස්තරව ගෙන්වන වාහන ලියාපදිංචි කිරීම සිදු නොකරන බව ලේකම්වරයා පවසයි.

මේ අතර, වාහන ලියාපදිංචිය අන්තර්ජාලය ඔස්සේ සිදු කිරීම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය රු. මිලියන 700ක වියදමකින් දැන් සිදු කෙරේ.

දෙපාර්තමේන්තුවේ තොරතුරු තාක්ෂණ කොමසාරිස් තුසර සුරවීර පවසන්නේ, ආනයනකරුවන් ඔවුන්ගේ ඇගිලි සළකුණු සහ ගෙන්වන වාහනවල ජායාරූප සහිත ආකෘතියක් ඉදිරිපත් කළ යුතු බවයි.

එක් එක් වාහනය වෙනුවෙන් සහතිකයක් නිකුත් කෙරෙන අතර, ලබා දෙන ස්ටිකරයක් වාහනයේ ඇලවීම මගින් එය රේගුවේදී පහසුවෙන් නිදහස් කර ගැනීමට හැකි වේ.

වාහන කොටස් වශයෙන් මෙරටට ගෙන්වා නීතිවිරෝධීව එකලස් කිරීම වැලැක්වීමට මෙම ක්‍රමය උපකාරී වනු ඇති බව කොමසාරිස්වරයා කියා සිටී.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka