gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ගෝඨාභය අද FCID යට…

හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ප්‍රකාශයක් ලබාදීම සදහා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට අද (25දා) පෙරවරු 9.00ට පැමිණීමට නියමිතව ඇත.

තංගල්ල, වීරකැටිය, ඩී. ඒ. රාජපක්‍ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීම සඳහා රජයේ මුදල් අවභාවිත කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සිදු වන විමර්ශනවලට අදාළව ප්‍රකාශයක් ලබාදීම සදහා ගෝඨාභය රාජපක්‍ෂ මහතා මෙලෙස විමර්ශන
කොට්ඨාසය වෙත පැමිණීමට නියමිතය.

මෙම සිද්ධිය මුල්කර ගනිමින් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය පිහිටි ප්‍රදේශයේ විශේෂ පොලිස් ආරක්‍ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමටද පොලිස් මූලස්ථානය කටයුතු යොදා තිබේ.

මීට අදාළව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ පෙනී සිට ප්‍රකාශයක් ලබා දීමට සහ කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයෙන් සිතාසියක් ලද විටක අධිකරණය හමුවේ පෙනී සිටීමට හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඉකුත් 14 වැනිදා අභියාචනාධිකරණයේදී එකඟ වී තිබිණි.

මෙම සිද්ධියට අදාළව ඔහුට එරෙහිව පොදු දේපළ පනත යටතේ නීතිමය පියවර ගැනීම සහ ඔහුව අත්අඩංගුවට ගැනීම වළකාලමින් අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක්ද නිකුත් කර තිබේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka