gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

චන්දිගේ අඩුව දැනෙයි, ශ්‍රී ලංකා පිතිකරනය නැවතත් අසාර්ථකයි - සියලු වගකීම් වේග පන්දු බළඇණියට!

සංචාරක ශ්‍ර්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන තෙවන ටෙස්ට් තරගය මේ වනවිට පැවැත්වෙනවා.

දෙවන දිනය සදහා ඊයේ (24) තරගය නතර කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු පහක් දැවී ලකුණු 99ක් ලබා ගෙන සිටියා. නොදැවී පන්දුවට පහර දෙන රොෂේන් සිල්වා ලකුණු
3ක්ද නිරෝෂන් දික්වැල්ල ලකුණු 13ක්ද ලබා කඩුල්ලේ රැඳි සිටිනවා.

නැවතත් අසාර්ථක වූ ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු යුගලයෙන් කුසල් ජනිත් පෙරේරා ලකුණු නොලබා දැවී ගියා. මහේල උඩවත්ත ලකුණු 4යි. ටෙස්ට් ක්‍රිඩාවට විශේෂඥ ආරම්භක පිතිකරුවන් ශ්‍රී ලංකාවේ සිටියදී මෙවැනි ආරම්භක පිතිකරුවන් යොදා ගැනීම ශ්‍රී ලංකා තේරීම් කමිටුවේ දුර්වල තීරණයක් බවට විචාරකයන් අදහස් දක්වා තිබුනා.

ධණංජය ද සිල්වා ලකුණු 8කට දැවි යද්දි කුසල් මෙන්ඩිස් 22කටද ධණුෂ්ක ගුණතිලක ලකුණු 29කට දැවී ගියා. ශ්‍රී ලංකා නිත්‍ය නායක දිනේෂ් චන්දිමාල් නොමැතිවීම ශ්‍රී ලංකා පිතිකරන බළඇණියට කැපී පෙනෙන අඩුවක් වූවා.

කොදෙව් පළමු ඉනිම ලකුණු 204කට සීමා වූ අතර එහිදි ලහිරු කුමාර කඩුලු හතරක් ලබා ගෙන පන්දුවෙන් දස්කම් දැක්වූවා. තරගයේ තෙවන දිනය අද‍යි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka