gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

බොරු ලිංගික අතවර පැමිණිල්ලක් කළ කතක් හිරේට

අසල්වාසියකු විසින් බරපතළ ලිංගික අතවරයක් සිදු කළ බව කියමින් විවාහක කාන්තාවක් පොලිස් ස්ථානයට කළ පැමිණිල්ල බොරු පැමිණිල්ලක් බව ඔප්පුවීමෙන් අනතුරුව අධිකරණය හමුවේ වරද පිළිගත් කාන්තාවකට අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු කේ.පී. ශානක හර්ෂණ මහතා තරයේ අවවාද කරමින් සතියක සිර දඬුවමක් නියම කළේය.

බොරු පැමිණිල්ලක් කිරීමේ චෝදනාවට අධිකරණය

හමුවේ වරද පිළිගත්තේ අනුරාධපුරයේ පදිංචි 44 හැවිරිදි දෙදරු මවකි.

සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කළ අනුරාධපුර මූලස්ථාන පොලිසියේ නඩු මෙහෙයුම් අංශය කියා සිටියේ සැකකාරිය විසින් ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂිකා යමුනා කාන්ති මෙනෙවියට කළ ලිංගික අතවර පැමිණිල්ලක් සම්බන්ධයෙන් සිදු කළ පරීක්ෂණවලදී එය බොරු පැමිණිල්ලක් බව අනාවරණය කර ගැනීමට හැකිවූ බවයි.

සැකකාරිය විසින් පොලිස් ස්ථානයට පැමිණ අසල්වාසියකු විසින් තමන්ගේ අතින් අල්ලා තුරුලු කර ගත් බව පවසමින් පැමිණිල්ලක් ඉදිරිපත් කළ බවත් ඒ සම්බන්ධයෙන් කළ විමර්ශනවලදී චෝදනාවට ලක්වූ අසල්වාසී පුද්ගලයා සිද්ධිය වූ දිනයේ නිවෙසේ සිට නොමැති බවත් ඔහු වාරියපොළ ප්‍රදේශයේ රැකියාව සඳහා ගොස් සිට ඇති බවත් අනාවරණය කර ගැනීමට හැකිවූ බව පොලිසිය අධිකරණයට පැවැසුවේය.

සැකකාරිය විසින් ඇගේ අනියම් සැමියාගේ කීම මත අසල්වැසියාට විරුද්ධව බොරු පැමිණිල්ල ඉදිරිපත් කර තිබෙන බව පොලිසිය වැඩිදුරටත් අධිකරණයට දන්වා සිටියේය. සැකකාරිය විසින් බොරු පැමිණිල්ලක් ඉදිරිපත් කර අසල්වාසියා අපහසුතාවට පත් කිරීමට උත්සාහ කළ බව අධිකරණය හමුවේ පිළිගත් අතර ඇයට තරයේ අවවාද කරමින් විනිසුරුවරයා සතියක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් නියම කළේය.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka