gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඤාණසාර හිමිගෙන් අද විශේෂ ප්‍රකාශයක්

තමන් වහන්සේ බන්ධනාගාරයට වැඩමකිරීමෙන් පසුව මුහුණදුන් අත්දැකීම් සම්බන්ධව සහ ඉදිරියේදී සිදුකිරීමට සැලසුම් කර ඇති විශේෂ වැඩකටයුතු සම්බන්ධව බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝඅද (26දා) දිනයේදී විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමටසූදානමින් සිටිති.

හෝමාගම අධිකරණයට වැඩම කළ අවස්ථාව,සිතාමතා බන්ධනාගාරගත වූ
බවටපැතිරුණුප්‍රචාරයන්,ඉන්පසුව බන්ධනාගාරයේ ගතකළ දින 07 තුළ සිදුවූ සිදුවීම්,චීවරය ඉවත් කර බන්ධනාගාර ඇඳුම ඇඟලූ බවට පැතිරුණු ප්‍රචාර,අමුත්තන් හමුවීම ප්‍රතික්ෂේප කිරීම ඇතුළුමෙතෙක් හෙළි නොකළ කරුණු අනාවරණය කිරීමටදඋන්වහන්සේ සැලසුම් කර තිබේ.

නීතිපති දෙපාර්තමේන්තුවේ හැසිරීම, බන්ධනාගාරයට වැඩම කළ පසු තවදුරටත් උන්වහන්සේ සිරගත කර තැබීමට හා භික්ෂුත්වය අහිමිකිරීමට ඇතැම් පුද්ගලයන් සැලසුම් කර තිබූ ආකාරය,ඊට බොදුබල සේනා සංවිධානය මුහුණදුන් ආකාරය ගැන කරුණු දැක්වීමටද ඥානසාර හිමියෝ අදහස් කරගෙන සිටිති.

ඉදිරියේදී ආරම්භ කිරීමට නියමිත ශාසනික හා ජාතික වශයෙන් වැදගත් කටයුතු කිහිපයක් සම්බන්ධව කරුණු පැහැදිලි කිරීමටත්,රටේ නායකයන්ට හා ජනතාවට පණිවුඩයක් ලබාදීමටත් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් විසින් සැලසුම් කර තිබේ.

රාජගිරිය,නාවල පාරේ පිහිටි බොදුබල සේනා මූලස්ථානයේදී මෙම කරුණු පැහැදිලි කිරීමට නියමිතය


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka