gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පාසල් නිල ඇඳුමින් සිටි හය හැවිරිදි දැරියකගේ මළ සිරුරක් ළිඳක.. සැක සහිත තුවාල..

යාපනය සුලිපුරම් ප්‍රදේශයේදී පාසල් නිල ඇඳුමින් සිටි හය හැවිරිදි  දැරියකගේ සැක සහිත මළ සිරුරක් ළිඳක තිබියදී හමු වූ බවට වඩුක්කොඩෙයි පොලීසිය කියා සිටියේය.

දැරිය පාසල් ගොස් නැවත නිවසට නොපැමිණීම පිළිබඳව පවුලේ අය විසින් සොයා බැලීමේදී නිවසට එන මාර්ගයේ නිවස ආසන්නයේ පිහිටි ළිඳක තිබී
දැරියගේ මළ සිරුර පවුලේ ඥාතීන්ට හමු වී ඇත.

සුලිපුරම් ප්‍රදේශයේ පදිංචි 06 හැවිරිදි ශිවනේශ්වරන් රෙජීනා යාපනය කාට්ටුපුලම් රජයේ දෙමළ මිශ්‍ර පාසලේ පළමු ශේණියේ ඉගෙනුම ලැබුවාය.

පාසල් දැරියගේ මළ සිරුර ගොඩට ගත් අවස්ථාවේදී දැරියගේ ගෙලෙහි කිසියම් කැලලක් තිබී ඇති අතර දැරියා කිසියම් පුද්ගලයෙක් විසින් ඝාතනය කොට ළිඳට දැම්මේද යන්න පිළිබඳව සැකයක් ඇති අතරම දැරියගේ මළ සිරුරු යාපනය මහාරෝහලට භාර දී පශ්චාත් මරණ පරික්ෂණය සිදු කිරීමට පියවර ගෙන ඇති බවට පරික්ෂණ සිදු කරන වඩුක්කොඩෙයි පොලීසිය වැඩි දුරටත් කියා සිටියේය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka