gossip lanka

ආණ්ඩුව ලෑස්ති ජනතාවට කොස් කොළ කවන්න - මහින්ද

පවතින ඉහළ එළවළු මිල දරාගැනීමට නොහැකිවීමෙන් මේ රටේ ජනතාවට ආහාරයට ගැනීමට සිදුවන්නේ කොස් කොළ සහ ක්‍රෝටන් කොළ බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

එළවළු බොහොමයක ග්‍රෑම් 250ක මිල රුපියල් 70-80 අතර මිල ගණන්වල පවතින බවත් ආණ්ඩුවේ බදු බරින් මිරිකී සිටින රටේ පොදු මහජනතාව එළවළු
මිල ඉහළ යෑමෙන් දැඩි අසරණ තත්ත්වයකට පත්වී තිබෙන බවත් හිටපු ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

වගකිව යුතු ආණ්ඩුවක් ලෙස ක්‍රියා නොකරමින් ආණ්ඩුවේ නිලධාරීන් ලවා ජනතාවට කොස් කොළ හා ක්‍රෝටන් කොළ කැවීමට සූදානම් වීම වත්මන් යහපාලන ආණ්ඩුවේ ප්‍රතිපත්තියද කියා තමන් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරන බවද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.


gossip lanka