gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

තීරණාත්මක වැඩකට 16 කණ්‌ඩායම අද විමල් හමුවේ !

ආණ්‌ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ 16 කණ්‌ඩායමේ සහ ජාතික නිදහස්‌ පෙරමුණේ දේශපාලන මණ්‌ඩල සභිකයන්ගේ හමුවක්‌ අද (26 වැනිදා) ජාතික නිදහස්‌ පෙරමුණ මූලස්‌ථානයේදී පැවැත්වීමට නියමිතය.

ඒකාබද්ධ විපක්‍ෂය සමග වැඩ කටයුතු කිරීම පිළිබඳව සහ මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති ධූරයට පත් කිරීම සම්බන්ධයෙන් මෙහිදී දෙපාර්ශ්වය අතර සාකච්ඡා පැවැත්වීමට නියමිත බව එක්‌සත් ජනතා
නිදහස්‌ සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්‌කොඩි මහතා පැවසීය.

මෙම හමුව සඳහා ආණ්‌ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ 16 දෙනාම සහභාගි වන බව ද හෙතෙම සඳහන් කළේය.

ජාතික නිදහස්‌ පෙරමුණ නියෝජනය කරමින් එහි නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඇතුළු දේශපාලන මණ්‌ඩල සභිකයන් සහභාගි වන බව එම පක්‍ෂයේ ප්‍රකාශකයෙක්‌ පැවසීය.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka