gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

රාජකීය ලැප්ටොප් හොරු කල්ලියක්

නිවෙස්වල පුද්ගලයන් සිටියදීම සූක්ෂ්ම ලෙස නිවාසවලට ඇතුල් වී ලැප්ටොප් පරිගණක හා ස්වර්ණාභරණ සොරකම් කරන හොරකල්ලියක් අත්අඩංගුවට ගත් බව බදුල්ල පොලිසිය පවසයි.

බදුල්ල ගල්කන්ද ප්‍රදේශයේ පදිංචි අවුරුදු 17,21.සහ 24 යන වයස් කාණ්ඩවලට අයත් මොවුන් කාලයක් තිස්සේ මෙම සොකරම්වල නියැලි ඇති බවත් මෙම භාණ්ඩ විකුනා ලබාගන්නා මුදල් හෙරොයින් සඳහා
වැය කර ඇති බවත් විමර්ශනවලදි අනාවරණය වූ බව පොලිසිය සඳහන් කරයි.

සැකකරුවන් විසින් සොරකම් කරන ලද පරිගණක තුනක් හා රන්මුදු 3ක් ද සොයාගැනීමට පොලිසිය සමත්ව ඇත.

බදුල්ල පොලිස් අධිකාරි ධම්මික වීරසේකර හා බදුල්ල මුලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක විපුල තෙන්නකෝන් යන මහත්වරුන්ගේ උපදෙස් මත බදුල්ල අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක එරික් රෝහිත, උප පොලිස් පරීක්ෂක මංගල ජයතිලක, පො.සැ. 20351 ජයරත්න, පො.කො. 54128 ගුණවර්ධන, 35234 සමන්ත, 25942 රෝහණ යන නිළධාරිහු වැඩිදුර විමර්ශන සිදුකරති.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka