gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

රක්ෂණ වන්දි ගන්න නම් වාහන හිමියන් ඉදිරියේදී අනිවාර්යයෙන් කළ යුතු කටයුත්තක් ගැන රථවාහන මූලස්ථානය දැනුම් දෙයි

රථවාහන අනතුරක දී රක්ෂණ වන්දි ලබා ගැනීම සඳහා මින් ඉදිරියට අනතුර සම්බන්ධයෙන් පොලිසිය දැනුවත් කර පොලිස් වාර්තා ඉදිරිපත් කළ යුතු බව රථ වාහන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ අධ්‍යක්ෂ පොලිස් අධීකාරි ඉන්දික හපුගොඩ පැවසුවා.

2018 අංක 18 දරන පනත යටතේ ඉදිරියේ දී මේ අනුව ක්‍රියාත්මක විය යුතු බවයි ඔහු පෙන්වා දුන්නේ.

අනතුරු සිදුවූ තැනදීම රක්ෂණ සමාගමේ
නියෝජිතයකු විසින් වන්දි මුදල ලබාදීමේදීත් (On The Spot) මින් ඉදිරියට ආකෘති පත්‍රයක් පුරවා දීමෙන් රිය අනතුර පොලිසිය වෙත දැන්විය යුතු වනවා. මාර්ගයන්හි සිදුවන නියම අනතුරු ප්‍රමාණය වාර්ථා නොවීම නිසා ඉදිරි රථ වාහන හා මාර්ග ආරක්ෂණ සැලසුම් සඳහා ඉන් ඇතිවිය හැකි දුර්වලතා වළක්වා ගැනීමේ අරමුණින් මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බවයි අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පැවසුවේ.

පොලිස් පැමිණිළි වලට අනුව ගිය වසරේ දී රිය අනතුරු 37730ක් වාර්තා වී තිබෙන අතර, ඒ අතරින් බරපතළ රිය අනතුරු 2933ක් වාර්තා වන වනවා. නමුත් "ඔන් ද ස්පොට්" ක්‍රමයට වන්දි ලබාගත් වාහනත් සමග ගත්විට මීට වඩා රිය අනතුරු සංඛ්‍යාවක් සිදුව ඇති බවයි පොලිස් රථවාහන මූලස්ථානය විශ්වාසය පල කරන්නේ්.

පුසුගිය වසරේදී රිය අනතුරු හේතුවෙන් පුද්ගලයන් 3147ක් මිය ගොස් තිබෙනවා.




gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka