gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මැදපෙරදිගට දෙන පාස්පෝට් වෙනස් කර සියලු රටවලට ලබා දීලා

ආගමන විගමන දෙපාර්තමේන්තුව  සියලුම රටවල් සඳහා නිකුත් කරනු ලබන විදේශීය ගමන් බලපත්‍ර තොග අවසන් වීම හේතුවෙන් මැද පෙරදිග රටවල් සඳහා නිකුත් කෙරෙන විදේශ ගමන් බලපත්‍රය වෙනස් කර සියලුම රටවල් සඳහා නිකුත් කෙරෙන බවට එම ගමන් බලපත්‍රලාභීහු චෝදනා කරති.

මෙම ගමන් බලපත්‍රවල මැද පෙරදිග රටවල් සඳහන් වන ස්ථානයේ පහළින් සියලුම රටවල් යන්න රතුපාටින් පසුව මුද්‍රණය කර ඇතැයි ද මේවායේ
ඇත්තේ පිටු 64ක් වෙනුවට පිටු 48ක් පමණක් යැයි ද ඔවුහු කියති.

සියලුම රටවල් සඳහා අලුතින් ගමන් බලපත්‍ර ලබා ගැනීමට පැමිණි පිරිස් මේ පිළිබඳව දැනුවත් නොවීම හේතුවෙන් ඔවුන් තුළ දැඩි සැකයක් හටගෙන ඇතැයි ද පැවසේ.

මේ පිළිබඳ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙකුගෙන් කළ විමසීමකදී හෙතෙම පවසා ඇත්තේ තොග අවසන් වූවද , 2015 න් පසු මේ දක්වා අලුතින් “සියලුම රටවල් සඳහා” වන විදේශ බලපත්‍ර ඇනවුම් නොකළේ ඊ පාස්පෝට් ක්‍රමය හඳුන්වා දීමට කටයුතු යොදා තිබූ නිසා බවය.

විද්‍යුත් පාස්පෝට් ක්‍රමය හඳුන්වාදීමේ ප්‍රමාදය හේතුවෙන් ගත වූ සතියක පමණ කාලයක සිට මෙම තත්ත්වය උද්ගතවී ඇති බවද ඔහු කීය.




gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka