gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

හදිසි අනතුරුවලින් වසරකට 10,000ක් මරුට !

හදිසි අනතුරු නිසා දිනකට පුද්ගලයන් 23 දෙනකු පමණ මියයන බවත්, වර්ෂයකට එම ප්‍රමාණය 10,000ක් පමණ වන බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවෙන රෝග ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය තිලක් සිරිවර්ධන මහතා පැවැසීය.

මෙම අනතුරු අතුරින් මාර්ග අනතුරු නිසා වසරකට ජීවිත 3000ක් පමණ අහිමි වන අතර සෙසු අනතුරු අතුරින් වැටීම්, විසවීම්, දියේ ගිලීම්, සතුන් පහරදීම්
සහ මිනීමැරුම් නිසා සිදුවේ.

මෙසේ අනතුරුවලට වැඩිපුරම ගොදුරු වන්නේ වයස අවුරුදු 15ත් 44ත් අතර වයස් සීමාවේ පසුවන්නන් බවද තිලක් සිරිවර්ධන කියා සිටී,

2017 වසරේ පමණක් රිය අනතුරුවලින් පුද්ගලයන් 3,111ක් මියගොස් ඇති අතර 24,600ක් තුවාල ලබා තිබේ.

මේ වසරේ ගතවූ කාලයේදී පමණක් පුද්ගලයන් 1,459 දෙනකු මියගොස් තිබේ.

රිය අනතුරු බහුල වශයෙන් සිදුවන්නේ අනාරක්ෂිත වාහනවලින් වන අතර, 2016 වසරේ පමණක් එබඳු අනාරක්ෂිත වාහන ලියාපදිංචිය 80%ක් වී ඇති බවත් මෝටර් රථ දෙපාර්තමේන්තුවේ සංඛ්‍යාලේඛනවලින් හෙළි වී ඇත.

එම අනාරක්ෂිත වාහනවලින් 11%ක් ත්‍රිරෝද රථ වන අතර 68%ක් යතුරුපැදි බව හෙළි වී තිබේ.




gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka