gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

විභාගවලදී වැඩි ලකුණු ගන්නා සිසුන් ප්‍රසිද්ධ නොකරන්න - මනෝ වෛද්‍යවරු ඉල්ලති

ජාතික විභාගවලදී වැඩිම ලකුණු ගන්නා සිසුන් ප්‍රසිද්ධියට පත් කිරීමේ ක්‍රමය නතර කරන ලෙස මනෝ වෛද්‍යවරුන් පිරිසක්‌ විභාග දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා ඇත.

මෙම ඉල්ලීම කර ඇත්තේ පසුගියදා විභාග දෙපාර්තමේන්තුවේ පැවැති සාකච්ඡාවකදීය.

වැඩිම ලකුණු ලැබූ සිසුන් එලෙස ප්‍රසිද්ධියට පත් කිරීමේදී තවත් සිසුන් විශාල පිරිසක්‌ දැඩි ලෙස
මානසික පීඩනයකට ලක්‌ වන බවද එය ඔවුන්ගේ අධ්‍යාපන කටයුතුවලට බාධාවක්‌ වන බවද එම වෛද්‍යවරුන් පෙන්වා දී තිබේ.

විභාග සඳහා පවතින අනවශ්‍ය තරගය නිසා සිසුන් මානසික ආතතියට පත්වීම වර්ධනය වෙමින් පවතින බවක්‌ මෙහිදී පෙන්වා දී ඇත.

මේ සම්බන්ධයෙන් ඉදිරියේදී තවදුරටත් සාකච්ඡා පැවැත්වෙන බවද සිසුන් ප්‍රසිද්ධ නොකිරීමේ ප්‍රතිපත්තිමය තීරණය ගත යුත්තේ අධ්‍යාපන අමාත්‍යාංශය බවද මේ පිළිබඳව අප කළ විමසුමකට පිළිතුරු දුන් විභාග දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරියෙක්‌ පැවසීය.

(දිවයින)

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka