gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සමාගම් රබර් කිරි එකතු කිරීම නවතයි

රබර් කිරි එකතු කළ සමාගම් මේ වන විට එම කටයුතු නවතා දමා ඇති බැවින් රබර් වගාවේ නිරතව සිටින රබර් වතු හිමියන් මෙන්ම ඒවායේ සේවය කරන විශාල පිරිසක් ආර්ථික දුෂ්කරතාවන්ට මුහුණ පා සිටින බව වාර්තාවේ.

මැලේසියාවේ සිට ගෙන්වා ඇති රබර් කිරි ගබඩා කර ඇති ටැංකි හිස්වන තුරු රබර් කිරි එකතු කිරීම නවතා
දැමීමට මෙම සමාගම් පියවර ගෙන ඇත.

රබර් කිරි කැපීමට සුදුසු වියළි කාලගුණයක් පැවැතුණද කඩින්කඩ වර්ෂාව පතිතවීමත් සමඟ බොහෝ රබර් ඉඩම් හිමියන් කිරි කැපීම නවතා දමා ඇති බැවින් කුලියට කිරි කැපූ බොහෝ පිරිසකට රැකියාද අහිමි වී ඇති බවද කියති.

මෙරට ප්‍රධාන වැවිලි වගාවක් වන රබර් වගාවට පත්ව ඇති මෙම අවදානම් තත්ත්වය පිළිබඳව වැවිලි කර්මාන්ත ඇමැතිවරයාගේ අවධානය යොමුව නොමැති හෙයින් රබර් වගාකරුවෝ තම කණස්සල්ල පල කර සිටී.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka