gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

යතුරුපැදි Helmet ප්‍රමිතිය අනතුරේ

සමස්ථ ලංකා යකුරුපැදි කරුවන්ගේ සංගමය විසින් ප‍්‍රවාහන ඇමතිවරයා වෙත යොමු කරන ලද ලිපියක් මෙහි දැක්වෙයි.

යතුරුපැදි හිස්වැසුම් ප්‍රමිතිය අනතුරේ

පසුගිය 2015 වසරේ ජූලි මස 16 වනදා නිකුත් වූ අංක 1923/65 දරණ ගැසට් නිවේදනය ප්‍රකාරව ලංකාව තුල හිස්වැසුම් විකුණන අවස්ථාවේ එය ශ්‍රී ලංකා
ප්‍රමිති අංක 517 අනුකූල විය යුතුය. නමුත් එම නීතිය ක්‍රියාත්මක කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳව අධිකාරිය අසමත් වී ඇත.

මේ වන විට අප සංගමය වෙත ලැබී ඇති තොරතුරුවලට අනුව, ප්‍රමිතියෙන් තොර හිස්වැසුම් තොග වශයෙන් විකුණන අදාළ දේශීය නිෂ්පාදකයා ශ්‍රී ලංකා හිස්වැසුම් 517 ප්‍රමිතියට එරෙහිව අධිකරණය හමුවේ නඩුවක් පවරා ඇති අතර එම නඩුව අවසන් වන තෙක් පාරිභෝගික කටයුතු අධිකාරියට ඒම ව්‍යාපාරයට එරෙහිව කිසිවක් කල නොහැකි බවට අප වෙත තොරතුරු ලැබී තිබේ.

එම නඩුවේ සඳහන් ඇති කරුණු අනුව ඉදිරියේ හිස්වැසුම් පිළිබඳව SLS ප්‍රමිතිය අහෝසි වීමක් සිදුවිය හැකි බවට අප වෙත තොරතුරු ලැබී තිබේ. SLS 517 හිස්වැසුම් ප්‍රමිති පරීක්ෂාවේ දී හිස්වැසුම රස්නයට හා සීතල නිරාවරණය කිරීම වැරදි බවට එම ව්‍යාපාරිකයා සඳහන් කිරීමට උත්සාහ කෙරුවත්, හිස්වැසුම් නිෂ්පාදනය කරනා ABS පලාස්ටික් අමුද්‍රව්‍යයේ ප්‍රමිතිය නිගමනය කිරීමට එම පරීක්ෂණය අවශ්‍ය වේ.

ගරු. අමාත්‍යතුමනි, පැළදීමේ දී නොව, විකිණීමේ දී හිස්වැසුම් ප්‍රමිතියක් අනිවාර්ය කිරීම රජය ගත් ජනතා හිතකාමී නිවැරදි තීන්දුවක් වන අතර එය ක්‍රියාත්මක කරගැනීමට නොහැකි වීම ඉතාමත් අවාසනාවකි. කුමන අධිකරණ කටයුත්තක් වුවත්, ප්‍රමිතියෙන් තොර හිස්වැසුම් මෙලෙස දුප්පත් අසරණ ජනතාව අතට දිගින් දිගටම පත් වීම, එම ජනතාවට වතුර කියා වස බෝතලයක් ලබා දෙනවා වැනිය. මෙම තත්ත්වය නැවැත්වීමට රජයේ දැඩි වගකීමක් ඇති බවට අපි විශ්වාස කරමු.

මෙම ගැටලුව ගැන සොයා බලා, හැකි ඉක්මනින් පියවරක් ගන්නා ලෙස අපි ඉල්ලා සිටිමු.

මෙයට,
චිරන්ත අමරසිංහ, සභාපති


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka