gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

දසවසරකින් ගංඟා සියල්ල දූෂිතම ඒවා වීමේ අවදානමක් !

වසර 10ක් ඇතුළත මහවැලි, කැළණි හා වලවේ යන ගංඟා තුන ඇතුළුව ගංඟා 103 ම දූෂිතම ගංඟා බවට පත්වීමේ අවදානමක් ඇති බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භූගෝල විදයා දෙපාර්තමේන්තුවේ කථිකාචාර්ය ලලිතා දිසානායක මහත්මිය කියයි.

තමා ඇතුළු මහාචාර්යවරු සිදු කළ පර්යේෂණවලින් මේ තත්ත්වය හෙළිව ඇති බව ඇය කියා සිටී.

වසර 4ක කාලයක් තමන් සිදු කළ පර්යේෂණවලට
අනුව මහවැලි ගඟ දැනට අවදානමක ඇති බවත් ඇය කියා සිටින්නීය.

ජලය අනවශ්‍යය ආකාරයට දූෂණයට ලක්වීම මේ තත්ත්වයට ප්‍රධාන හේතුව බවද ඇය සඳහන් කළාය.

ජලය දූෂණය වන ප්‍රධාන ක්‍රම තුනක් ඇති බවද පැවසූ කථිකාචාර්යවරිය ඒ ගෘහස්ථ හා නාගරික උපද්‍රව්‍ය, කෘෂි කර්මාන්තයට අදාළ අපද්‍රව්‍ය හා කර්මාන්ත ශාලාවල අපද්‍රව්‍ය යන කාරණා බවද ඇය කීවාය.

ඒවායින් ප්‍රධාන වශයෙන්ම ගංගා දූෂණයට ලක්වන්නේ ගෘහස්ථ හා නාගරික උපද්‍රව්‍ය වලින් බවද ඇය කියා සිටී.

මහවැලි ගඟේ අතු ගඟා 50ක් තෝරා එයින් ප්‍රධාන අතු ගංඟා 03ක් වන නීල් ඔය (ස්වභාවික), පිගා ඔය (අර්ධ නාගරික) හා මඳ ඇල (නාගරික) තමන් මහවැලි ගඟේ පර්යේෂණ සිදු කළ බවද ඇය හෙළි කළාය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka