gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

වන අලියෙක්ට අදත් ජීවිතයක් බිලිවෙයි

ගල්ගමුව - රැස්වෙහෙර ප්‍රදේශයේදී වන අලියෙකු පහරදීමෙන් අද අලුයම 55 හැවිරිදි කාන්තාවක් ජීවිතක්ෂයට පත්විය.

ගල්ගමුව - පොතානේගම ප්‍රදේශයේ ඥාතියෙකුගේ නිවසේ සිට නැවත පැමිණෙමින් සිටියදී ඇය මෙම වන අලි ප්‍රහාරයට ලක්ව තිබේ.

පසුගිය දින කිහිපය තුළ වන අලි පහරදීම්වලින්
පුද්ගලයින් දසදෙනෙකුට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්විය.

මාතලේ - ලිහිණියපිටිය ගම්මානයේදී පසුගියදා තරුණයින් දෙදෙනෙකු වන අලි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්වූ අතර, වන අලි රංචුවක් පළවා හැරීමේ මෙහෙයුමක නිරතව සිටි වනජීවී නිලධාරියෙකු වන අලි ප්‍රහාරයකට ලක්ව මියයාමේ පුවතක් පසුගියදා ගිරාදුරුකෝට්ටේ - විරානගම ප්‍රදේශයෙන් වාර්තාවිය.

එමෙන්ම අම්පාර - පානම ප්‍රදේශයේදීද පෙරේදා එල්ලවූ වන අලි ප්‍රහාරයකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබුණි.

මාතලේ - ලිහිණියපිටිය ප්‍රදේශයේදී පසුගියදා වන අලි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයින් දෙදෙනාගේ ඥාතීන් මුණගැසීමට වනජීවී නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම ඊයේ එම ප්‍රදේශයේ සංචාරයක නිරත වූ අතර එහිදී ඔහු සඳහන් කළේ වන අලි ග්‍රහණයට ලක්ව ඇති ලිහිණියපිටිය ප්‍රදේශයේ වනජීවී කාර්යාලයක් ස්ථාපිත කිරීමට පියවර ගන්නා බවයි.

මේ අතර වන අලි ප්‍රහාරයකින් භික්ෂුන් වහන්සේ නමක් තුවාල ලැබූ අනුරාධපුර - මැදවච්චිය වේවැල්කැටිය ගම්මානයේ පිරිසක් අද පෙරවරුවේ විරෝධතාවක නිරත විය.




gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka