පවතින ආර්ථික තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් ජනතාවට උපරිම සහන සැලසීමට ආණ්ඩුව සෑම විටම සූදානම් බව නියෝජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම පවසනවා. ලෝක වෙළද පොළේ මිළ ගණන් සැලකිල්ලට ගෙන ගෑස් මිළ ඊයේ මධ්‍යම රාති‍්‍රයේ සිට රුපියල් 138 කින් අඩු කිරීමට තීරණය
කළේ ඒ අනුව බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා කියාසිටියේ.
මේ අතර පාරිභෝගික සේවා අධිකාරිය පැවසුවේ දිවයින පුරා ගෑස් අළෙවි සැල් අද සිට ස්ථානීය පරීක්‍ෂාවකට ලක් කරන ලෙස සිය දිස්ති‍්‍රක් කාර්යාලවලට දැනුම් දී ඇති බවයි. නව මිළ ගණන් යටතේ ගෑස් අළෙවි නොකරන වෙළදුන්ට එරෙහිව නීතිය කි‍්‍රයාත්මක කරන බවද පාරිභෝගික සේවා අධිකාරියේ සභාපති හසිත තිලකරත්න කියාසිටියා.
වැඩි මිලට ගෑස් විකුණනවාදැයි සොයන්න අද මෙහෙයුමක්
2018-06-30T08:43:00+05:30
Gossip Lanka Hot News
slide|