gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

බැංකු වර්ජනයකට සැරසෙයි !

එළඹෙන ජූලි මාසයේ මුල් දෙසතිය තුළ දීප ව්‍යාප්ත බැංකු සේවක වර්ජනයක් දියත් කිරීමට නියමිත බව ලංකා බැංකු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රංජන් සේනානායක මහතා පවසයි.

ඒ අනුව, ලංකා බැංකුව, මහජන බැංකුව, ජාතික ඉතිරි කිරීමේ බැංකුව , ප්‍රාදේශීය සංවර්ධන බැංකුව , රාජ්‍ය උකස් හා ආයොජන බැංකුව , ලංකා පුත්‍ර බැංකුව, නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථා බැංකුව හා ශ්‍රී ලංකා ඉදිකිරීම් බැංකුව යන බැංකු අටේ කොටස් විකිණීමට
රජය ගෙන ඇති තීරණයට විරෝධය පල කිරීම සඳහා මෙම වෘත්තීය ක්‍රියා මාර්ගයට එක්වෙයි.

මේ සඳහා රාජ්‍ය අංශයේ වෙනත් වෘත්තීය සමිති මෙන්ම පෞද්ගලික අංශයේ වෘත්තීය සමිති ඇතුළු සංගම් 19 කින් සැඳුම්ලත් පොදු දේපල හා මානව හිමිකම් සුරැකීමේ සංවිධානයේ සහයද හිමිවන බවත් ඔවුන් වැඩිදුරටත් පවසයි.

පසුගිය ජූනි 20 වැනිදා ජනාධිපතිවරයා සමඟ පැවති සාකච්ඡාවේදීද මේ සම්බන්ධයෙන් විසඳුමක් නොලැබුණු හෙයින් තම සංගමය වෘත්තීය ක්‍රියා මාර්ගයකට එළැඹෙන බව පවසන රංජන් සේනානායක මහතා රජය විසින් රාජ්‍ය බැංකු කොටස් විකිණීම නතර නොකළ හොත් රටේ මහජනයාද සහභාගී කරවාගෙන දැවැන්ත මහජන උද්ඝෝෂණ ව්‍යාපාරය රටපුරා පැවැත්වීමට තීරණය කර ඇති බව කියා සිටී.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka