දෙසැම්බර් 31 ඉඳලා ජංගම දුරකථන 49කට WHATSAPP අත්හිටුවයි – දුරකථන වර්ග 49 මෙන්න

මෙම මස 31 වෙනිදා සිට WhatsApp මෘදුකාංගය ජංගම දුරකථන මාදිලි 49කට සිය සේවාව ලබාදීම අත්හිටුවීමට තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

WhatsApp නව යාවත්කාලින කිරීමේ හැකියාව නොමැති මෙම ජංගම දුරකථන මාදිලි 49 අතරට Apple, Samsung, LG, Huawei ඇතුළු දුරකථන මාදිලි රැසක් ඇතුළත් වෙනවා.

මේ සම්බන්ධයෙන් WhatsApp විසින් අදාළ දුරකථන භාවිතා කරන්නන්ව දැනුවත් කිරීමට ද නියමිතයි.

එලෙස සේවාවන් අත්හිටුවනු ලබන ජංගම දුරකථන මාදිලි 49 පහතින්,

Apple iPhone 5

Apple iPhone 5c

Archos 53 Platinum

Grand S Flex ZTE

Grand X Quad V987 ZTE

HTC Desire 500

Huawei Ascend D

Huawei Ascend D1

Huawei Ascend D2

Huawei Ascend G740

Huawei Ascend Mate

Huawei Ascend P1

Quad XL

Lenovo A820

LG Enact

LG Lucid 2

LG Optimus 4X HD

LG Optimus F3

LG Optimus F3Q

LG Optimus F5

LG Optimus F6

LG Optimus F7

LG Optimus L2 II

LG Optimus L3 II

LG Optimus L3 II Dual

LG Optimus L4 II

LG Optimus L4 II Dual

LG Optimus L5

LG Optimus L5 Dual

LG Optimus L5 II

LG Optimus L7

LG Optimus L7 II

LG Optimus L7 II Dual

LG Optimus Nitro HD

Memo ZTE V956

Samsung Galaxy Ace 2

Samsung Galaxy Core

Samsung Galaxy S2

Samsung Galaxy S3 mini

Samsung Galaxy Trend II

Samsung Galaxy Trend Lite

Samsung Galaxy Xcover 2

Sony Xperia Arc S

Sony Xperia miro

Sony Xperia Neo L

Wiko Cink Five

Wiko Darknight ZT

ඉඳුනිල් අන්දරමාන වේදිකාවේ සිංදු කියද්දී ගල් ගහයි.. තුවාල වී රෝහලේ (VIDEO)

ජනප්‍රිය ගායන ශිල්පී ඉඳුනිල් අන්දරමාන මහතාට ගල් ප්‍රහාරයක් එල්ල වී ඇත.
 
ඔහු කොට්ටාව ප්‍රදේශයේ නත්තල් ප‍්‍රසංගයක ගීත ගායනා කරමින් සිටියදී මෙම ප්‍රහාරය එල්ල වී තිබේ.

ඔහු ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර ඇති අතර ඔහුගේ තත්ත්වය බරපතළ නොවේ.

ඇසට ඉහළින් සිදුව ඇති තුවාල සඳහා රෝහලේ දී ප්‍රතිකාර කර ඇත.

ආණ්ඩුව සඳුදාත් නිවාඩු දෙයි!

එළඹෙන 26 වන සඳුදා දින රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබේ.

දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ සමුළුවට එක්වෙමින් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මේ බව ප්‍රකාශ කර ඇත.

ටීචර් බෝල් දානවා… සජිත් ගහනවා… ළමයි හුරේ දානවා… ප්‍රින්සිපල් බලන් ඉන්නවා… විපක්ෂ නායක තෝපාවැවදී පිත්තෙන් දාපු වැඩ කෑලි ටික මෙන්න…(VIDEO)

තෝපාවැව පාසලක පැවති උත්සවයකට සහභාගි වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එහි සිසුන් සමග ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත විය.

එහිදී සිසුන්ට අමතරව ගුරුවරියක් විසින්ද විපක්ෂ නායකවරයාට පන්දු යැවීම සිදුකළ අතර අදාළ වීඩියෝව පහලින්…

දායකයෙක් කෝටි තුනක් වටින බෙන්ස් එකක් පූජ කළා… දැන් ඉරිසියාකාරයො එක එක කතා කියනවා… බුදු හාමුදුරුවන්ටත් මීට වැඩිය වටින ඒවා පූජ කළා… මට ලයිෂන් නෑ… ඉතිං මොකද වෙන්නෙ..? කොටුවේ පොඩිහාමුදුරුවෝ ප්‍රථමවරට වේගයෙන් නිවන් වඩින මඟ කියයි…(VIDEO)

තමන් වහන්සේට බෙන්ස් වර්ගයේ මෝටර් රථයක් දායකයකු විසින් පූජා කළ පුවත අසා ඇතැමුන් නොසතුටට පත්ව ඇති බවත්, එය ඇතැම් පුද්ගලයන්ට දරා ගත නොහැකි වී ඇත්තේ ඔවුන්ගේ පපුව හොඳ නැති නිසා බවත් කොටුවේ පොඩිහාමුදුරුවෝ ලෙසින් ප්‍රසිද්ධියට පත්ව සිටින අත්තරගම ප්‍රඥාලංකාර හිමියන් ප්‍රකාශ කර සිටී.

ඉරාජ් වීරරත්නගේ යූටියුබ් නාලිකාවට අදහස් දක්වමින් උන්වහන්සේ මේබව ප්‍රකාශ කර තිබේ.

එහිදී කොටුවේ පොඩිහාමුදුරුවන් පෙන්වා දෙන්නේ මෙවැනි පිංකම් බුදුන් දවස ද සිදුව ඇති බවයි.

රන් රිදී මුතු වැනි මීටත් වටිනා පූජාවන් රජ සිටුවරුන් විසින් සිදුකර ඇති බව බෞද්ධ සාහිත්‍යයේද සඳහන් බව උන්වහන්සේ වැඩිදුරටත් කියා සිටින අතර, තමන්ට ඊර්ෂියා කරන ඇතැමුන් මේ සම්බන්ධයෙන් චෝදනා කරන බවත් පෙන්වා දෙයි.

අදාළ වීඩියෝව පහළින්…

කලින් බිරිඳ ඉද්දි කුස්සිය ගොඩක් අපිළිවෙලයි, ඒකයි එයා අයින් කරලා අලුත් බිරිඳක් ගත්තේ – හර්ෂණ බෙත්මගේ

පුංචි තිරය හරහා අපිට හමුවන අහිංසකම පෙම්වතා තමයි හර්ෂණ බෙත්මගේ කියන්නේ, පළමු විවාහයෙන් වෙන්වුනාට පස්සේ හර්ෂණ ගැන හැමෝම කතාවෙන්න පටන් ගත්තා, කොහොම වුනත් දික්කසාදයෙන් වැඩි කාලයක් යන්න කලින් හර්ෂණ නැවත විවාහ වෙනවා, ඉතින් අපි අද කතා කරන්න සූදානම් වෙන්නේ කාගේත් ආදරේ දිනාගෙන ඉන්න හර්ෂණ සමග, හර්ෂණ කාලෙකින් දැක්කේ නෑ ඔයා, ඇයි ඒ ”මම නිර්මාණ කිහිපයකට සම්බන්ද වුනා, තව විකාශනය වෙන්න තියෙන ඒවත් තියෙනවා, මම දැන් මගේ වැඩි වගකීම් කොටසක් යොදවලා තියෙන්නේ මගේ පවුලට ඉදිරියේදී ආයේ මාව දකින්න ලැබේවි”

දෙවනි විවාහය නිසා එක එක අය කියපු කතා නිසාද රංගනයෙන් ඈත්වෙන්න හිතුවේ ”අනේ නැහැ විවාහයේ ප්‍රශ්නයක් නිසාම නෙවෙයි මට පහුගිය කාලයේ එක දිගට චරිත ලැබෙන්න පටන් ගත්තා, හැබැයි ඒ ඔක්කොම චරිත එකම වගේ චරිත, ඉතින් මම තීරණය කළා වෙනස් චරිතයක් ලැබෙනකන් ඉන්න, ඉතින් මට එහෙම චරිතයක් ලැබෙනකන් මගේ ආදරණීය පවුල එක්ක ඉන්න තීරණ කළා, මට දැනුන විදියට පහුගිය කාලයේ අධ්‍යක්ෂකවරු මාව එක චරිතයකට කොටු කළා, දැන් මට අවශ්‍ය ඒ චරිත වලින් මිදිලා වෙනස්ම විදියේ චරිතයක් කරන්න”

රංගන ශිල්පියෙක් ලැබෙන චරිත එපා කියද්දී ඔබගේ ආර්ථිකයට ඒක බලපාන්නේ නැද්ද..? මෙහෙමයි මට ටෙලිනාට්‍ය වලට සම්බන්ද වෙලා ඒවගෙන් ලැබෙන මුදල්වලින් කාලා බීලා ඉන්න ඕන නෑ, මම කලාවට සම්බන්ද වුනේ මම රංගනයට ගොඩක් ආස නිසා, හැබැයි දැන් මටම දැනෙනවා මගේ තුල තියෙන රංගනයට තියෙන කැමැත්ත ටික ටික අඩුවෙලා යනවා කියලා, මොකද මම හරිම සැහැල්ලුවෙන් ජීවත් වෙන කෙනෙක්, තියෙන දෙයක් කාලා බීලා සතුටින් ඉන්නයි මට ඕන, සරල ජීවිතයක් ගතකරද්දී එහෙම සල්ලි ලොකුවට ඕන වෙන්නේ නෑ, මට ලොකු වාහන ලොකු ගෙවල් ඕන නෑ, මට ඕන මානසික නිදහස”

කලින් විවාහය සාර්ථක වුනේ නැත්තේ ඇය නිලියක් නිසාද..? ”එහෙම කියන්න බෑ මොකද මගේ ජීවිතේ හැම තීරණයක්ම ගත්තේ මම, ඉතින් මගේ ජීවිතේ වැරදුනාට මම කාටවත් දොස් කියන්නේ නෑ, මොකද ඒක මගේ තීරණයක්, අනිත් ජොබ් කරන කාන්තාවන්ගේ ගෙදරක කුස්සියට ගිහින් බලන්න කෝ හරිම අපිළිවෙලයි, කැතයි, හැබැයි මම දැන් ගෙදර යද්දී එහෙම නෑ කුස්සිය හරිම පිරිසිදුයි, බිරිඳක් උනාම ඉන්න ඕන එහෙම, මම දැන් මගේ අලුත් විවාහය එක්ක සතුටින් ඉන්නවා, දික්කසාද වුන නිසා නේ ඒ අත්දැකීම ගත්තේ දැන් මට කිසිම කලකිරීමක් නෑ”

රිය අනතුරු වැඩිවීමක්! යතුරුපැදිකරුවන්ට රතු එළියක්! පොලීසිය නීති දැඩි කරයි

රිය අනතුරු වැඩි වීමේ ප්‍රවණතාවක් පවතින බවට අනාවරණය වී තිබෙනවා.

එසේම වැඩිම මියයන පිරිස යතුරුපැදිකරුවන් බවද පොලිස් රථවාහන මූලස්ථානයේ අධ්‍යාපන හා මහජන ආරක්ෂාව පිළිබද ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සේනක ගමගේ මහතා පවසනවා.

ඒ මහතා මේ බව පැවසූවේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්‍යාංශයේ ඊයේ (21) පැවති මාධ්‍ය හමුවකදී යි.

යතුරු පැදි හෙල්මට් වල ප්‍රමිතිය ගැන පසුගියදා නිකුත්වූ නව ගැසට්ටුවෙන් වඩාත් දැඩිව අවධානයක් යොමු වී තිබෙනවා. ඒ අනුව ඉදිරියේදී ප්‍රමිතිගත හෙල්මට් පමණක් වෙළදපොලට ලැබීම තහවුරු කල හැකි බවයි ඔහු සඳහන් කළේ.

මත්ද්‍රව්‍ය භාවිත කර මහා මාර්ගයේ රිය ධාවනය කරන පුද්ගලයින් හඳුනා ගැනීමට උපකරණ මේ වන විටත් ශ්‍රී ලංකාවට ගෙනැවිත් තිබෙන බව සේනක ගමගේ මහතා සඳහන් කළා.

ඒ අනුව මත් ද්‍රව්‍ය පාවිච්චි කර රිය ධාවනය කරන පුද්ගලයින් අත් අඩංගුවට ගැනීමේ විශේෂ වැඩ පිලිවෙලක් පොලිස්පතිවරයාගේ නියමයෙන් නුදුරු දිනකදී ක්‍රියාත්මක කරන බවද ඔහු කියා සිටියා.

දිනකට ශ්‍රී ලංකාවේ මාර්ගවල රිය අනතුරු වලින් සිදුවන මරණ සංඛ්‍යාව  08ක් පමණ වනවා. ඉන් 04ක් හෝ 05 ක් යතුරු පැදි කරුවන් බවද ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සේනක ගමගේ මහතා වැඩි දුරටත් අනාවරණය කළා.

ඉම්රාන්ගේ Sex කතා රටවටේම ප්‍රචාරය වෙයි!

පකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් කාන්තාවන් දෙදෙනෙකු සමග කළ බව කියන “ලිංගික අදහස්” (sex calls) ඇතුළත් හඬ පට කිහිපයක් සමාජ මාධ්‍යවල ශීඝ්‍රයෙන් හුවමාරු වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

නත්තලට වැහෙන්නේ බාර් විතරයි; හෝටල් හා අවන්හල් ඇරලා!

නත්තල් දිනය දා සුරාසැල් ක්‍රියාත්මක වන ආකාරය සම්බන්ධයෙන් සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා නිවේදනයක් නිකුත් කර තිබේ.

එම නිවේදනයට අනුවට එළඹෙන  25 වනදා සුරාසැල් වසා තබූවත් හෝටල් සහ අවන්හල්වල එදින මත්පැන් භාවිත කළ හැකිය.

"එයයි මායි..." – ජනප්‍රිය නිලි ශලනි තාරකා පෙම්වතා සමග ඇවිදින්න ගිහින්!

රංගන ශිල්පිනියක විදියට හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න රංගන ශිල්පිනියක් තමයි ශලනි තාරකා කියන්නේ, ලංකාවේ වර්තමාන නිලි රැජින විදියට හඳුවන්නෙත් ඇයයි, ඉතින් අපි අද කතා කරන්න යන්නේ ඔයාලා හැමෝම ගොඩක් ආදරේ කරන ඇස් වශී කරනවන තරම් සුන්දර රුවකට හිමිකම් කියන ශලනි සමගයි, ඉතින් ශලනි මොකද වෙන්නේ මේ දවස්වල ”මේ දවස්වල නිර්මාණයකට සම්බන්ද වෙලා හිටියා, ඒ වගේම තව පොඩි පොඩි වැඩ ටිකක් කරගෙන යනවා, ඒවා තමයි ඉතින් වෙන්නේ, නිදහස් වෙලාවක් තිබ්බොත් පිටපත් ටිකක් කියනවා,”

වර්තමාන අර්බුදයත් එක්ක කළා ක්‍ෂේත්‍රයට මුහුණපාන්න වෙලා තියෙන දේ ගැන ශාලනිට මොකද හිතෙන්නේ, ”විශේෂයෙන්ම අලුත් නිර්මාණ කරද්දී හැම පැත්තකින්ම අපිට ගොඩක් ප්‍රශ්නවලට මුහුණ දෙන්න වුනා, ඒ වගේම අපිට ගොඩක් නිර්මාණ වලට සම්බන්ද වෙන්න විදියක් නැති වුනා, රටේ ප්‍රශ්න එක්ක ගොඩක් දේවල් නැතිවුනා, ඉස්සර වගේ නෙවෙයි අධ්‍යක්ෂකවරුත් දැන් නිර්මාණ කරන්නේ ගොඩක් අඩුවෙන්, කලාව පැත්තෙන් ගත්තම මේක ගොඩක් කනගාටුදායක කාලයක්,”

ශලනි සාමාන්‍යයෙන් මාධ්‍ය එක්ක ගනුදෙනු ටිකක් අඩුයි නේද..? ”මම කොහොමත් වැඩිය කතාබහ නැති කෙනෙක් නේ, ඒ වගේම මම කා එක්කවත් ඉක්මනට යාලුවෙන කෙනෙක් නෙවෙයි, හැබැයි මම මගෙත් එක්ක කතා කරන ඕනෑම කෙනෙක් එක්ක මම සුහදව කතා කරනවා, අනික මම නිතරම ටීවීවලට පත්තරවලට සම්බන්ද වෙලා අනවශ්‍ය විදියට ජනප්‍රිය වෙන්න කැමති කෙනෙකුත් නෙවෙයි, ඒ මගේ හැටි, එහෙම නැතුව ඒ මම මාධ්‍යට එන්න අකමැති කෙනෙක් නිසා නෙවෙයි, ගොඩක් අය ඒක වැරදියට තේරුම් අරගෙන ඉන්නේ”

ඉතින් මේ විදියට හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න ශලනි පහුගිය දවසක කියලා තිබ්බා ඇයගේ විවාහය ලබන වසරේ සිදුවෙනවා කියලා, ඒ වගේම මේ වනවිට ඇය පෙම්වතියක් කියලත් මාධ්‍යට ප්‍රකාශ කරලා තිබ්බා, ඒ වගේම ශලනි පහුගිය දවසක ඇය පෙම්වතා සමග ඉන්න පින්තූර කිහිපයක් සමාජ ජාලාවලට එකතු කරලා තිබ්බා, ඒ ලෝකේ අලුත්ම ට්‍රෙන්ඩ් එක වන Ai ආකාරයට නිර්මාණය කරපු පින්තූර කිහිපයක්, ඇය ඒ පින්තූර කිහිපයට කැප්ෂන් විදියට දාලා තිබ්බේ ‘එයයි මායි’ කියලා, ඉතින් ඒ පින්තූර කිහිපයට ඇයගේ රසික රසිකාවියන් ගොඩක් ප්‍රතිචාර දක්වලත් තිබ්බා”

මොන ප්‍රශ්නේ තිබ්බත් මම එක ඇඳුමක් අඳින්නේ එක පාරයි – ජනප්‍රිය නිලි පියුමි ශ්‍රීනායක

මේ දවස්වල ලංකාවේ බහුතරයක් නරඹන ආදරණීය ටෙලිනාට්‍යක් තමයි ස්වර්නවානිනී නාලිකාවේ විකාශනය ‘පාරදිගේ’ ටෙලිනාට්‍ය, ඉතින් මේ නාට්‍ය හරහා හැමෝගේම ආදරේ දිනාගන්න සමත්වුණ දක්ෂ වගේම සුන්දර රංගන ශිල්පිනියක් තමයි පියුමි ශ්‍රීනායක කියන්නේ, ඉතින් අපි අද කතා කරන්න සූදානම් වෙන්නේ දුටුවන්ගේ නෙත් වශී කරනවන සුන්දර රුවකට හිමිකම් කියන පියුමි ශ්‍රීනායක සමග, පියුමි අපි දකිනවා ඔයා කරන විලාසිතා හැමෝගෙම ආකර්ෂණය දිනාගන්න සමත්වෙලා තියෙනවා, ඒකට විශේෂ හේතුවක් තියෙනවද..? ”මම දකින විදියට ඒකට විශේෂම හේතුව තමයි මම හරිම ලස්සනය පිළිවෙලට ඇඳුම් අඳින එක ඒ වගේම මම ලෝකේ ඉන්න හැමෝගෙම විලාසිතාගැන අවධානයෙන් ඉන්නේ, මම ඉතින් ඒවා බලලා මම කැමති විලාසිතා තෝරාගන්නවා”

එතකොට පියුමි වැඩියෙන්ම කැමති කාගේ විලාසිතාවලටද..? මම වැඩියෙන්ම ආස ජනරිය නිලි දීපිකා පදුකෝන්ගේ විලාසිතාවලට, සමහර වෙලාවට මම විශේෂ අවස්ථාවලට යද්දී දීපිකාගේ විලාසිතා ඒ විදියටම කරන්න උත්සහ කරනවා, දීපිකාට අමතරව ආලියාබාත්, ජාන් බී කපූර්, ප්‍රියංකා චොප්රා, වගේ කට්ටිය කරන විලාසිතා වලටත් මම ගොඩක් ආසයි, මම කොහොමත් ආසයි ලස්සනට අන්දලා පැළඳලා ඉන්න”

ඔබට හිතෙන විදියට ඔයාට ගැලපෙනම විලාසිතා මොනවද..? ‘මට ගැලපෙනම විලාසිතා තමයි ඉන්දියානු විලාසිතා, මගේ මුහුණේ හැඩයි ඇඟේ පැහැයයි නිසා මම හින්දි විලාසිතා කරද්දී ගොඩක් අය කියනවා මම හින්දි නිලියක් වගේ කියලා, මම විලාසිතා කරද්දී දුඹුරු පාට හැරෙන්න ලෝකේ තියෙන ඕනෑම පාටක ඇඳුම් අඳිනවා මම දුඹුරු පාට ඒවා පෙන්න බෑ, අනිත් හැම පාටක්ම මට ලස්සනයි කියලයි මට හිතෙන්නේ,”

අපි දකිනවා ඔබ ඔබටම ආවේනික විලාසිතා කරනවා, ඉතින් ඒ ඇඳුම් නිර්මාණය කරගන්නේ ඔබමද..? ”ඇත්තම කියනවනම් නැහැ, මට මම වෙනුවෙන්ම ඇඳුම් නිර්මාණය කරන කෙනෙක් ඉන්නවා, එයා තමයි රුවන් චාමර මල්ලි, එයා මට නිර්මාණය කරලා දෙන එක ඇඳුමක් මම අඳින්නේ එක පාරයි, ඉතින් ඒ නිසා එයා අලුත් අලුත් ඇඳුම් ගොඩක් මට හදලා දෙනවා, ඇත්තම කියනවනම් එයා අති දක්ෂයෙක්”

විලාසිතා වෙනුවෙන් ලොකු මුදලක් වැය කරනවා ඇති නේද එහෙනම් ” අනේ නෑ, මම නිතරම බලන්නේ අඩු මුදලකින් ලස්සනට අඳින්න පළදින්න, මම කොහොමත් බ්‍රැන්ඩඩ් ඇඳුම් විතරක් අඳින කෙනෙක් නෙවෙයි, මම මට ගැලපෙන ඕනෑම ඇඳුමක් අඳිනවා, මට එහෙම මානසික මට්ටමක් නෑ, පොඩි ගානකට ලස්සන ඇඳුමක් හම්බවුනොත් මම ඒකත් අරන් අදිනවා, ඒක පාටියකට හොඳයි කියලා හිතුනොත් මම පාටියකටත් ඒක අඳිනවා,”

"ආජන්ටිනාව දිනනවා කියලා මං කලින්ම කිව්වා" බෝර්න් අගේන් ජෙරම් යළිත් වහසි බස් දොඩමින් අනුන්ගේ දරුවන්ට උප්පැන්න ලියයි

මෙවර පා පන්දු ලෝක කුසලානයේදී ආජටිනාව ලොවම මවිත කරවන බවට තමන් කලින්ම පැවසූ බව පාස්ටර් ජෙරම් කියා සිටිනවා.

වීඩියෝවක් නිකුත් කරමින් ඔහු කියා සිටිනුයේ ප්‍රංශය පිළිබඳවද තමන් කල් තියාම එලෙස ප්‍රකාශ කරනු ලැබූ බවයි.

කෙසේ වෙතත් තරඟාවලිය අවසාන වන තෙක් නොසිට ජයග්‍රාහකයා කවුද යන්න හැකිනම් පවසන ලෙසට නෙත් එෆ් එම් රේඩියෝවේ බැලුම්ගල වැඩසටහනින්ද ඔහුට ප්‍රසිද්ධියේ අභියෝගයක් එල්ල කල අතර තවත් බොහෝ දෙනෙකු මේ හා සමාන අදහස් ප්‍රකාශ කරනු ලැබුවා.

එහෙත් ඒ සියල්ල හමුවේ මුණිවත රැක සිට තරඟය නිමවීමෙන් අනතුරුව මෙලෙස වහසි බස් දෙඩීම නම් හාස්‍යයට කරුණක් වනවා.

හරක් මස් එළු මස් කන අයට ජනාධිපති කාර්යාලයෙන් හොඳ නිව්ස් එකක්!

දිස්ත්‍රික් සහ පළාත් මට්ටමින් හරක් මස් සහ එළු මස් ප්‍රවාහනයට පනවා තිබූ තහනම ඉවත් කළ බව ජනාධිපති කාර්යාලය පවසයි.

උතුරු සහ නැගෙනහිර පළාත්වල සතුන් ඉකුත්  දෙසැම්බර් 8 සහ 9 දින වල හදිසියේ මිය යාම හේතුවෙන් මහජන සෞඛ්‍ය සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි එළු මස් සහ හරක් මස් ප්‍රවාහනය අත්හිටුවීමට ජනාධිපතිවරයා නියෝග කර තිබිණි.

අනතුරුව කළ රසායනාගාර පරීක්ෂණවලින් තහවුරු වූයේ මෙම සත්ව මරණ වලට හේතුව හදිසියේ ඇති වූ ඇතිවූ සීතල කාලගුණය නිසා ඇතිවූ කම්පනය බවයි.

ඒ අනුව සත්ව මරණ වලට හේතුව වසංගතයක් නොවන බවට සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය අධ්‍යක්ෂ දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.

ලබන වසරේ සිට වාර විභාග නොපැවැත්වෙයි - ඒ වෙනුවට නවතම ක්‍රමවේදයක්!

ලබන මාර්තු මස අග සිට ආරම්භ වන 2023 පාසල් අධ්‍යයන වර්ෂයේ දී ප්‍රාථමික අංශයේ වාර විභාග නොපවත්වා පාඩමෙන් පාඩමට සිසුන්ට අභ්‍යාස ලබා දී එහි ලකුණු වාර්තා තබාගෙන ඒවා සහ වර්ෂාවසානයේ පවත්වන විභාගයේ ලකුණු මත සිසු ඇගයීම් හා තක්සේරුකරණ ක්‍රියාවලිය ක්‍රියාවට නංවන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.

නත්තල් සැමරුම් උත්සවයක ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

නිවාඩු අඩු කර වැඩියෙන් වැඩ කර ලබන දෙසැම්බර් මාසය වන විට සියලු විෂය නිර්දේශ ආවරණය කර පාසල් අධ්‍යාපන කටයුතු යථා තත්වයට පත් කරන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා.

“දරුවාව එක්කගෙන ගිය කෙනා දරුවාව පාසලට දාලා නැහැ – මගේ දරුවට මොකද වුණේ?” – එප්පාවල මවක් හඬා වැටෙයි

එප්පාවල ප්‍රදේශයේදී කුඩා දරුවෙකු පැහැරගෙන ගොස් ඇති බවට තොරතුරු වාර්තා වෙනවා.

මෙලෙස පැහැරගෙන ගොස් ඇත්තේ එප්පාවල කිරලෝගම ගැටදිවුල ප්‍රදේශයේ පදිංචි 9හැවිරිදි වියේ පසුවන කුඩා දරුවෙක්.

දරුවාගේ මව පවසන්නේ ඊයේ (19) රාත්‍රියේ සිට තම දරුවා අතුරුදන්ව ඇති බවයි.

තම නිවසට නිතර පැමිණි අයෙකු මෙම දරුවා රැගෙන යන්නට ඇති බවට සැකපළකරන බවද දරුවාගේ මව පවසනවා.

ඉහත ඡායාරූපයේ දැක්වෙන දරුවා පිළිබඳ තොරතුරක් වෙතොත් එප්පාවල පොලිස් ස්ථානයේ දුරකථන අංක 025-2249122 වෙත දැනුම්දෙන ලෙසට ඉල්ලා සිටිනවා.

වැඩිදුරටත් අදහස් දැක්වූ මල්කාන්ති මහත්මිය කියා සිටියේ,

“පෙරේදා (19) ගොඩක් වැස්ස, මගේ කකුලේ අමාරුවකුත් තිබුණා, මම ඊට පස්සේ ඔය ඉලෙක්ට්‍රික් වැඩ කරන ප්‍රියන්ත මල්ලිට කිව්වා දරුවා පාසලට ගෙනිහින් දාන්න කියලා. එයා හා අක්කේ ළමයා තෙමන්න බෑනේ, මම ගෙනිහින් දාලා ආපහු එක්කගෙනත් එන්නම් කියලා කිව්වා. එයා දරුවාට හරි ආදරේ බවක් පෙන්නනවා. හැමදේම කරලා දෙනවා. දරුවා එක්කගෙන ගියා උදේ ඇවිත්. හැබැයි ඉස්කෝලෙට දාලා නෑ දරුවා. මං ඒක පස්සේ දැනගත්තේ. මගේ පුතා ඉලෙක්ට්‍රික් වැඩවලට ආසයි. ඒකයි ඒ කෙනා එක්ක මිතුරු. එයා එක්ක එකතු වෙලා රේඩියෝ හදලා තියෙනවා. මට ඒ ප්‍රියන්ත කියන කෙනා කලින් දවසක කිව්වා, සෙලින්කෝ එකෙන් තරගයක් තියෙනවා, මෙයා ඔය හදන දේවල් ඒකට ඉදිරිපත් කළාම සහතික දෙනවා, ඒවාට උදව් කරනවා කියලා. පුතත් ඒකට යන්න ඕනෑ කියා කිව්වා. පුතා ප්‍රියන්තත් එක්ක එකතු වෙලා හදපු රේඩියෝ එකට ගියපු වියදමවත් අපෙන් ගත්තේ නෑ. සෙලින්කෝ එකෙන් ඒවත් හම්බෙනවා කියලා කිව්වා.

මේක හදපු හැටි රෑට සෙලින්කෝ එකෙන් කථා කරලා විස්තර අහයි කියලා කිව්වා. ඊට පස්සේ පහුවදා උදේ ඒ කියන්නේ පෙරේදා (19) 6ට විතර මට කෝල් එකක් ආවා. දරුවාගෙන් විස්තර ඇහුවා මේ උපකරණය කොහොමද හැදුවේ කියලා. පුතා ඒවට උත්තරත් දුන්නා. මට සැක හිතුනා ඒ කථා කළේ ප්‍රියන්තමයි කියලා. මට ඊට ටික වේලාවකට පස්සේ ප්‍රියන්ත කතා කරලා ඇහුවා සෙලින්කෝ එකෙන් කතා කළාද කියලා? මම ඒ වෙලාවෙත් එයාට කිව්වා ඔයාගේ කටහඬ ඇහුනේ කියලා. මට කටහඬ මාරු කරලා කතා කරපු විත්තියක් තේරුණා. සිග්නල් නැති හින්දා එහෙම ඇහෙන්න ඇත්තේ. මං එන්නම් ළමයා ඉස්කෝලේ දාන්න කියලා කිව්වා. එයා කිව්වා 3.00ට කලින් සෙලින්කෝ එකට පුතා ඒ ඉලෙක්ට්‍රික් වැඩ කරන වීඩියෝ එකක් සෙලින්කෝ එකට යවන්න ඕනෑ කියලා. මම කිව්වා ඉස්කෝලේ ඇරිලා ඇවිත් ඒ වීඩියෝ එකත් යවලා 3.30 විතර වෙද්දී අරන් එන්න 4.00ට ඉංග්‍රීසි පන්ති තියෙනවා කියලා. ඊට පස්සේ ඉස්කෝලෙට දැම්මා කියලා කෝල් එකකුත් දුන්නා. 2.10ට විතර පුතා එක්කන් ආවා කියලත් කෝල් කළා.

ඊට පස්සේ අර වීඩියෝ එක කරන ගමන් ඉන්නේ කිව්වා. හා කියලා 3.30ට ළමයා එක්කන් ආවා. ඊට පස්සේ පුතා ගෙට ගිහින් පන්ති යන්න ලෑස්ති වෙලා ආවා. ඊට පස්සේ එයාම පුතාව පන්ති දාලා ආපහු එක්කගෙනත් එන්නම් කිව්වා. හවස වහින්නත් වගේනේ කියලා කිව්වා. එයාගේ වෙනසක් මට තේරුණේ නෑ. ළමයාට ආදරයට මේවා කරනවා කියලා මම හිතුවේ. ඊට පස්සේ 4.30ට විතර තමයි පන්තිය ගාවට එයා ගිහින් තියෙන්නේ. පන්තියට ගිහින් කියලා තියෙනවා ළමයා අද එන්නේ නෑ, ළමයාට බඩේ අමාරුවක්, ලබන සතියේ ඉඳන් එන්නම් කියලා. ළමයා කදුරුගස්වැව පැත්තට එක්කන් ගිහින් තියෙනවා. ඊට පස්සේ 6.00ට විතර කතා කරලා කිව්වා අක්කේ මං පන්තිය ළඟ ඉන්නේ. හරි පුතා එනවා මං එක්කන් එන්නම් කියලා කිව්වා. ඊට පස්සේ ළමයා අරගෙන ගෙදරට ආවා 6.30ට විතර. ඊට පස්සේ ප්‍රියන්ත කියන කෙනා දරුවා ගෙදරට දාලා, මම දැක්කා ළමයාගේ ඔළුව අත ගාලා මොනවා හරි කියනවාත්. මං දැක්කා, ඊට පස්සේ ප්‍රියන්ත යන්න ගියා.

මට කට්ටිය කිව්වා ළමයා මෙයා ගාවට යවන්න එපා කියලා. හැබැයි මේ ඔක්කොම, මං මේ දේවල් වුණාට පස්සෙයි දැනගත්තේ. ටීචර්ට කතා කළාට පස්සේ තමා මං දැනගත්තේ පන්ති ගෙනිහින් නෑ කියලා. ඉස්කෝලේ සර්ට කතා කරාම දැනගත්තේ ඉස්කෝලෙට ළමයා දාලත් නෑ කියලා. ප්‍රියන්ත කිව්වා එයාගේ බිරියයි දරුවෝ දෙන්නයි වැලිකන්දේ බෝම්බයකට අහු වෙලා මැරුණා කියලා. ළමයි නැති ශෝකයට මෙයා මගේ දරුවාට ආදරේ කරන්නේ කියලා මම හිතුවා. ඊට පස්සේ කොහොම හරි පෙරේදා (19) රෑ 8.30ට විතර බලනකොට පුතා ගෙදර හිටියේ නෑ. හැමතැනම හෙව්වත් පුතා ගෙදර කොහෙවත් හිටියේ නෑ. අර ප්‍රියන්ත කියන කෙනා රෑ අපේ ගේ ළඟ ත්‍රීවීල් එක නවත්තගෙන ඉන්නවා ඒ ළඟ ගෙවල්වල අය දැකලා තියෙනවා. අපි සැක කරන්නේම ප්‍රියන්ත තමයි දරුවා පැහැරගෙන ගියේ කියලා.

“රිමෝට් කාර්, එල්.ඊ.ඩී. බල්බ් වර්ග දීලා තිබුණා මේ බයිසිකලේට එල්ලගන්න. නොමිලේ ඒවා හදලා දීලා තමයි පුතාව යාළු කරගත්තේ. ඔය දැන හැඳුනුම්කම දැන් මාස 2 ½ක් විතර ඉඳන් තියෙන එකක්. පුතා ඉලෙක්ට්‍රික් වැඩවලට ආස නිසා එයා ඒ දේවල්වලට උදව් කරන විදිහට පුතාව වෙන මොනවා හරි දේකට පොළඹවාගෙන තියෙනවා කියලා මට හිතෙනවා. දරුවා අතුරුදන් වුණාට පස්සේ අපි ප්‍රියන්තගේ කඩේට ගිහින් බැලුවා. එයා හිටියෙත් නෑ. ඊට පස්සේ අපි ප්‍රියන්ත පදිංචි තලාවේ ගෙදරට ගියා. එහෙත් නෑ, ඊට පස්සේ අපි 119ට පැමිණිලි කළා. එප්පාවල පොලිසියට ගිහින් අපි පැමිණිල්ලකුත් ඉදිරිපත් කළා. තවම පුතා ගැන තොරතුරක් නෑ. මං වැඳලා ඉල්ලන්නේ මගේ පුතාව හොයලා දෙන්න කියලා. මගේ පුතා අවසානෙට රතු ටීෂර්ට් එකකුයි, දුඹුරු පාට දිග කලිසමකුයි ඇඳන් හිටියේ” යැයි පැවසුවා.

එප්පාවල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනවා.

ඉන්දියාවේ පොලිසිය අල්ලගත්ත ලංකාවේ පාතාල කල්ලි ලොක්කෝ 9 දෙනා ගැන තවත් තොරතුරු එළියට!

ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ නීතිවිරෝධී මත්ද්‍රව්‍ය හා අවි ජාවාරම සම්බන්ධ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් 09 දෙනෙකු ඉන්දියාවේ තමිල්නාඩුවේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම පිරිස අතර සී.ගුණසේකරන් හෙවත් ගුණා, පුෂ්පරාජා හෙවත් පූකුඩුකන්නා, මොහොමඩ් අස්මින්, අලහප්පෙරුමගේ සුනිල් ගාමිණී ෆොන්සේකා, ස්ටැන්ලි කෙනඩ් ප්‍රනාන්දු, ලඩියා, ධනුක රොෂාන්, වැල්ලේ සුරංග හෙවත් ගමගේ සුරංග ප්‍රදීප්, තිලීපන් යන අය සිටින බවයි අයි ඒ එන් එස් ඉන්දීය පුවත් සේවය සඳහන් කළේ.

මොවුන්ට එරෙහිව එල්ටීටීඊය පුනර්ජීවනය කිරීම සඳහා මත්ද්‍රව්‍ය හා ආයුධ ජාවාරමට සම්බන්ධ බවට චෝදනා ඉදිරිපත්ව තිබෙනවා.

අත්අඩංගුවට ගත් පුද්ගලයින් දෙදෙනෙකු ඩුබායි, පකිස්ථානය සහ ඉරානය අතර නිතර ගමන් කළ පාකිස්තානය පදනම් කරගත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන හාජි සලීම් සමඟ නිරන්තර සම්බන්ධතා පැවැත්වූ බව ඒජන්සිය පවසනවා.

ඉන්දීය ඔත්තු සේවාව මෙම වැටලීම සිදුකර තිබුණා.

EXCLUSIVE : ෂැංග්‍රිලා හෝටලයේ තවත් සුපිරි මගුලක්! විශේෂ කාමරයක මහින්ද-සාගල-ජොන්ස්ටන්-සාගර පැය එකහමාරක රහස් සාකච්ඡාවක්!

ගාලු මුවදොර පිහිටි සුපිරි ෂැංග්‍රිලා හෝටලයේ ඊයේ රාත්‍රියේදීද සුපිරි විවාහ මංගලෝත්සවයක් පැවැත්වී ඇත.

ප්‍රකට ව්‍යාපාරිකයකුගේ පුත්‍රයකුගේ විවාහයක් වූ ඊට ප්‍රකට ව්‍යාපාරිකයන් මෙන්ම ප්‍රබල දේශපාලඥයන්ද සහභාගී වී සිටි ආකාරයක් දැකගත හැකි විය.

මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ මංගල උත්සවය පැවැත්වුණු ශාලාවට යාබදව පැවැති VIP කාමරයක විශේෂ දේශපාලන සාකච්ඡාවක්ද පැවැත්වීමය.

ඊට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදේශක සාගල රත්නායක, ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ පොහොට්ටුවේ මහලේකම් සාගර කාරියවසම් එක්ව සිටියහ.

මෙම සාකච්ඡාව පැය එකහමාරක් පුරා පැවැති අතර ඒ සියලු දෙනා රාත්‍රී භෝජන සංග්‍රහයද එහිදීම ගත් බව දැනගන්නට ඇත.

එමෙන්ම අද දිනයේදීද දේශපාලඥයන් සහභාගී වන තවත් සුපිරි මංගල උත්සවයක් ෂැංග්‍රිලා හෝටලයේ පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ.

මව්රට

පොඩි කාලේ ඉදලා අනම් මනම් බලලා ලබපු පුරුද්දක්… සැමියන් සිව්දෙනෙකුගෙන් තෘප්තිමත් නොවූ තරුණීය අවසානයේ කසාද සහතික 3ක් එක්ක නීතිය හමුවට!

ඇයගේ වයස මේ වනවිට අවුරුදු විසි අටකි. ඉතා රූමත් ඇය නිතරම රූපලාවන්‍ය උපකරණද භාවිතා කළාය. කුඩා අවධියේ සිටම නිල් චිත්‍රපටිවලට ඇබ්බැහි වූ ඇය වයස දාහතේදී කොළඹ ප්‍රදේශයේ තරුණයෙකු සමඟ විවාහ වූවාය.

එලෙස විවාහ වූයේ 2010 වසරේදී වන අතර එම විවාහයෙන් ඇය දරුවෙකු ප්‍රසූත කළාය.

වසර දෙකකටත් අඩු කාලයක් එම විවාහය පැවති අතර සැමියා විදේශ රැකියාවකට ගිය අතරේ 2013 වසරේදී ඇය ගම් පළාතේ පුද්ගලයෙකු සමඟ දෙවන වරටත් විවාහ වූවාය. එම විවාහයෙන් දරුවන් ප්‍රසූත නොකිරීමට ඇය වගබලා ගත්තාය.

එහෙත් එම සැමියාද ඇයගේ හිතට හරි ගියේ නැත. වසර තුනකින් එම විවාහයද කෙළවර විය.

ඇය තෙවැනි වරටත් විවාහ වූ අතර එසේ විවාහ වූයේ 2016 වසරේය. පෙර දෙවතාවක් ඇය විවාහ වී සිට ඇති බවක් ඔහු දැන ගත්තේ නැත.

තෙවන සැමියා සමඟද ඉතා කෙටි කාලයක් පමණක් සිටි ඇය වසර තුනකින් එම විවාහයද කෙළවර කරගත්තාය.

මේ අතරතුරදී දිනක් ඇය එක්තරා ආයතනයකට පැමිණි අවස්ථාවේ එහි සේවය කරන නිලධාරියෙකු හඳුනා ගත්තාය. ඇගේ රූපශ්‍රියට ඔහුගේ සිතේද ආදරයක් ඇති විය.

ඇය තමාගේ බිරිඳ කරගන්නට ඇත්නම් කොපමණ හොඳදැයි ඔහු සිතුවේය. අවසානයේ එම සිතිවිල්ල පල දැරීය.

ඒ අනුව 2021 වසරේ ඔවුන්ගේ විවාහය ලියාපදිංචි කෙරිණි.

ඒ ඇයගේ සිව්වන විවාහය බව ඔහු දැන සිටියේ නැතිමුත් සිව්වන විවාහයෙන් ඇය දරුවකු ප්‍රසූත කළාය.

ටික කලක් යනවිට ඔවුන්ගේ විවාහය දෙදරා ගියේය.

ඇය ඔහු සමග නිතර නිතර රණ්ඩු සරුවල් කර ගත් අතර ඇයගේ පෙර වැරදි රැසක්ද ඔහුගේ සවනට වැටෙන්නට විය.

ඔහු පොලිසියට පැමිණ පැමිණිල්ලක් දැම්මේය. ඔහු එලෙස පැමිණියේ ඇයගේ පෙර විවාහ සහතික තුනද සොයා ගෙනයි.

තමා පත් වූ තත්ත්වය ගැන ඔහු සැබැවින්ම කම්පාවට පත්ව සිටි අතර පොලිසිය පැවසුවේ විමර්ශනවලින් පසු බහු විවාහ චෝදනාව යටතේ ඇයට එරෙහිව ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරන බවය.

“ඒ වැඩේ නිසා සේරම ගැස්සුණා” – මධුසම රාත්‍රීයේ කාමරයේ සැඟවි සිටි 18 හැවිරිදි තරුණයා මනාලියට කල දේ!

අලු‍ත්ගම, කාලවිල ප්‍රදේශයේ මංගල උත්සවයකින් පසුව විවාහක යුවළ නැවතී මධුසමය ගතකරමින් සිටි හෝටලයේ කාමරයේ සැඟවී සිටි තරුණයෙකු රාත්‍රියේ නිදා සිටියදී මනාලියට අතවරයක් කිරීම සම්බන්ධයෙන් එම තරුණයාව අලු‍ත්ගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

යුවළ නැවතී සිටි කාමරයේම සිටි අදාල 18 හැවිරිදි තරුණයෙකු වන මොහු එදින විවාහ වූ පුද්ගලයාගේ හොඳම මිතුරාගේ මාර්ගයෙන් මංගල සාදයට එක්ව සිටි අයෙකි.

ඔහුව යුවළ එදින හඳුනාගත් බවත් වාර්තාවේ.

මංගල උත්සවය අවසන් වන්නට පෙරාතුව අසල්වාසී මිතුරෙකුගේ නිවසට යන බව පවසා උත්සව භූමියෙන් පිටතට ගමන් කරන ආකාරයක් පෙන්වූවද මොහු නව යුවළගේ නිදන කාමරයට කාටත් හොරෙන් ඇතුළු වී නව යුවළ නිදන ඇඳ යට සැඟවී සිට ඇත.

රාත්‍රී කාලයේ යුවළ සිදු සිදුකරන ක්‍රියාකාරකම් නිරීක්ෂණය කරමින් ඔහු ඇඳ යටට වී නිසොල්මනේ සිටි බවද කියැවේ.

ඔහු ඇඳ යට සිටින බව යුවළ දැන ගෙන සිට නැති අතර පාන්දරට කිට්ටු වෙද්දී මනාලයා කාමරයේ තද නින්දට ගිය අවස්ථාවක් බලා අඩ අදුරේ ඇඳ යටින් එලියට ආ සැගවී සිටි තරුණයා මනාලිය සිප වැළඳගෙන ඇත.

එම අවස්ථාවේ මනාලිය සිතා ඇත්තේ ඒ තමාගේ මනාලයා බවයි.

තරුණයා මනාලියගේ අවයව ස්පර්ශ කරමින් ඇය සමග ලිංගික එක්වීමට උත්සාහ කරමින් සිටි නමුත් ටික වේලාවක් යද්දී වෙනස තේරුම් යාමත් ඇද උඩ සැමියාට අමතරව වෙනත් පිරිමියෙකුද සිටිබව දැනගැනීමත් සමඟ ඇය කෑගසා තිබේ.

විවාහක සැමියා ඇතුළු සෙස්සන් අවදිවීමෙන් පසුව තරුණයා අල්ලාගෙන පහරදීමට උත්සාහ ගෙන ඇති අතර ඔහු බේරී පළාගොස් ඇත.

පසුදින පොලිසියට කළ පැමිණිල්ලක් මත සැකකරු සැඟවී සිටියදී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

සිද්ධිය වූ අලු‍යම අලු‍ත විවාහයට ඇතුළත් වූ තැනැත්තියට ලිංගික හිංසනයක් සිදුකර ඇති බව පරීක්ෂණ සිදුකරන පොලීසිය දන්වා ඇත.

සැකකරු ගම්පොළ ප්‍රදේශයේ මෑතක පාසල් කටයුතු අවසන් කළ තරුණයෙකුවේ.

මෙම තරුණයා කිසියම් මානසික අසමතුලිතභාවයකට ගොදුරුවූ අයෙකු බව වාර්තාවේ.

ඔහුට අවශ්‍යවී ඇත්තේ මධුසමය ගතකරන යුවළගේ එක්වීම සජීවීව නිරීක්ෂණය කිරීම බවත් පාපොච්චාරණය කර ඇත.

කෙසේ වුවත් නිරීක්ෂණය අතරතුර තමන්ගේ හැඟීම් අවදිවූ බවත් ඒ නිසා මනාලිය ස්පර්ශ කිරීමට ආසාවක් පහළවූ බවත් පවසා ඇත.

නමුත් ‘ඒ වැඩේ නිසා සියල්ල ගැස්සුණ බවත්‘ තරුණයා පාපොච්චාරණය කර තිබේ.

මේ මිනිහා පුදුම වදයක් දෙන්නේ මිස්.. මුළු ඇගපතම රිදෙනවා.. ඉදලා හිටලා කමක් නෑ.. හැමදාම පුළුවන්ද ? නිල චිත්‍රපටවලට ඇබ්බැහි වූ ස්වාමිපුරුෂයා ගැන බිරිදගෙන් පැමිණිල්ලක්…

දිනපතා අසභ්‍ය චිත්‍රපට නරඹන විවාහක පුද්ගලයෙකු සම්බන්ධයෙන් පැමිණිල්ලක් දකුණු පළාතේ පොලිස් ස්ථානයකට පැමිණිල්ලක් සිදුකර තිබෙනවා.

මෙම පුද්ගලයා දිනපතා රාත්‍රියේ නින්දට යාමට පෙර අසැබි චිත්‍රපට (පෝර්න් වීඩියෝ) නැරඹීම පුරුද්දක් කරගෙන ඇති බව එම පුද්ගලයාගේ බිරිද විසින් පොලිස් නිලධාරිනියකට පවසා ඇත.

මුල් කාලයේදි ඔහු තනිවම ලිංගික වීඩියෝ දර්ශන නරඹා නින්දට යන බවත්, පසුකාලීනව තමන් නින්දෙන් අවදිකර එවැනි ඉරියව් වලට යොමු වන ලෙසට බල කිරීම් සිදුකරන ඇය පවසා තිබෙනවා.

ස්වාමිපුරුෂයාගේ ආශාවන් ඉටුකිරීම වෙනුවෙන් ඇය ඒවා සිදුකළ බවත්, දිනෙන් දින එහි අඩුවක් නොමැති බවත් ඇයට පෙනී ගිය බව සදහන් කර තිබෙනවා.

මිස් මම ඉවසලා බැලුවා මගේ මිනිහගේ වැඩවල අඩුවක් වෙයිද කියලා. එහෙමත් නෑ. එයාට අනියම් සම්බන්ද මොනවත් නෑ. එයා හරි හොදයි. ඒත් මේ කරදරේ හැමදාම කරන්න බෑ. යනුවෙන් ඇය නිලධාරිනියට පවසා තිබෙනවා.

සිනාමුසු මුහුණින් නිලධාරිනිය පවසා ඇත්තේ පවුල් ජීවිතයේ එවැනි දේවල් විසදා ගැනීම පොලිස් ස්ථානය සුදුසු තැනක් නොවන බවත් ස්වාමිපුරුෂයා මනෝවෛද්‍යවරයෙකු ට පෙන්වන ලෙසයි.

එහිදී යම්කිසි සැනසීමක් ලබාගැනීමට හැකිවනු ඇති බවයි.

ඇය සදහන් කර ඇත්තේ තමන්ට කුඩා දරුවෙක් ද සිටිනා බවත් ඉහළ නිලධාරියෙකුට කියා ස්වාමිපුරුෂයාට අවවාද කරන ලෙසටයි.

නැවතත් සිනාසුන නිලධාරිනිය පවසා ඇත්තේ අපි කොහොමද බිරිදත් එක්ක සතුටින් ඉන්න එපා කියන්නේ. ගැහැනු අපි හැමෝටම ඔය ප්‍රශ්න තියෙනවා. ටික දවසක් යනකොට හරියයි.

බිරිඳ සහ දරුවන් මාව දාලා ලබන මාසේ ඔස්ට්‍රේලියාවට යනවා...එයා කවදාවත් මට බල කරලා නෑ එයා එක්ක එන්න කියලා - විශ්ව කොඩිකාර

පුංචි තිරයටත් රිදී තිරයටත් නැතුවම බැරි රංගන ශිල්පියෙක් තමයි විශ්ව කොඩිකාර කියන්නේ, විශ්ව රංගන ශිල්පියෙක් විදියට කලාවට සම්බන්දවෙලා මේ වනවිට වසර 15කට අධික කාලයක් වෙනවා, කොහොම වුනත් මේ වනවිටත් විශ්ව කොඩිකාර ටෙලි නිර්මාණ කිහිපයකටම සම්බන්ද වෙලා තියෙනවා, ඉතින් අපි අද කතා කරන්න සූදානම් වෙන්නේ කාගේත් ආදරේ දිනාගෙන ඉන්න විශ්ව කොඩිකාර සමගයි, විශ්ව මේ දවස්වල හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්නවා නේද..? ”ඔව් මම මේ දවස්වල කියාදෙන්න ආදරේ තරම් නාට්‍යයේ රඟපාන චරිතයට ගොඩක් ප්‍රතිචාර ලැබෙනවා, පහුගිය දවසක මම මොන්ටිසෝරියක වැඩකට සම්බන්ධ වුණා එතන හිටපු ළමයින්ගේ දෙමාපියන් හැමෝම කතා වුනේ මගේ චරිතය ගැන, හරිම සතුටුයි එහෙම ප්‍රතිචාර ලැබෙද්දී”

විශ්ව එක රාමුවකට කොටුවෙලා කියලා හිතෙන්නේ නැද්ද..? ”මට ලැබෙන්නේ එකම චරිතනේ, ඉතින් කරන්න දෙයක් නෑ, මම ඒවා ප්‍රතික්ෂේප කරන්නෙත් නෑ, මොකද මේ චරිත එපා කියන්න පුළුවන් තත්වයක නෙවෙයි මම ඉන්නේ, එක පැත්තකින් මම ආර්ථිකව වැටිලා ඉන්නේ, දැන් මට ලැබෙන චරිත මම කොහොමද වෙනස් විදියට කරන්නේ කියල විතරයි මම හිතන්නේ, කලින් නාට්‍ය දෙක තුනක චරිත වෙනස් වුනා, ඒ වගේ ඉදිරියටත් වෙනසක් කරන්න මම බලාපොරොත්තු වෙනවා,”

මේ දවස්වල රටේ ප්‍රශ්න වැඩි නිසා බිරිඳ එහෙම කියලා නැද්ද වෙන රටකට යමු කියලා, ”මේ ළඟදී මගේ යාලුවෙක් අපේ ගෙදර ඇවිත් වයිෆ්ට කියනවා මම අහගෙන නංගි සිටිසන් තියෙන එකේ මූව කොහොම හරි එක්කගෙන ඔස්ට්‍රේලියාවේ පදිංචියට යන්න කියලා, වයිෆ් කිවුවා මම නම් කවදාවත් මෙයාට එහෙම කියන්නේ නෑ කියලා, වයිෆ් කියන්නේ මම මෙහෙ ඉන්න ඕන කෙනෙක් කියලා, මගේ බිරිඳ සහ දරුවන් ලබන මාසේ ඔස්ට්‍රේලියාවට යනවා, එයා කවදාවත් මට බල කරලා නෑ රංගය අතහැරලා එයා එක්ක එන්න කියලා ඒ අතින් මම පට්ට වාසනාවන්තයි තව අවුරුදු 10කින් විතර මමත් යනවා”

අමිල එක්ක යාලුවෙද්දී මට වයස 18යි වැඩිය හිතන්නේ නැතුව තමයි මම යාලු වුනේ – ජනප්‍රිය නළු අමිලගේ බිරිඳගේ තේජා

අනූව දශකයේදී රංගනයට අවතීර්ණ වෙලා හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න රංගන ශිල්පියෙක් තමයි අමිල අබේසේකර කියන්නේ, කාන්තා ආකර්ෂණය වැඩියෙන්ම ලැබුන රංගන ශිල්පියෙක් විදියටත් අමිලව හඳුන්වන්න පුළුවන්, ඉතින් අපි අද කතා කරන්න සූදානම් වෙන්නේ හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න අමිල එක්ක ටිකක් කතා කරන්න, අමිල දැන් ඔයා ලංකාවේ පේන්නම නෑ, මොකද රංගනයට සමුදීලද..? ”නැහැ මම තවම රංගනයට සමුදීලා නෑ, හැබැයි මම මේ දවස්වල ඉන්නේ මගේ බිරිඳ එක්ක ඩුබායිවල, මම අලුත් නාට්‍ය දෙකක් කරලා තියෙනවා ඒවා ළඟදීම විකාශනය වෙන්න පටන් ගනීවි, එක නාට්‍යයක මම රඟපාන්නේ ශලනි තාරකා එක්ක, කතා දෙකම හරිම ලස්සන කතා දෙකක්, තව නිර්මාණ කිහිපයකට ආරාධනා ලැබුනා හැබැයි මම ඒවා බාරගත්තේ නෑ මොකද ඩුබායි ඉන්න නිසා ඒවාට ඇවිත් යන්න කරදරයි,”

අමිල සහ තේජා විවාහ වෙලා කාලයක් යනකන් හිටියේ දෙපැත්තක, ඉතින් ඒ නිසාද දැන් පවුල ගැන හිතන්න පටන් අරගෙන තියෙන්නේ ”ඇත්තම කියනවනම් ඒක තමයි ඇත්තම කතාව, මගේ බිරිඳ ගුවන් සේවිකාවක් ඇය වැඩ, ඉතින් සමහර දවස්වලට එයා පාන්දර ගෙදර එද්දී මම ෂූටින් යනවා, මම ගෙදර එද්දී එයා ජොබ් එකට ගිහින්, පස්සේ තේජා ඩුබායි එමිරේට්ස් එක්ක එකතු වෙනවා, ඒ වෙද්දී මම නිවාඩු කාලය ගතකලේ ඩුබායිවල, සමහර දවස්වලට එයා ලංකාවට ආවා, ඉතින් මම තීරණ කළා එයා එක්ක ජීවිතේ බෙදාගන්න මේක තමයි හොඳම කාලයක කියලා, දැන් අපි දෙන්නා එකටමයි ජීවත් වෙන්නේ, ”

ඔබගේ බිරිඳ තේජා කියන්නේ ගොඩක් කාර්ය බහුල චරිතයක් ඉතින් කොහොමද ඔබට ඇයගෙන් ලැබෙන සහයෝගය, ”එයා එයාට පුළුවන් විදියට මගේ නාට්‍ය බලනවා, එහෙම බලලා එයා කියනවා අපරාදේ එහෙම කලේ ඔයාට මෙහෙම කරන්න තිබ්බා නේද කියලා, මගේ හැදෙන්න ඕන දේවල් ගැන මට කියලා දෙනවා, එයා කවදාවත් මට දොස් කියලා නෑ, අපි දෙන්නා ගොඩක් හොඳ අවබෝදයකින් තමයි ජීවිතේ අරගෙන යන්නේ,”

අමිලගේ ආදරය දිනාගත්ත විදිය ගැන තේජා අපිට කිවුවේ මේ වගේ කතාවක් ”මම ඉස්කෝලේ යද්දී අමිල රඟපානවා, අමිලව දැක්කම මට මොකද්දෝ හැඟීමක් ඇතිවුනා, ඒක ආදරයක්ම කියන්නත් බෑ, මොකද ටීවී එකෙන් දැක්ක රූපයනේ, මම උසස්පෙළ කරන කාලයේ තමයි යාලුවෙක් හරහා අමිලව හඳුනා ගන්නේ, ඒ කාලේ ඉඳලම යාළුවො විහිලු කරනවා ඔයාට තමයි එයාව ගැලපෙන්නේ කියලා, කොහොම කොහොම හරි අපි දෙන්නා ආදරවන්තයින් වුනා, එතකොට මට වයස 18ක් වගේ ලොකුවට ජීවිතේ ගැන ගැන හිතන කාලය නෙවෙයි නේ ඒක, හැබැයි ඉතින් අපි අපේ ආදරේ විවාහය දක්වාම අරගෙන ආවා ආදරේ කරන කාලේ එයා මගේ පෙම්වතා. විවාහ වුණාට පස්සේ එයා මගේ සැමියා. ඒ නිසා බයක් එදත් දැනුණේ නැහැ අදත් නැහැ.”

චීනයේ කොරෝනා අගුලු දැමීම් ඉවත් කළොත් පුද්ගලයන් මිලියනයක් මියයන බවට මතයක්!

රටේ කොරෝනා ව්‍යාප්තිය බින්දුවක් බවට පත් කිරීමේ ප්‍රතිපත්තිය අතහැර කොරෝනා මර්දන නීති රීති එකවර ලිහිල් කිරීමට කටයුතු කළහොත් චීනයේ ශීඝ්‍රයෙන් පැතිර යන කොරෝනා වසංගත රැලි හේතුවෙන් මිලියනයකට ආසන්න පිරිසක් මිය යනු ඇති බව හොං කොං විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරුන් තිදෙනකු විසින් සිදු කරන ලද නවතම අධ්‍යයනයකදී අනාවරණය වී තිබේ.

අදාළ මහාචාර්යවරුන් තිදෙනා විසින් සිදු කරන ලද අධ්‍යයනයට අනුව චීනයේ ප්‍රධාන නගරවල සිට ග්‍රාමීය ප්‍රදේශ දක්වාම මෙම දිනවල ශීඝ්‍රයෙන් පැතිර යමින් පවතින කොරෝනා වසංගත රැලි මර්දනය කිරීම සඳහා දැනට රට පුරා පනවා ඇති සීමාවන් හා අගුලු දැමීම් ලිහිල් කළහොත් චීනයේ ජනගහනයෙන් මිලියනයකට 684 දෙනෙකු කොරෝනා ආසාදනය හේතුවෙන් මිය යෑමේ අවදානමක් පවතී. සමස්ත ජනගහනයම කොරෝනා පරීක්ෂණවලට ලක් කරමින්, කොරෝනා ආසාදිතයන් නිරෝධායනයට ලක් කරමින් හා කොරෝනා ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් සෙවීමේ දැවැන්ත මෙහෙයුම් දියත් කරමින් රට පුරා දැඩි ලෙස අගුලු දැමීමේ නීති රීති පැනවීම හේතුවෙන් එම සීමාවන් ඉවත් කරන ලෙස ඉල්ලා රට පුරා මහජන උද්ඝෝෂණ මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතී. පනවා ඇති කොරෝනා මර්දන සීමාවන් හේතුවෙන් දෛනික අවශ්‍යතාවයන් සපුරා ගැනීම මෙන්ම ව්‍යාපාරික කටයුතු පවත්වාගෙන යාම අසීරු වී ඇති බව පවසමින් එම සීමාවන් ඉවත් කරන ලෙස මහජනතාව රජයෙන් කරන ඉල්ලීම් මේ වන විට වැඩි වී තිබේ.

මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන පනවා ඇති අගුලු දැමීම් ඇතුළු කොරෝනා මර්දන සීමාවන් ලිහිල් කිරීමට චීන බලධාරීන් මේ වන විට සැලසුම් කරමින් සිටින බව වාර්තා වී තිබේ.

සංස්කරණය – ඒමන්ති මාරඹේ

ට්විටර් සමාගමට මස්ක් "මෝඩ ආදේශකයෙකු" සොයයි

ඉලෝන් මස්ක් සිය මතවිමසිමේ ප්‍රථිපලය අනුව ට්විටර් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී තනතුරෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා.

පසුගියදා සිය ට්විටර් ගිණුම ඔස්සේ මත විමසුමක් කරමින් අසා සිටියේ තමන් තවදුරටත් ට්විටර් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරිවරයා ලෙස කටයුතු කළ යුතුද ඉවත්විය යුතුද යන්න බවයි. ඒ අනුව සීයයට 57.5ක් සඳහන් කලේ මස්ක්ට එයින් ඉල්ලා අස්වන ලෙසයි.

ඉලෝන් මස්ක් සිය තීරණය ගැන දැනුම් දෙමින් සඳහන් කර සිටියේ සිය ඉල්ලා අස්වීමෙන් පසු එම තනතුර දැරීමට තරම් සුදුසු "මෝඩ ආදේශකයෙකු" සොයා පත්කරන බවයි.

තමන් ප්‍රධාන විධායක නිලධාරිවරයා ලෙස ඉල්ලා අස්වීමෙන් පසුවද සමාගමේ මෘදුකාංග සහ සේවාදායක කණ්ඩායම් මෙහෙයවීම පමණක් සිදුකරනු ලබන බවයි.

කුඩම්මාට හැඳ ගත් ඉන්දියාව නංගි පෙන්වා අක්කා දෙන්න හදයි... කෝලි-රොහිත් ගෙට වද්දා ගනී!

ශ්‍රී ලංකාව සමඟින් පැවැත්වීමට නියමිත විස්සයි විස්ස සහ එක්දින සංචිතයෙන් ඉන්දීය නායක රෝහිත් ෂර්මා සහ විරාත් කෝලිව ඉවත් කර තිබෙනවා.

ඔවුන් දෙදෙනා විවේක ගැන්වීමට මෙම තීරණය ගත් බව එරට ක්‍රිකට් බලධාරීන් පවසන අතර බංගලාදේශය සමඟ  පැවති තරඟාවලියේදී ලද පරාජයේ අමිහිරි අත් දැකීම් ද රෝහිත් ෂර්මාව විවේක ගැන්වීමට හේතුවක් වන්නට ඇති බවටයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් මීට පෙර අවස්ථාවකදී ඉන්දියාව ,ශ්‍රී ලංකාවට B කණ්ඩායමක් එවූ අතර මෙවරද ප්‍රබලයින් හය දෙනෙකුට ආසන්න පිරිසක් මෙම සංචිතයෙන් ඉවත් කොට තිබීම විශේෂත්වයක්.

පාපන්දු තරගයට ආ ලොව දෙවෙනි ධනපතියා සහ කිම් ජොන් උන්

මෙවර පැවති  පා පන්දු ලෝක කුසලාන තරගාවලිය අවසන් වූ​යේ ඉතා අලංකාර සමාප්ති උළෙලක් ද සමඟය.

මෙම අවසන් තරඟය සදහා බොල්වුඩයේ ජනප්‍රිය නළු නිළියන් ද ඇතුළු ලොව ජනප්‍රිය පුද්ගලයන් බොහෝ දෙනෙක් එම අවසන් අවස්ථාව හැඬ කිරීමට පැමිණ තිබුනා.

Lusail Stadium පැවති අවසන් මහා තරඟය නැරබීම සදහා ලොව ධනපතියෙකු වන  Elon Musk ද  උතුරු කොරියා නායක කිම් ජොන් උන් ට සමාන ලෙස සැරසුණු හවර්ඩ් නමැත්තා ද සහභාගී වී තිබුන බවයි වාර්තා වෙන්නේ.

අතක්වත් තියන්න දෙන්නෙ නෑ කියූ කුරුණෑගල පොහොට්ටු නගර සභාවේ අයවැය හාන්සි වෙන්නම පරදියි!

කුරුණෑගල මහ නගර සභාවේ පාලක පක්ෂය වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ  2023 වසර සඳහා ඉදිරිපත් කරන අයවැය කෙටුම්පත වැඩි ජන්ද 7 කින් පරාජයට පත් විය.

කුරුණෑගල මහ නගර සභාවේ රැස්වීම් ශාලාවේදී අද පැවති විශේෂ මහ සභා රැස්වීමකදි කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතා එම අයවැය කෙටුම්පත සභාවට ඉදිරිපත් කළේය.

මෙය කුරුණෑගල මහ නගර සභාවේ පාලන කාලය අවසන් වීමට පෙර පොදුජන පෙරමුණේ පාලනය යටතේ ඉදිරිපත් කරන ලද අවසන් අයවැය කෙටුම්පත වීමද විශේෂත්වයකි.

අයවැයට පක්ෂව ජන්ද 7 ක්ද විපක්ෂව ජන්ද 14 ක්ද ලැබීම හේතුවෙන් අයවැය පරාජයට පත් විය.

දෙවෙනි ඉනිම තව දින **කින් අවසන් වෙනවා…. හිතේ ලොකු දුකකුත් තියෙනවා… මම පොඩි බබාලට හරිම කැමතියි - නෙත්මි රොෂෙල්

“‘මම පොඩි බබාලටයි, සත්තුන්ටයි හරිම කැමතියි. ඒ වගේම එයාලට ගොඩාක් ආදරෙයි. මගේ ගෙදර සත්තු වත්තක් වගේ. බලු පැටව් පූස් පැටව් ගොඩාක් මගේ ගෙදර ඉන්නවා. ගෙදර ඉන්න හුරතල් පැටවුන්ට වගේම පාරවල්වල ඉන්න බලු පැටව් පූස් පැටවුන්ටත් මම ආදරෙයි. මට පුළුවන් හැම වෙලාවකම මම එයාලට මට පුළුවන් විදියට සලකනවා. එයාලගේ ආදරේ අව්‍යාජයි. දවස මොන තරම් වෙහෙසකර වුණත් සත්තුන්ගේ ආදරය ළඟ හිත නිවෙනවා. පොඩි බබාලා ළඟත් එහෙමයි. සත්තු වගේම පොඩි බබාලා කියන්නේ මගේ ජීවිතේම කොටසක් කියලා මම කියන්නේ ඒකයි.”

සුරතල් සතුන් සහ කුඩා දරුවන් ගැන මේ විදිහට ආදරණීයව වචන එකතු කරන්නේ අපි හැමෝම හොඳින් හඳුනන ආදරණීය චරිතයක්. ඇය නමින් නෙත්මි රොෂෙල් රොජර්ස්. නමුත් බොහෝ දෙනෙක් ඇයට කතා කරන්නේ ආක්ෂා කියලා. දෙරණ රූපවාහිනිය ඔස්සේ විකාශය වන ‘දෙවෙනි ඉනිම’ ටෙලි නාට්‍යයේ ආක්ෂාගේ චරිතයට පණ පොවන දඟකාර කටකාර හැඩකාරිය තමයි අද පිනිපලස පිළිසඳරේ කතා නායිකාව.

රොෂෙල් කියන්නේ මේ දවස්වල පුංචි තිරයේ වගේම රිදී තිරයේත් අතිශයින් ජනප්‍රිය චරිතයක්. ඇය ජනප්‍රිය රංගන ශිල්පිනියක්, නිරූපණ ශිල්පිනියක් වගේම දක්ෂ නිවේදිකාවක්. ඒ වගේම රොෂෙල් කියන්නේ නර්තනයටත් උපන් හපන්කම් ඇත්තියක්.

මේ දවස්වල රොෂෙල්ගේ කුලුඳුල් සිනමා රංගන අත්දැකීම ‘ආදරණීය ප්‍රාර්ථනා’ තිරගත වෙමින් පවතිනවා. ආදරණීය ප්‍රාර්ථනාහි පාරමී චරිතය නිසාම දැන් දැන් ඇතැම් ප්‍රේක්ෂකයින් රොෂෙල්ට පාරමී කියලා කතා කරනවා කියලාත් අපිට දැනගන්න ලැබුණා. ඉතින් රොෂෙල්ගේ පළමුවැනි සිනමා රංගන අත්දැකීම, ආදරණීය ප්‍රාර්ථනාවෙන්ම ඇය අපත් සමග වූ කතාබහ ආරම්භ කළා.

“ආදරණීය ප්‍රාර්ථනා කියලා කියන්නේ මගේ පළමුවැනි චිත්‍රපට රංගන අත්දැකීම. කොහේ ගියත් හැමෝම මගෙන් ඒ ගැන අහනවා. ඇත්තටම මේ චිත්‍රපටය මගේ ජීවිතයේ සුවිශේෂී හැරවුම් ලක්ෂ්‍යයක් වගේම අමතක නොවන මතකයක්. දෙවැනි ඉනිමට ආදරය කරන බොහෝ දෙනෙක් මට කතා කළේ ආක්ෂා කියලා. දැන් දැන් සමහර අය මට පාරමී කියලත් කතා කරන්න පටන් අරන්.දෙවෙනි ඉනිමේ ආක්ෂාට වගේම ආදරණීය ප්‍රාර්ථනාහි පාරමීටත් මම එක වගේ ආදරෙයි. මේ නිර්මාණ දෙකම මගේ ජීවිතයට එක වගේම වැදගත්. මගේ ටෙලි නාට්‍ය රංගන ජීවිතය වෙනස් කළේ දෙවනි ඉනිම. මගේ සිනමා රංගන ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය ආදරණිය ප්‍රාර්ථනා කියලා මම හිතනවා.”

පිටපත ලැබුණු දවසේ ඉඳලම ආසාවෙන් පළමුවැනි සිනමා රංගනයට සූදානම් වුණා කියලත්, ආදරණීය ප්‍රාර්ථනා සිනමා නිර්මාණයට සහ පාරමීගේ චරිතයට බලාපොරොත්තු වුණාටත් වඩා හොඳ ප්‍රතිචාර ලැබෙනවා කියලාත් රොෂෙල් කිව්වේ පුදුමාකාර සතුටකින්.

රොෂෙල්ගේ වචනවලින්ම කියනවා නම් දෙරණ රූපවාහිනියේ විකාශය වන දෙවෙනි ඉනිම කියලා කියන්නේ ඇයගේ රංගන ජීවිතයේ සුවිශේෂී හැරවුම් ලක්ෂ්‍යයක්. අනුහස් ආක්ෂා ආදර කතාවට වගේම ආක්ෂාගේ ආදරයට, නපුරුකමට, කතාවට, පුංචි පුංචි හිතුවක්කාරකම්වලට බොහෝ ප්‍රේක්ෂකයන් ආදරය කරනවා. ඉතින් බොහෝ දෙනෙක් ආදරය කරන දෙවෙනි ඉනිම ගැන රොෂෙල් අපිත් එක්ක පුංචි රහසක් කිව්වා.

“තව මාසෙකින් දෙකකින් විතර දෙවෙනි ඉනිම අවසන් වෙනවා. කතාවට වගේම මගේ චරිතයටත් ඉහළම ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබුණා. ප්‍රේක්ෂකයන්ගේ ආදරේ මට වචනවලින් කියන්න බැරි තරම් වටිනවා. කොහොම වුණත් දෙවෙනි ඉනිම කතාව ඉවර වෙන එක ගැන වගේම ආක්ෂාගේ චරිතයට සමු දෙන්න වෙන එක ගැන හිතේ ලොකු දුකකුත් තියෙනවා. මොකද ප්‍රේක්ෂකයන් වගේම දෙවෙනි ඉනිමේ අපිත් ඒ කතාවට ආදරෙයි. ඉතින් මෙතරම් කාලයක් දෙවෙනි ඉනිම එක්ක වගේම ආක්ෂා එක්ක හිටපු හැමෝටම තවත් ටික කාලයක් අපිත් එක්කම කතාවේ අවසානය දක්වාම රැඳිලා ඉන්න කියලත් මම මතක් කරනවා.”

දෙවෙනි ඉනිමෙන් අනතුරුව තවත් ටෙලි නාට්‍ය සහ සිනමා නිර්මාණ කිහිපයකටම ආරාධනා ලැබිලා තියෙනවා කියලත් ඉදිරියේදී ඒ ගැන වැඩිදුරටත් තොරතුරු ආදරණීය ප්‍රේක්ෂකයන්ට දැනුම් දෙනවා කියලත් රොෂෙල් අපිට කිව්වා. කොහොම වුණත් මේ දවස්වල අලුත් නිර්මාණ කිහිපයක් නිසාම රොෂෙල් කාර්යබහුල වෙලා ඉන්නවා කියලත් අපට දැනගන්න ලැබුණා.

2019 ජාතික රූපවාහිනී අවුරුදු කුමරිය ලෙස කිරුළු පැළඳීම තමයි රොෂෙල්ගේ කලා ජීවිතයේ ආරම්භය. ඊට පස්සේ සක්කාරම්, හිරු ඇවිදින්, රාවණා වගේ ටෙලි නාට්‍යවලට රොෂෙල් රංගනයෙන් දායක වෙලා තියෙනවා. මේ වෙද්දි රොෂෙල් රංගන කටයුතුවල වගේම නිවේදන කටයුතුවලත් නිරත වෙනවා. මම මුලින්ම සඳහන් කළා වගේ රොෂෙල් කියන්නේ දක්ෂ වැඩසටහන් ඉදිරිපත් කරන්නියක්. ඉතින් රංගන ශිල්පිනියක් ලෙස කලා ගමන ආරම්භ කරලා පසුව නර්තනය, නිවේදනය, නිරූපණය කලාව සමග අපූරුවට මුසු කළ මේ හැඩකාරියගෙන් ලිට්ල් ටයිටෑන් වැඩසටහන ඉදිරිපත් කිරීම සම්බන්ධයෙනුත් විස්තර දැනගන්න අපි අමතක කළේ නැහැ.

“රඟපාන්න වගේම මම නිවේදනයටත් කැමතියි. පාසල් කාලයේ පවා මම නිවේදන කටයුතු කරලා තියෙනවා. ඒත් රංගන ශිල්පිනියක් වුණාට පසුව තමයි මේ විදිහට ප්‍රසිද්ධ වැඩසටහන්වල නිවේදනය කරන්න මට අවස්ථාව ලැබෙන්නේ. දෙරණ ලිට්ල් ටයිටෑන් වැඩසටහනේ නිවේදනය කරන්න ලැබීම මට සුවිශේෂී අවස්ථාවක්. දෙරණ ලිට්ල් ස්ටාර් සීසන් වන් සඳහා මමත් සම්බන්ධ වුණා. ඒ නිසා වගේම මමත් පුංචි දරුවන්ට කැමති නිසාත් එයාලා එක්ක කාලය ගතකරන්න අවස්ථාව ලැබෙන නිසාත් මම මේ වැඩසටහන ඉදිරිපත් කරන්නේ හරිම සතුටින්.”

රොෂෙල් කියන්නේ සුරතල් සතුන්ට වගේම කුඩා දරුවන්ට ආදරේ කරන චරිතයක් කියලා අපි මේ කතාබහ ආරම්භයේදීම සඳහන් කළා. ඉතින් දෙරණ ලිට්ල් ටයිටෑන් වැඩසටහන් ඉදිරිපත් කිරීමට අවස්ථාව ලැබීම නිසා රොෂෙල්ට නිතර නිතර දරුවන් සමග කටයුතු කරන්න අවස්ථාව ලැබෙනවා. ඒ විදිහට පුංචි දරුවන් එක්ක කතාබහ කරන්න, පුංචි දරුවන්ගේ වැඩසටහනක් මෙහෙයවන්න අවස්ථාව ලැබීම වාසනාවක් කියලා තමයි රොෂෙල් නම් කියන්නේ.

කට ඇති පුතයි රුව ඇති දුවයි හදන්න කියලා පරණ ජනවහරේ කතාවක් තියෙනවා. මට හිතෙන විදිහට නම් ඇත්තටම රොෂෙල් කියන්නේ කට රුව දෙකම තියෙන ආදරණීය දියණියක්. ඇයගේ රංගනයට වගේම රූපශ්‍රීයට බොහෝ දෙනෙක් ඇලුම් කරනවා. දිගු වරලස රොෂෙල්ගේ සුන්දරත්වය දෙගුණ තෙගුණ කරනවා. ඉතින් 2මේ හැඩකාරියගේ විලාසිතා ගැනත් බොහෝ දෙනෙක්ගේ අවධානය යොමු වෙලා තියෙනවා කියලා අපි දන්නවා. ඒ නිසා විලාසිතා ගැනත් රොෂෙල්ගෙන් වචනයක් දෙකක් අහන්න අපි අමතක කළේ නෑ.

“මමත් ලස්සනට ඉන්න කැමති කෙනෙක්. මට ගැළපෙන ඒ වගේම තැනට ගැළපෙන විලාසිතා තමයි මම තෝරගන්නේ. මම හැම විලාසිතාවක්ම කරන්න යන්නේ නැහැ. මම තෝරගන්න විලාසිතාවලින් මටවත් වෙන කෙනෙක්ටවත් ප්‍රශ්නයක් වෙන්නේ නැත්නම් මම ඒ විලාසිතාව කරනවා. මගේ විලාසිතාවන් එක් එක් අවස්ථාවට අනුව වෙනස් වෙනවා.”

මේ තරම් ආදරණීය චරිත මවන, ආදරණීයව වචන හසුරුවන රොෂෙල්ගෙන් ආදරය ගැන අපි ඇහුව ප්‍රශ්නයට නම් රොෂෙල් දුන්නේ මේ වගේ උත්තරයක්.

“ආදරය කියන්නේ සුන්දර දෙයක්. හැමදේටම කලින් මම මට ආදරය කරනවා. ආදරය නැතිව කාටවත් ජීවත් වෙන්න බැහැ. පවුලේ ආදරය, ආදරණීය ප්‍රේක්ෂකයන් ආදරය, යහළුවන්ගේ ආදරය මට නොඅඩුව ලැබෙනවා. නමුත් ප්‍රේම සම්බන්ධතාවයක් පටන් ගන්න මම ඉක්මන් වෙන්නේ නැහැ. විශේෂ ආදරයක් පටන් ගන්න එක ටිකක් බැරෑරුම් වැඩක් කියලා මට හිතෙනවා. සියයට සියයක්ම අපිට ගැළපෙන කෙනෙක් නොලැබුණත් තේරුම් අරගෙන විශ්වාසයෙන් එකිනෙකාට උදව් කරන ආදරයක් තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඉතිං ඒ ආදරය තෝරගන්න මම හදිසි වෙන්නේ නැහැ.”

රොෂෙල් කියන විදියට ඇය තවමත් ආදරවන්තියක් නම් නෙවෙයි. ඇය මේ වන විටත් විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබමින් ඉන්න නිසා මේ දවස්වල අධ්‍යාපන කටයුතු සහ කලා කටයුතු සමබරව කර ගන්න මූලිකත්වය දීලා ඉන්නවා කියලත් අපිත් එක්ක කිව්වා. ඉතින් අධ්‍යාපන වැඩකටයුතු වගේම කලා කටයුතුත් සාර්ථක වෙන්න කියලා පිනිපලස අපි රොෂෙල්ට සුබ පතනවා.

නිරෝෂා වාසල

බයවෙන්න දෙයක් නැහැ.. කසාද නොබැඳ හිටියත් කමක් නැහැ, සතුටින් ඉන්නයි ඕන කියලා දෙමවුපියන් කියන්නේ - ඩිස්නි රාජපක්ෂ

මේ දිනවල ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශනය වන කී ටෙලිනාට්‍යයේ නතාෂාගේ චරිතය හරහා ප්‍රේක්ෂකයින් හමුවට එන දක්ෂ ජනප්‍රිය මෙන්ම සුරූපී රංගන ශිල්පිනියක් තමයි ඩිස්නි රාජපක්ෂ කියලා කියන්නේ.

ඉතින් ඒ රංගන ශිල්පිනියක් වගේම දක්ෂ ජනප්‍රිය නර්ථන ශිල්පිනියක් බවත් දැන්නම් නොදන්නා කෙනෙක් නැහැ. ඉතින් කී ටෙලි නාට්‍යයේ නතාෂා චරිතයට මේ දවස්වල ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා කියලයි ඇය කියන්නේ. කොහොම නමුත් ඇත්තටම ඇය හිතුවේ මේ චරිතයට බැනුම් අහන්න වෙයි කියලාලු. නමුත් එහෙම දෙයක් වුණේ නැහැ කියලත් ඇය කියනවා. ඉතින් එහෙම වුණේ ඒ චරිතය ඇය ඉදිරිපත් කරන විදිහ සහ අධිතාත්වික රංගනයක් ඉදිරිපත් නොකරන නිසාවෙන් වෙන්න ඇති කියලයි ඇය කියන්නේ.

ඒ වගේම ‘ලංවී’ ටෙලි නාට්‍යයේත් ඇය දාමරික චරිතයක් වුණත් හොඳ ප්‍රතිචාර තමයිලු ඇයට ලැබෙන්නේ. ඒත් එක්කම ඇය සහභාගි වුණ නර්ථන රියැලිටි තරඟයේදි බොහෝ ප්‍රවීණ ශිල්පීන් අභිබවමින් තමයි ඇය ජයග්‍රහණය කරන්නේ. ඉතින් ඒ නිසාම නැවතත් එවැනි තරඟයකට ආරාධනයක් ලැබුණොත් ඇය භාරගන්නෙ නැහැලු. ඒ වගේම ඇය රංගනයට යොමුවෙනකොට ඇයගේ දෙමවුපියන් ගොඩක් බය වුණා කියලත් ඇය කියනවා. ඔවුන් විතරක් නෙමෙයි ඇයත් ලොකු අවිනිශ්චිත තත්ත්වයකින්ලු හිටියෙ.

හැබැයි එදා ඇයට තිබුණ වැරදි වැටහීමත් එක්ක ඇය අදත් කල්පනා කරන්නෙ මොකක්ද මෙතන තියෙන වැරැද්ද කියලාලු. ඉතින් ක්ෂේත්‍රයේ හරිම සුන්දර පිරිසක් ඉන්නවා කියලයි ඩිස්නි කියන්නේ. එකම දේ තමන්ගෙ දක්ෂතාවයලු. තමන් දක්ෂ නම් බයවෙන්න දෙයක් නැහැ කියලත් ඇය කියනවා. ඒ වගේම ඇයගේ අම්මයි තාත්තයි පොඩි කාලෙ ඉඳන්ම ඇයට නිදහස ලබාදීලා තියෙනවා.

ඇයට වගේම ඇයගේ නංගිලා දෙන්නටත්. අවුරුදු දහඅටෙන් පස්සෙ පිටරටවල පවා යන්න ඔවුන්ට අවස්ථාව දීලා තියෙනවා. ඒ නිසා ඇය කොළඹ ඉන්න එක ඒ අයට ප්‍රශ්නයක් නෙමෙයිලු. මොකද ඇයගේ දෙමවුපියන් ගමක හිටියත් ලෝකය දකින නිසා. ඒ වගේම ඇයගේ දෙමවුපියන් ඇයට කියන්නෙ ඔයා කසාද නොබැඳ හිටියත් කමක් නැහැ, සතුටින් ඉන්නයි ඕන කියලාලු.

ඉතින් ඒ තීරණය ගන්න සම්පූර්ණයෙන්ම ඇයට නිදහස දීලා තියෙනවා කියලත් ඇය කියනවා. ඒ වගේම ඇයට තව වැඩ කිහිපයක් තියෙනවාලු සම්පූර්ණ කරගන්න. ඉතින් එතනින් පස්සෙ බොහෝ දුරට ඇය විවාහ වෙන්න ඉඩ තියෙනවා කියලත් ඩිස්නි කියනවා. හැබැයි තවම ඒ ගැන කිසිම සැළසුමක් නැහැ කියලයි ඇය අවසාන වශයෙන් පැවසුවේ.

පොලිස් කොස්තාපල් පොලිසිය වැසිකිළිය ඇතුළේදීම ගංජා ගහලා! බෑග් එකේ ගංජා පාර්සලයකුත් තිබිලා!

පොලිසියේ වැසිකිළියක් තුළ  ගංජා පානය කරමින් සිටියදී පානදුර දකුණ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති පොලිස් කොස්තාපල්වරයෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි වැඩ තහනමකට ලක්කල බව පානදුර ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය සදහන් කරයි.

පානදුර ජේ්‍යෂ්ඨ  පොලිස් අධිකාරී කාර්යාලය යටතේ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ රාජකාරි කල කොස්තාපල්වරයෙකු මෙලෙස වැඩ තහනමකට ලක්කර ඇතැයි සදහන් වේ.

පානදුර සහකාර පොලිස් අධිකාරී නිශාන්ත සේනාරත්න මහතා ගේ අත්සනින් මූලික විමර්ශනයකට යටත්ව  වැඩ තහනමකට ලක්කර ඇතැයි සදහන් වේ.

අදාල පොලිස් කොස්තාපල්වරයා පෙරේදා (19) රාත්‍රි ශ්‍රවණාගාරයේ   වැසිකිළියක් තුළ ගංජා පානය කරමින් සිටියදී අත්අඩංගුවට ගෙන තවදුරටත් ඔහුගේ ගමන් බෑගය පරික්ෂා කිරීමේදී රෝස පාට කුඩා ග්‍රොසරි බෑගයක බහා තිබූ කුඩා ගංජා පාර්සලයක්  ද පොලිස් භාරයට ගත්බව පොලිසිය කීය.

සැකකරු පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇපමත මුදාහැර තිබුණි.

ට්‍රිප් එකක් ගිය පාසල් සිසුන්ගේ බස් එකකට පොලිසිය බල්ලෙක් අරන් හදිසියේම කඩා පැන මත්ද්‍රව්‍ය තියෙනවද කියලා හොයලා (VIDEO)

නුවරඑළියේ විනෝද චාරිකාවකට පාසල් සිසුන් රැගත් බස් රථයක් හදිසියේම පරීක්ෂා කිරීමට ‌නුවරඑළිය පොලිසිය කටයුතු කළේය.

එහිදී නිල සුනඛයකුද රැගෙන බස් රථයට ගොඩ වූ පොලිස් නිලධාරීන් එහි අස්සක් මුල්ලක් නෑර පරීක්ෂා කොට කොට බැලීමට පියවර ගත්තේය.

කංජිපානි ඉම්රාන් වෙස්වළාගෙන එළියට එයි! කාටවත් අඳුනගන්න බැරිවෙලා!

පුද්ගලයන් ඝාතන සහ කුමන්ත්‍රණ සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ප්‍රබල පාතාල ක්‍රියාකාරිකයකු වූ මොහොමඩ් නජීම් ඉම්රාන් නොහොත් “කංජිපානි ඉම්රාන්” රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා ඊයේ (20) නියෝග කළේය.

කෙසෙල්වත්ත පොලිසියේ නිලධාරියෙකුට දුරකතනයෙන් මරණීය තර්ජන කළැයි කියන සිද්ධියකට අදාළව මෙම සැකකරු එලෙස ඇප මත මුදා හැරීමට අධිකරණය නියෝග කර ඇත .

ඝාතනය කිරීම් සහ මරණීය තර්ජනය කිරීම් සිද්ධි වලට අදාළව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ අධිකරණ හතරක මෙම සැකකරුට එරෙහිව නඩු විභාග වෙමින් පැවති අතර එම නඩු සියල්ලට සැකකරුට ඇප හිමිව තිබිණි.

මාකඳුරේ මධුෂ් යන පාතාල ක්‍රියාකාරිකයා ගේ දියණියගේ උපන්දින සාදයට ඩුබායිහිදී සහභාගිවී සිටියදී එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීමෙන් පසු මෙරටට පිටුවහල් කිරීමෙන් අනතුරුව මෙම සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත විනි.

ඒ අනුව, වසර දෙකකට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාර ගතව සිටි මෙම සැකකරු ඊයේ 20 ඇප ලබා ගැනීමෙන් පසු අධිකරනයෙන් නික්ම ගොස් ඇත්තේ වෙස් වළා ගැනීමෙන් අනතුරුව බවට පොලිස් ආරංචිමාර්ග සඳහන් කරයි .

පලවැනිදා සිට පැය 10ක විදුලි කප්පාදුවක්... ගල් අගුරු නෑ!

අවශ්‍ය තරමට ගල් අගුරු නොමැති වීම මත නොරොච්චෝල තාප විදුලි බලාගාරය අඛණ්ඩව ක්‍රියාත්මක කරවීම අර්බුදකාරී තත්වයකට පත්ව ඇත.

අවශ්‍ය ප‍්‍රමාණයට ගල් අගුරු නොලැබුණොත් එළැඹෙන ජනවාරි පළමුවනදා සිට දිනකට පැය 10 ක විදුලි කප්පාදුවක් සිදු කිරීමට සිදුවන බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය කියා සිටී.

විදුලි බලාගාර ආශ‍්‍රිත ජලාශවල ජල ධාරිතාව අඩු වී යාම, ජල විදුලි බලාගාර ආශ්‍රිත ප්‍රදේශයන්ට වර්ෂාව නොමැති වීම සහ තාප බලාගාරවලට ඉන්ධන නොමැති වීම මත මෙම තත්වය උද්ගත වී තිබේ.

නොරොච්චෝල තාප විදුලි බලාගාරය මෙරට ජාතික අවශ්‍යතාවයන් අඩකට ආසන්න ප්‍රමාණයක් විදුලි නිෂ්පාදනය කරනු ලබයි.

මීළඟ පොදු අපේක්ෂකයා මහ බැංකු අධිපති නන්දලාල්? “ජනප්‍රිය තීන්දු නෙමෙයි ගන්න තියෙන්නේ” – මහ බැංකු අධිපති දේශපාලනය ගැන කට අරී!

තමන් කිසිම විටෙක පක්ෂ දේශපාලනයට හෝ මොනම ආකාරයක හෝ දේශපාලනයකට අවතීර්ණ නොවන බවත් එවැනි අභිලාෂයක් ඇති පුද්ගලයෙක් කිසිම අයුරකින් මහ බැංකු අධිපතිධූරයට පත් නොවිය යුතු බවත් වත්මන් ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අවධාරණය කළා.

එළඹෙන ජනාධිපතිවරණයේ දී පොදු අපේක්ෂකයා ලෙස ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඉදිරිපත්වීමට සැලසුම් කර ගෙන සිටින බවට පළවන විවිධ ආරංචි මාර්ගවල සත්‍ය අසත්‍යතාවය සම්බන්ධයෙන් කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් මහ බැංකු අධිපතිවරයා මේ බව කියා සිටියා.

මෙහිදී වැඩිදුරටත් මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේ, මහ බැංකු අධිපතිධූරයට පත්වන පුද්ගලයා අනිවාර්යයෙන්ම ස්වාධීන අයෙකු විය යුතු බවයි.

ජාතික පුවත්පතක් සමඟ කළ සම්මුඛ සාකච්ඡාවක දී ඔහු මේ බව ප්‍රකාශ කළා.

එහිදී මහ බැංකු අධිපතිවරයා මෙසේද පැවසුවා.

“මහ බැංකු අධිපති විදියට හෝ වෙන කිසිම ආකාරයකට මගේ කිසිම වෙලාවක කිසිම කාලෙක දේශපාලනයේ, පක්ෂ දේශපාලනයේ හෝ මොනම දේශපාලනයක යෙදීමට කිසිම බලාපොරොත්තුවක් නැහැ. එහෙම අදහසක් මගේ ඇත්තෙම නැහැ. ඇත්තවශයෙන්ම මගේ අදහස මහ බැංකු අධිපති කෙනෙකුට ඒ වගේ අදහසක් නොතිබිය යුතුයි. එහෙම කියන්න හේතුවක් තියෙනවා. මහ බැංකු අධිපති කෙනෙක් කියන්නේ රටේ මූල්‍ය ප්‍රතිපත්තියේ ප්‍රධාන වගකීම තියෙන පුද්ගලයා. මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ දී ජනප්‍රිය තීන්දු නෙමෙයි ගන්න තියෙන්නේ. අපි පොලී අනුපාතය වැඩි කළා. ජනප්‍රිය නැහැ. හුඟදෙනෙක් අකමැතියි ඒකට.

නමුත් මම දේශපාලනය කරන්න බලන් ඉන්න පුද්ගලයෙක් නම්, මම ඒ තීන්දුව ගන්නේ නැහැනේ. මට ඕනෑ ජනප්‍රිය තීන්දු ගන්න. ඒ නිසා තමයි පළවෙනි මූලධර්මය මහ බැංකු අධිපති කෙනෙක් ස්වාධීන වෙන්නේ ඕනේ. මහ බැංකුවත් ස්වාධීන වෙන්නෙ ඕනේ. පත් කරන පුද්ගලයත් ස්වාධීන වෙන්නේ ඕනේ. පත්වන පුද්ගලයා දේශපාලනය නොකරන පුද්ගලයෙක් වෙන්න ඕන. දේශපාලනය කිරීමට බලාපොරොත්තුවක්වත් නැති පුද්ගලයෙක් වෙන්න ඕනේ. එතකොට තමයි මහ බැංකුවක ස්වාධීනය නිවැරදි, ජනප්‍රිය හෝ ජනප්‍රිය නොවන තීන්දු ගන්න පුළුවන් වෙන්නේ. ඒක මූලික අවශ්‍යතාවයක්. එහෙම තියෙන පුද්ගලයෙක් මහ බැංකු අධිපති නොවිය යුතුයි, කිසිම දවසක. ඒ වෙච්ච නිසා තමයි අද අපිට මේ තත්ත්වෙ වෙලා තියෙන්නේ කියන එක තමයි මගේ අදහස. මම මහ බැංකු අධිපති කෙනෙක් විදියට මගේ කිසිම බලාපොරොත්තුවක් නැහැ. මේක කවදාවත් කරන්නේත් නැහැ.

රන්ජන් ඔයිට වඩා හොඳයි ලංකාවට ගිහින් රෙද්දක් එළාගෙන හිඟා කෑවා නම්...අමරිකාවේ ඉන්න රන්ජන්ගේ පැටිකිරිය ජනප්‍රිය නිළියක් හෙළිකරයි

මේ වන විටත් අමරිකා එක්සත් ජනපදයේ රැඳී සිටින, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් මෙන්ම රංගන ශිල්පියෙකු ද වන රන්ජන් රාමනායක එරටදී සිදු කරමින් සිටින අකටයුත්තක් සම්බන්ධයෙන් නිළි ඩිලානි අබේවර්ධන විසින් හෙළිදරව්වක් සිදු කරනවා.
 
ප්‍රවීණ නිළි ඩිලානි අබේවර්ධන සඳහන් කළේ, රන්ජන් අමරිකාවේ රැඳී සිටින්නේ B-1, B-2, වීසා බලපත්‍රයකින් බව බවයි.

එවැනි වීසා බලපත්‍රයක් භාවිතා කරමින් සංදර්ශන ආදියට සහභාගි වෙමින් මුදල් උපයාගැනීම නීති විරෝධී වන අතර, එසේ නම් ඒ සඳහා B-3 වීසා බලපත්‍රයක් අවශ්‍ය වනවා.

රන්ජන් රාමනායක මීට දින ගණනකට පෙර අමරිකා එක්සත් ජනපදය බලා පිටත් වුණේ ඔහුගේ නවතම චිත්‍රපටය වූ “The Game” හි ප්‍රචාරක කටයුතු වෙනුවෙනු යි.

ඔහු එරටට ගෙන්වා ගැනීම සඳහා රංගන ශිල්පිනි ඩිලානි අබේවර්ධන ද මූලික වී ඇති අතර, තමන් සහභාගී වන ප්‍රචාරක කටයුතු වෙනුවෙන් රන්ජන් ඩොලර් 1000ක මුදලක් අය කරගෙන තිබෙනවා.

මීට අමතරව, අමරිකාවේ කැලිෆෝනියා, නිව්යෝර්ක් සහ වොෂ්න්ටන් හි රන්ජන් සහභාගී වූ ප්‍රසංග කිහිපයක් ම පවත්වා ඇති අතර, අමරිකාවේ සිටින කොළඹ නාලන්ද විද්‍යාලීය ආදී ශිෂ්‍ය සංගමය ද ඔහුව ගෙන්වා ගැනීමට දායකත්වය ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.

ප්‍රසංගවලට සහභාගී වීම හැරුණුකොට රන්ජන් රාමනායක එරට සිටින ශ්‍රී ලාංකීකයින් සමඟ විවිධ හමුවීම් සඳහා සහභාගී වෙනවා.

විශේෂත්වය වන්නේ එම හමුවීම් සඳහා ද ඔහු විසින් මුදල් අයකරගනු ලැබීම යි.

“රන්ජන් ඔයිට වඩා හොඳයි ලංකාවට ගිහින් රෙද්දක් එළාගෙන හිඟා කෑවා නම්..”

රන්ජන්ව අමරිකාවට ගෙන ඒම සඳහා මූලිකත්වය ගත් ඩිලානි අබේවර්ධන මෙම අකටයුත්ත සම්බන්ධයෙන් රන්ජන්ට සිය විරෝධය ද එසේ පළ කර තිබුණා.

ඩිලානි ඇතුළු තවත් දෙදෙනෙක් රන්ජන්ව ගෙන්වා ගැනීම සඳහා මූලික කටයුතු සිදු කර තිබුණා.

එරට සිටින නිළි ගයේෂා පෙරේරාගේ සැමියා වන හසන්ජිත් කුරුප්පුආරච්චි ද රන්ජන්ගේ මෙම ක්‍රියාවලට සහය දක්වන බවයි, නිළි ඩිලානි අබේවර්ධන අනාවරණය කළේ.

අනේ මාව අතහැරපං… අනේ කවුරුවත් නැද්ද මාව බේරගන්න… මූ මාව ගෙනියනවා.. දෙනෝදාහක් බලාසිටියදි බස් රථය තුළට ඇවිත් රූමත් කත පැහැරගෙන ගිහින්

වතුපිටිවල ප්‍රසිද්ධ ඇඟලුම් කම්හලක සේවිකාවක මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් පැහැරගෙන ගොස් ඇතැයි නිට්ටඹුව මූලස්ථාන පොලිසිය පවසයි.

මෙම පැහැරගැනීම 16 වැනිදා සවස 6.30 ට පමණ වතුපිටිවල වල්ගම්මුල්ල ප්‍රදේශයේදී සිදුවී තිබේ.

මෙලෙස පැහැරගැනීමට ලක් වූ 34 හැවිරිදි ඇඟලුම් කම්හල් සේවිකාව සම්බන්ධයෙන් පෙරේදා (18 දා) සවස් වනතුරුත් කිසිදු හෝඩුවාවක් දැන ගන්නට නැතැයි ද පොලිසිය පැවසීය.

එක්දරු මවක වන මෙම ඇඟලුම් සේවිකාව සේවය නිමවා සේවා බස් රථයෙන් නිවෙස බලා එමින් සිටියදී ඇය සිටි බස් රථයට හරස් වන ලෙස නවත්වා ඇති මෝටර් රථයක පිරිසක් ඉන් බැසවිත් බස් රථයේ සිටි ඇඟලුම් සේවිකාව බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් ඇතැයි හෙළි වූ බව පොලිසිය පවසයි.

ඇය පැහැරගෙන ගිය මෝටර් රථයේ අංකය පරීක්‍ෂා කිරීමේදී එම අංකය ව්‍යාජ එකක් බව ද පැහැරගැනීමට ලක් වූ ඇඟලුම් සේවිකාව සැමියාගෙන් වෙන් ව සිටින බව ද හෙළි වී ඇතැයි පොලිසිය පවසයි.

මැය වෙනත් විවාහයක් කර ගැනීමට බලාපොරොත්තුවෙන් සිටියදී මෙලෙස පැහැරගෙන ගොස් ඇතැයි පොලිසිය කියයි.

ඇය පැහැරගෙන ගියේ කවුදැයි මෙතෙක් හෙළි වී නැති අතර ඇයගේ ජංගම දුරකථනය ද මේ වනවිට විසන්ධි වී ඇතැයි පොලිසිය පවසයි.

ආයේ මං කතා කරන්නෙ නැහැ ඔයාට.. මට මේ කරපු දේට ඇත්තටම ඔයාට දවසක විඳවන්න වෙයි.. ගෙලවැල දා ගත් පෙම්වතිය යතුරුපැදියක තබා ගෙන ගිහින් කරපු දේ… වේයන්ගොඩ කැළඹූ මරණය

මහ රෑ ගෙල වැලලා ගත් බව කියන සිය පෙම්වතිය මිය ගොස් නැතැයි සිතා ඇගේ සිරුර මිතුරෙකු සමග යතුරු පැදියකින් රැගෙන යන අතරමගදී යතුරුපැදියේ ඉන්ධන අවසන් වීම හේතුවෙන් ඇගේ සිරුර ළඳු කැලෑවකට දමා වේයන්ගොඩ පොලිසියට ගිය බව කියන සිද්ධියක් අත්තනගල්ල වැඩ බලන මහේස්ත්‍රාත් සම්පත් කස්තුරිරත්න මහතා ඉදිරියේ ඊයේ (19) පාන්දර කරන ලද මූලික මහේස්ත්‍රාත් පරීක්ෂණයක දී අනාවරණය විය.

වේයන්ගොඩ, දන්විලාන ප්‍රදේශයේ බෝඩිමක තනිව සිටි විසි හැවිරිදි තරුණියක වන ශෂිනි ගයත්‍රී නමැති තරුණියකගේ මෘතශරීරය පෙරේදා 18 රාත්‍රි උතුරු පින්නගොල්ල ළඳු කැලෑවක තිබී වේයන්ගොඩ පොලීසියට හමුවී ඇත.

මේ පිළිබඳව පොලීසිය ඊයේ (19) අලුයම 01 ට පමණ අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසු අත්තනගල්ල වැඩ බලන මහේස්ත්‍රාත් සම්පත් කස්තුරිරත්න මහතා විසින් පින්නගොල්ල ලඳු කැලෑවක තිබූ මළ සිරුර නිරීක්ෂණය කරනු ලැබීය. පොලීසියේ කරුණු දැක්වීම්වලින් අනාවරණය වූයේ මිය ගොස් ඇති තැනැත්තිය වතුපිටිවල රණවිරුගම ප්‍රදේශයේ ස්ථිරව පදිංචිව සිටි බවයි.

බිරිය හැර ගිය විවාහක තරුණයකු සමග මෙම තරුණිය ප්‍රේම සම්බන්ධයක් පවත්වා ඇති බවත් එම සම්බන්ධයට තරුණියගේ පාර්ශ්වයෙන් විරුද්ධ වී එම තරුණයාට පසුගියදාක පහර දී ඇති බවත් ඒ හේතුවෙන් තරුණිය වේයන්ගොඩ, දන්විලාන ප්‍රදේශයේ නිවසක බෝඩිම් කාමරයක නැවතී සිට ඇති බවත් අනාවරණය වූ බව පොලිසිය කියයි.

තරුණිය නැවතී සිටි වේයන්ගොඩ, දන්විලාන නිවෙසට ගොස් කරන ලද වැඩිදුර මහේස්ත්‍රාත් පරීක්ෂණයේදී අනාවරණය වූයේ තරුණිය තනිව වෙනම කාමරයක සිට ඇති බවත් තුන් වේලට ආහාර පෙම්වතා විසින් ගෙනැවිත් දෙනු ලැබ ඇති බවත්ය.

පෙරේදා (18) රාත්‍රි ආහාරයද පෙම්වතා ඇයට ගෙන විත් දී පිටව යාමෙන් පසු පෙම්වතා රාත්‍රි ඇයට දුරකතනයෙන් කතා කිරීමට උත්සාහ කර ඇති බවත් ඇය කතා නොකිරීම හේතුවෙන් මහ රෑ පෙම්වතා බෝඩිමට පැමිණ ඇති බවත් ඇය කතා නොකර කාමරයේ දොර වසා ගෙන සිට ඇති බවත් පොලිසිය කියයි.

පසුව ඔහු වහලයේ උළු ඉවත් කර බැලීමේදී ඇය ඇඳ ඇතිරිල්ලකින් ගෙල වැලගාගෙන සිටිනු දැක මිතුරෙකු ද ගෙන්වා ගෙන යතුරුපැදියක තබා ගෙන යද්දී පින්නගොල්ල ප්‍රදේශයේදී යතුරුපැදියේ ඉන්ධන අවසන් වී ඇති අතර සිද්ධිය ඔහුගේ මවට දුරකතනයෙන් දන්වා ඇති බවත් පසුව ඇගේ සිරුර එම ස්ථානයේ තබා මවගේ උපදෙස් පරිදි වේයන්ගොඩ පොලිසියට ගිය බවත් සැකකාර පෙම්වතා පොලිසියට ප්‍රකාශ කර ඇති බවත් මහේස්ත්‍රාත් පරීක්ෂණයේදී අනාවරණය විය.

සැකකාර පෙම්වතා වේයන්ගොඩ පොලිසියට යන විට තරුණිය නැවතී සිටි නිවෙසේ හිමිකරු සහ ඔහුගේ බිරිය පොලිසියට පැමිණ තරුණිය අතුරුදන් වී ඇති බවට පැමිණිලි කර පිටව ගොස් තිබීම හේතුවෙන් එම නිවැසින් හා සැකකාර පෙම්වතා ද පොලිසිය බාරයට ගෙන ඇති බව පොලිසිය පවසයි.

සැකකාර පෙම්වතා ද පින්නගොල්ල ප්‍රදේශයේම පදිංචිකරුවකු බව පොලිසිය කියයි.

මූලික මහේස්ත්‍රාත් පරීක්ෂණය අවසන් වීමෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීම සඳහා සිරුර වතුපිටිවල මූලික රෝහලට රැගෙන යන ලෙස වැඩ බලන මහේස්ත්‍රාත්වරයා වේයන්ගොඩ පොලීසියට නියෝග කළේය.

පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වා ඒ පිළිබඳ වෛද්‍ය වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද වැඩ බලන මහේස්ත්‍රාත්වරයා වතුපිටිවල මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාට නියම කළේය.

මේ අතර ඇය මෙලෙස සියදිවි නසා ගන්නා බවටත් තම පෙම්වතා හට කෙටි පණිවුඩයක් මඟින් දැනුම් දී තිබෙනවා.


“මං යනවා සුදූ මේ ඇත්තමයි. මං මගේ අම්මට අන්තිම පාරට කතා කරනවා. ආයේ මං කතා කරන්නෙ නැහැ ඔයාට. ඔයා මට මේ කරපු දේට ඇත්තටම ඔයාට දවසක විඳවන්න වෙයි. මට මෙච්චර දුකක් දීලා මම නොකරපු දේකට මාව අල්ලලා මට ආදරේ නොකර මාව මෙහෙම අසරණ කරලා… ගොඩක් පිං.. ….”

හෙයි.. හෙයි… වට් ආර්යු ඩුංයින්… හෙල්ප් මී…. කළු දිය පොකුණ බලන්න ගිය කඩවසම් සුද්දට හාමුදුරුවෝ කළ ලිංගික අපරාධය

සංචාරයක් සඳහා මෙරටට පැමිණ මිහින්තලා පූජා භූමියේ කළු දිය පොකුණ නැරඹීමට ගිය එංගලන්ත ජාතික පිරිමි පුද්ගලයකු හට ලිංගික අපහරණයක් සිදු කළ බව කියන චීවරධාරියකු පෙරේදා (16 දා) රාත්‍රී අත්අඩංගුවට ගත් බව මිහින්තලය පොලිසිය පවසනවා.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ වයස අවුරුදු හැට නවයක් වන, හංවැල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි චීවරධාරියකු බව පොලිසිය කියයි.

එංගලන්තයේ ලන්ඩන් නුවර පදිංචිව සිට සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටි 46 හැවිරිදි පුද්ගලයකු මෙම සැකකාර හිමිනම අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

පසුගිය 16දා සවස් කාලයේ කළු දිය පොකුණ නැරඹීමට ගිය අවස්ථාවේදී සැකකාර චීවරධාරියා විසින් පැමිණිලිකාර එංගලන්ත ජාතිකයාට අපහරණයක් සිදු කර ඇති බවටත්, පසුව ඔහු එම ස්ථානයෙන් මිදී මිහින්තලය රජමහා විහාරයේ මැද මළුවට පැමිණ සංචාරක පොලිස් මුරපළ වෙත පැමිණ සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිල්ලක් සිදු කර තිබූ බව මිහින්තලය පොලිසිය පවසයි.

විමර්ශනයක් ආරම්භ කර සැකකාර චීවරධාරියා අත්අඩංගුවට ගත් බවත්, මෙම සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ බවද පොලිසිය කියයි.

අනුරාධපුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කේ. ජයන්ත පුෂ්ප කුමාර මහතාගේ උපදෙස් මත මිහින්තලය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එන්. ආර්. ගුණසේකර මහතාගේ මෙහෙයවීමෙන් විමර්ශන සිදු කර සැකකාර චීවරධාරියා අත්අඩංගුවට ගත්හ.

අපෝ දැන් හොදටම පරක්කුයි දැන් එයා නිදි... පොලිසියට කතා කලේ හතට විතර දැන් නමයටත් ළගයිනෙ... මව දරුවා නිදි කරවන්න 119 කෝල් කරලා

තෙවන වසරේ දරුවාගෙන් පවුලේ අනෙක් අයට සහ තමන්ට හිරිහැර කරදර සිදුවන බවට පොලිස් හදිසි ඇමතුම් අංශයට මවක පැමිණිල්ලක් කළ පුවතක් දඹුල්ල ප්‍රදේශයෙන් වාර්තා වෙයි.

ලද පැමිණිල්ලට අනුව දඹුල්ල පොලිසියේ දෙදෙනකු රාත්‍රී නමයට පමණ කිලෝමීටර් පහළොවකට අධික දුර ප්‍රදේශයේ පිහිටි මෙම පැමිණිල්ල ලැබුණු නිවසට පිටත්ව ගොස් ඇත.

පොලිස් නිලධාරීන් යතුරුපැදිය නවතා නළා ශබ්ද කොට විනාඩි කිහිපයක් යනතුරු එම නිවසේ කිසිවකුත් එළියට නොපැමිණි අතර පොලිස් නිලධාරීන් දෙදෙනා කතා කිරීමේදී දොර විවෘත කරගෙන කාන්තාවක් එළියට පැමිණ ඇත.

දරුවකුගෙන් මව්පියන්ට කරදර සිදුවන සිද්ධිය ගැන සිදුකළ පැමිණිල්ල විභාගයට පැමිණි බව නිවසෙන් එලියට පැමිණි කාන්තාවට පොලිස් නිලධාරින් දන්වා ඇත .

” අපෝ දැන් හොදටම පරක්කුයි දැන් එයා නිදි ,මම පොලිසියට කතා කලේ හතට විතර දැන් නමයටත් ළගයිනෙ .”කාන්තාවගේ පිළිතුර වී තිබේ ,

මෙම අරුම පුදුම ප්‍රකාශය ගැන මව ගෙන් පොලිසිය තවදුරටත් ප්‍රශ්න කරන්නට වූයේ මව කියන දේ හිතාගැනීමට නොහැකි වූ නිසාවෙනි.

පසුව මෙම මව පොලිසියට ප්‍රකාශ කොට ඇත්තේ තම දරුවා තුන්වැනි වසරේ ඉගෙන ගන්නා බවත් රාත්‍රියේ කලින් නින්දට යන ලෙස දැනුවත් කළද ඔහු නිදා නොගෙන වීවිධ ක්‍රියාකාරකම්වල නිරත වන බවත් අනෙක් දරුවන්ට නිදාගැනීමට නොදී උසුළු විසුළු කරන බවත් මව සහ පියාට ද නිදාගැනීමට නොදී කරදර කරන බව ප්‍රකාශ කොට තිබේ.

මෙම නිවසට පොලිසියෙන් යන විටත් රාත්‍රී නමය ආසන්න වී තිබුණු නිසා මෙම දරුවාට නිදා ගැනීමට පවරා ඇත්තේ රාත්‍රී කුමන වේලාවටද පොලිසිය විමසා තිබේ.

එහිදී මව ප්‍රකාශ කොට ඇත්තේ සවස හයයි තිහට පමණ දරුවන් නිදා ගත යුතු බවය . කලින් ආහාර පිස ඔවුන්ට ලබාදී නිදිකර කරවීම සිදු කරන බවත් 3 වසරේ දරුවා ඊට අවනත නොවීම නිසා ඔහු නිදි ගැන්වීම්ට පොලිස් නිලධාරීන් ගෙන්වා බිය ගැන්වීමට තමන් මෙම දුරකථන ඇමතුම ලබාදුන් බවද ඇය පොලිසියට ප්‍රකාශ කොට තිබේ.

මෙම මවට දැඩි ලෙස අවවාද කළ පොලීසිය මෙවැනි සුළු සිද්ධීන්වලදී පොලීසියේ කාලය මෙන්ම පොදු මහජනතාවගේ මුදල් මෙයාකාරයෙන් වියදම් වන බවත් මින් ඉදිරියට මෙවැනි දේ සිදු නොකරන ලෙස අවවාද කර පොලිස් නිලධාරීන් දෙදෙනා නැවත පිටව ගොස් තිබේ.

-ලංකාදීප

දිනේෂ් ෂාෆ්ටර්ගේ බිරිදගෙන් ප‍්‍රශ්ණ කරයි... දුරකතනය පොලිස් බාරයට!

ඝාතනයට ලක්වූ ජනශක්ති සමූහ ව්‍යාපාරයේ සභාපති දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ බිරිඳගෙන් පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කර තිබේ.

පැය දෙකක පමණ කාලයක් ඇයගෙන් මෙසේ ප්‍රශ්න කර ඇත්තේ දිනේෂ් ෂාෆ්ටර් මහතාට තිබූ ජීවිත තර්ජන මෙන්ම ඔහුට තිබූ ප‍්‍රශ්නකාරී මුදල් ගනුදෙනු සිදුකළ පුද්ගලයන් පිළිබඳවයි.

මහ බැංකු අධිපති උමංදාවේ සමන්තභද්‍ර හිමි සමග!

ශ්‍රි ලංකා මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා උමංදාව විහාරස්ථානයට ගොස් සිරි සමන්තභද්‍ර හිමියන් මුණ ගැසී සුහද කතාබහක නිරත වී ඇත.

වීරසිංහ මහතා අනතුරුව උන්වහන්සේ සමගින් උමංදාවේ ශේස්ත්‍ර චාරිකාවක්ද සිදු කර ඇත.

උමංදාවෙන් පාසල් ශිෂ්‍යයන් 10 දෙනෙක් සඳහා මාසිකව පිරිනමනු ලබන ශිෂ්‍යත්වයද මහ බැංකු අධිපතිගේ මූලිකත්යෙන් ඒ දරුවන් වෙත ප්‍රදානය සිදු කරන ලදී.


බිත්තර මිල ඉහල යාමෙන් බිත්තර රොටි, බිත්ත්තර ආප්ප, කොත්තු, රයිස් මිල ඉහලට!

බිත්තර මිල ඉහල යාමත් සමග බිත්තර රොටි, බිත්ත්තර ආප්ප, කොත්තු හා රයිස් මිල ඉහල දැමිමට සිදුවන බව ඇතැම් හෝටල් හිමියන් පවසති.

හෝටල් හිමියන් කිප දෙනකුම පවසන ලද්දේ මේ විට බිත්තර මිල රුපියල් හැට දක්වා ඉහල ගොස් ඇති බවත් එම තත්වයන් මත බිත්තර රොටි බිත්තර ආප්ප ඇතුළු බත්තර උපයෝගි කර ගන්නා කොත්තු රයිස් වැනි ආහාර මිල ඉහල දැමිමට සිදුවන බවත්ය.

ශ්‍රී ලාංකීය නිවුන් සොහොයුරියන් මෙල්බර්න් විශ්වවිද්‍යාලයේ තැබූ සුපිරි වාර්තාව..ඉතිහාස ගතවන වාර්තාවක්!

සුප්‍රකට මෙල්බර්න් විශ්වවිද්‍යාලයේ ඉතිහාසයේ වාර්තාවක් තැබීමට ශ්‍රී ලාංකික තරුණියන් දෙදෙනෙකු සමත්ව තිබේ. මෙම නව වාර්තාව තැබීමට සමත්ව ඇත්තේ නදීශා ගුණරත්න සහ තේජානි ගුණරත්න නම් සොහොයුරියන් දෙදෙනෙකි.

එම විශ්වවිද්‍යාලයේ ඉතිහාසය තුළ එකම අවස්ථාවකදී ආචාර්ය උපාධියක් ලබාගත් නිවුන් සහෝදරියන් බවට පත්වීමට ඔවුන් දෙදෙනා සමත්ව ඇත.

එසේම ලෝක නිවුන් දිනයට පෙර දිනයේ මෙම වාර්තාව තැබූ නිවුන් සොහොයුරියන්ට ආචාර්ය උපාධිය පිරිනැමීමද විශේෂත්වයකි.

2016 වසරේදී ඔවුන් ආචාර්ය උපාධිය හැදෑරීමට ආරම්භ කර තිබූ අතර ඔවුන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ආහාර විද්‍යාව හා තාක්ෂණවේදය හදාරා ඇත.

තේජානි ගුණරත්න මේ වනවිට CSIRO ආයතනයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂණ විද්‍යාඥවරියක ලෙස කටයුතු කරන අතර නදීෂා ගුණරත්න අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර අධ්‍යයන විද්‍යාඥවරියක ලෙස කටයුතු කරමින් සිටී.

"ගහනකොට වේදනාවයි, දුකයි… අපි නැවත්තුවොත් අපි හැමදාම එකම තැන.." - සශී නිශාදි ෂෝසියල් මීඩියාවල පොරවල් කියාගන්නා අයට සැර කතාවක් කියයි

සශී නිශාදි කියන්නෙ මේ වෙද්දි සෝශල් මීඩියා ඇතුළේ ඉන්න දැවැන්ත චරිතයක්.

“සඳරූ අයියා” කියලා කොහේදෝ තැනක ඉඳන් පටන් ගත්ත සශීගේ “ලයිව් වීඩියෝ” කාලයක් පුංචි වුන්ගේ ඉඳන් වැඩිහිටි පිරිස් දක්වා ආකර්ශනය කරගන්න සමත් වුණා.

එහෙම වුණත් තවත් පිරිසක් ඇයව විවේචනය කරන්නත්, ඇයට චෝදනා නඟන්නත් පටන් ගත්තා.


ළමා පරම්පරාව “ගේමින් වලන් විනාශ කරන විනාශකාරී යුවතියක්” විදිහට යි ඇය ව බොහෝ දෙනෙක් හඳුන්වා දුන්නේ.

කොහොම වුණත් ඇය මේ වෙද්දි ලක්ෂපතිනියක් වග කාටත් රහසක් නෙවෙයි.

ඇත්තටම ඒක එහෙම ද ?

මේ ඇය මෑතක යූටියුබ් නාලිකාවක් හා අදහස් දක්වමින් කියූ දේවල්…

“ගේමින් එන්න අයිඩියා එකක් තිබ්බේ නෑ. කාලයක් යූටියුබ්, ටික්ටොක් කළා. අන්තිමට ගේමින් ආවා. මුල් කාලේ මඩ ගහනකොට වේදනාවක්, දුකක් තිබ්බා. පස්සෙ හුරු වුණා.. දැන් ගාණක් නෑ. අපේ ජීවිතේ ට ගොඩක් ප්‍රශ්න එනවා. හැබැයි අපි නැවත්තුවොත් අපි හැමදාම එකම තැන..”

“මුලදි හිනාවෙයි, කකුලෙන් අදියි. හැබැයි තැනකට ගියාම මල් තියලා පිළිගනී.. ගේමින් ගැන එක එක මත තියනවා. ඇබ්බැහි වෙන් නැතුව පරිස්සමින් කරන්න.. අපි තැනකට ගියොත් මුලින්ම සතුටු වෙන්නෙ අම්මා තාත්තා – ඉතින් හොඳ දේකින් ඉස්සරහාට යන්න කියලා තමයි මං වගේ අයට කියන්න තියෙන්නේ..”

පෙම්වතියට රඟපෑවට ඇත්තටම ආදරේ කරන්න මම තාම පුංචියි…. මට තාම 18යි - දසුනි සෙනෙත්ම

මේ දිනවල පුංචි තිරය ඔස්සේ නිරන්තරයෙන්ම ප්‍රේක්ෂකයින් හමුවට එන දක්ෂ ජනප්‍රිය මෙන්ම සුරූපී සුන්දර රංගන ශිල්පිනියක් තමයි දසුනි සෙනෙත්ම කියලා කියන්නේ. ඉතින් මේ දිනවල විකාශනය වන රැල්ල වෙරළට ආදරෙයි, නීල පබළු, මහවිරු පණ්ඩු කියන ටෙලිනාට්‍ය තුන හරහාම ඇය ප්‍රේක්ෂකයින් හමුවට එනවා. කොහොම නමුත් ඇය තවමත් පාසල් වියේ පසුවන ළා බාල යුවතියක් වුනත් වයසට වඩා මුහුකුරා ගිය රංගන හැකියාවක් ඇති ඇය මේ වනවිට අපේ රටේ බොහෝ ජනප්‍රිය කෙනෙක්.

ඉතින් ඇය කලාව කියන එක අඳුන ගන්නේ වයස අවුරුදු තුනහමාරක් වගේ කුඩා අවධියේදී. ඒ දෙරණ ලිට්ල් ස්ටාර් නර්තන අංශයේ සීසන් 4 තරගයේ දී අවසන් 5 දෙනා අතරට එක්වෙමින්. කොහොම නමුත් හදිසියේ වුණු අනතුරක් නිසා තරගයෙන් ඉවත් වෙන්න ඇයට සිදු වුණා. ඉතින් ඊට පස්සේ සීසන් 5ට දෙරණෙන්ම ඇයට ආරාධනා කළා කියලයි ඇය කියන්නේ. එහිදීත් ඇයට අවසන් 5 දෙනා අතරට එන්න හැකියාව ලැබුණා.

ඊට පස්සේ පුංචි කුස්සිය, පුංචි සත්සර වගේ වැඩසටහන් ඉදිරිපත් කරන්නත් ඇයට අවස්ථාව ලැබුණා. ඒත් එක්කම සමනල සිරස වැඩසටහනත් ඉදිරිපත් කලෙත් ඇයයි. ඉතින් ඊට පස්සේ අධ්‍යාපන කටයුතු නිසා කලාවෙන් ඈත් වෙන්න වුණා කියලත් ඇය කියනවා. ඒ වගේම ඇයගේ තාත්තගේ කැමැත්තට සුපර් ඩාන්සර් වැඩසටහනට ඉදිරිපත් වුනාට පස්සේ ඒක තමයි ඇයට රංගනයට ආසාවක් ඇති කරලා තියෙන්නේ. ඉතින් කළා ක්ෂේත්‍රයේ රැඳිල ඉන්න ටිකක් අමාරු වුනත් ප්‍රවීණයන්ගෙන් ලොකු සහායක් ලැබෙනවා කියලයි ඇය කියන්නේ.

ඒ වගේම මේ වෙද්දි ඇය චිත්‍රපට තුනකට සම්බන්ධ වෙලා තියෙනවා. නමුත් තවමත් ඒවා තිරගත වුණේ නැහැ. ඒ තමයි රයිඩර්, විලන් වගේම සනත් ගුණතිලකයන්ගේ බඹසර දැහැන. ඉතින් මේ චිත්‍රපටි තුනේම ඇයට ලැබුණෙ ප්‍රධාන චරිත වීමත් විශේෂයි. ඒ වගේම ඇයට දැන් වයස අවුරුදු දහ අටයි. ඉතින් බොහෝ අය දන්නෙ නැහැලු ඇය මෙච්චර පොඩියි කියලා. ඒත් ඇයට රඟපාන්න ලැබුණ චරිතවලට අනුව ආදරවන්තියගෙ චරිත කරන්න සිදු වුනත් ඇයට තාමත් ආදරය ගැන අත්දැකීම් නැහැ කියලයි දසුනි අවසාන වශයෙන් පැවසුවේ.


ඒ වෙද්දී මට වයස අවුරුදු 16ක්…. ඒ මතකය අදටත් මගේ ඇසට කඳුළක් ගෙන දෙනවා…. ගෙදරින් ආපු පීඩනයත් එක්ක එයා වෙනස් වුණා - නිහාරි පෙරේරා

නිහාරි පෙරේරා කියන්නේ ක්‍රීඩාවෙන් සේම නිරූපණ කලාවෙන් සිය දක්ෂතා පෙන්නුම් කරන යුවතියක්. ඇය තමයි මේ දිනවල හිරු නාලිකාවේ විකාශය වන සිරි දළදාගමනය ටෙලි වෘතාන්තයේ හේමමාලා කුමරිය වන්නේත්. මෙවර රසඳුන මේ සොඳුරු කතාබහ නිහාරි පෙරේරා සමඟ….

නිහාරි කොහොමද රංගනයට එන්නේ?

මම මුලින්ම එන්නේ නිරූපණ ක්ෂේත්‍රයට. මගේ අම්මා ඇඳුම් මෝස්තර නිර්මාණ කරන්නියක්. මම අඳින්නේ මගේ අම්මා නිර්මාණය කළ ඇඳුමක්. මෙතැනදී මතක් කරන්නම ඕනෙ ජානකී ඇන්ටිව සහ අමන්දා අක්කිව. ඒ දෙන්නා තමයි මුලින්ම කිව්වේ මගේ ෆොටෝ ෂූට් එකක් කරමු කියලා. ඒ වෙද්දී මට වයස අවුරුදු 16ක් වගේ. ඒ ෂූට් එක තමයි මගේ පළවෙනි ෂූට් එක. ඊට පස්සේ නාදගමේ ඉන්න මෙතුන් Sk අයියාගේ “කලාතුරකින්“ කියන සින්දුවේ වීඩියෝ එක කළා. ඊට පස්සේ ලැබුණු අවස්ථාවන් අනුව වෙ‍ෙළඳ දැන්වීම් කළා. නාට්‍යයක රංගනයට මම මුලින්ම එන්නේ හිරු නාලිකාවේ විකාශය වන සනත් අබේසේකර මහතා අධ්‍යක්ෂණය කළ සිරි දළදාගමනය ටෙලි නාට්‍යය හරහා.

මේ වෙද්දී තව ආරාධනා ලැබිලා තියෙනවද?

ඇත්තටම ගොඩාක් ආරාධනා එනවා. නමුත් මම ගොඩක් කාර්යබහුල කෙනෙක්. ඒ නිසා ලැබෙන ආරාධනා අනුව මට ගැළපෙන චරිත තෝරලා තමයි මම රඟපාන්නේ මොනවද නැත්තේ මොනවද කියලා තීරණය කරන්නේ. ඒ වගේම නිර්මාණයක් භාර ගන්න කලින් මම අම්මාගෙන් සහ තාත්තාගෙන් අහනවා. ඒ දෙන්නා මට ලොකු සහයෝගයක් දෙනවා කලාව පැත්තෙන් ඉස්සරහට යන්න. ඒ වගේම මම මෙතැනදී විශේෂයෙන් මගේ ගුරුවරයා වන රුක්මාල් සේනානායකව මතක් කරන්න ඕනේ. ඔහුගෙන් තමයි මම වොර්ක් එක ඉගෙන ගත්තේ. මම මේ වෙද්දී පැජන්ට් දෙකක් නියෝජනය කළා. එකක් මිස් ටීන් ශ්‍රී ලංකා. අනික මිස් ග්‍රෑන්ඩ් ශ්‍රී ලංකා. මම ඒ ටයිටල් දෙකම ජයග්‍රහණය කළා. මිස් ග්‍රෑන්ඩ් පැජන්ට් එක කරේ බ්‍රයන් කොකොවන් සහ කාමිල්. ඒ අය මාව නොමිනේට් කළා ලංකාව නියෝජනය කරමින් ඉන්දුනීසියාවේ තිබ්බ මිස් ග්‍රෑන්ඩ් ඉන්ටර්නැෂනල් තරගයට යන්න.

වැඩි ඉඩක් දෙන්න කැමති සිනමාවටද?

ඔව්. ඩ්‍රාමාවලට වඩා මම සිනමාවට ගොඩක් කැමතියි. මේ ඉස්සරහට වැඩ ටිකක් එන්න තියෙනවා.

අමතක කරන්නම බැහැ නිහාරි කියන්නේ බාස්කට් බෝල් ක්‍රීඩාවේ අපට ඉන්න ජාතික ක්‍රීඩිකාවක් බව. අපි ඒ ගැනත් කිව්වොත්?

මම අවුරුදු 17 ඉඳන් යූත් බාස්කට් බෝල් ටීම් එකට ක්‍රීඩා කළා. මම මතක් කරන්න ඕනේ මගේ බාස්කට් බෝල් ක්‍රීඩාවේ ගුරුවරු දෙදෙනා අජිත් කුරුප්පු සහ ශිව ශක්ති සෙල්වරාජ්. මගේ පළමු ටුවර් එක තායිලන්තයේ තිබ්බේ. ඊට පස්සේ ලංකාවෙන් මම යූත් ඔලිම්පික්, කොමන්වෙල්ත් ගේම්, ඒෂියා කප් වගේ රැසක් නියෝජනය කළා. එකම ටුනර්මන්ට් එකට දෙතුන් සැරේ ගිය අවස්ථාත් තියෙනවා.

වැඩියෙන් කැමති කලාවට ද ක්‍රීඩාවට ද?

අද වෙද්දී බාස්කට් බෝල් සහ මොඩ්ලින් කියන දෙඅංශයම සමබරව කරගෙන යනවා. ක්‍රීඩාව කරන්නේ මම ලංකාව වෙනුවෙන්. හැබැයි ක්‍රිකට් වගේ නෙවෙයි අපි නැෂනල් ටීම් එකේ හිටියා කියලා අපිට ලැබෙන දෙයක් නැහැ. අපිට වෙනම ගෙවීමක් කරන්නේ නැහැ. නමුත් මම ආසාවනේ කරන්නේ බාස්කට් බෝල්. කලාවටත් ආසයි.

දෙකෙන් එකක් තෝරා ගන්න කිව්වොත්

මම තෝරා ගන්නේ බාස්කට් බෝල්. මොකද ක්‍රීඩාව නිසා මට මගේ ජීවිතේට ගොඩක් හොඳ වටිනාකමක් ලැබුණා. ඒ නිසා තමයි අය මට ඒ ගෞරවය දෙන්නෙත්.

පවුලේ විස්තර ටිකත් අපි කියමු

අම්මා ගයානි නානායක්කාර. තාත්තා දිනේෂ් ඉන්දික පෙරේරා. මල්ලි රෙහාන්. නංගි පසිඳි. අම්මා තාත්තා නිසා තමයි අද මම මේ තැන ඉන්නේ. අම්මා ඩිසයිනින් කරන නිසා මට කොහේ හරි යද්දී ඒ තැනට ගැළපෙන ලස්සන ඇඳුමක් හදලා දෙන්නේ. මම හැම ඉවෙන්ට් එකකටම අඳින්නේ අම්මා මහලා දෙන ඇඳුමක්.

පාසල් ගියේ
ශාන්ත ජෝසප් බාලිකා විද්‍යාලය – නුගේගොඩ

මේ වෙද්දී ලැබෙන ප්‍රේක්ෂක ආදරේ ගැන මොකද හිතෙන්නේ?
ඇත්තටම ගොඩක් සතුටුයි. මම හීනෙකින්වත් නොහිතපු දෙයක් මේ වෙන්නේ. මම කවදාවත් හිතුවේ නැහැ නිළියක් වෙන්න. හරිම සතුටුයි ඉතින් ඒ ලැබෙන ආදරේ ගැන. පළමු ආදරේ ලැබෙන්නේ අම්මගෙන් තාත්තාගෙන්. ඒ එක්කම මල්ලි සහ නංගිගෙන්. ඒ හැමෝම මං ගැන ආඩම්බරයි. ඒ වගේම මගේ පුංචිව ත් ආදරෙන් මතක් කරන්න ඕනේ. මගේ මේ ගමනට ශක්තියක් වෙලා තියෙනවා. ඒ වගේම නම් කියු නොකියූ බොහෝ දෙනෙක් ඉන්නවා. ඒ හැමෝටම ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාවේ.

නිහාරි දැන් ආදරවන්තියක් ද?
ඒ ගැන විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ. හැබැයි මතක් කරද්දීත් සංවේදී වෙන තැනක් මගේ ජිවිතේ. මට ආදරයක් තිබ්බා. ඒක දැන් නැහැ. ඒක නැතිවෙන්න හේතුව එයාගේ දෙමාපියන්ගේ අකමැත්ත. මම මොඩ්ලින් කරන නිසා ඔහුගේ වැඩිහිටියෝ අපේ ආදරේට තදින්ම විරුද්ධ වුණා. හැමෝම එක වගේ නෙවෙයි. ඕනෙම ක්ෂේත්‍රයක හොඳ අය නරක අය ඉන්න පුළුවන්. මම මේ කතාව දැන් වුණත් කියන්නේ තව කෙනෙක්ට මේ වගේ දේවල් විය යුතු නැති නිසා. ඒ ආදරේ තියෙන කාලේ මට ආව නිර්මාණ ඇරයුම් බොහොමයක් භාරගත්තෙත් නැහැ. මොකද මම ඒ ආදරේට ඇත්තටම ආදරේ කළ නිසා. ඔහු මුලදී මගෙත් එක්ක හිටියත් ගෙදරින් එයාට ලැබෙන පීඩනයත් එක්ක ඔහුත් වෙනස් වුණා. හැබැයි මම විශ්වාස කරන්නේ එහෙම විය යුතු නැහැ කියලා. අපි ආදරෙ කරපු කාලේ මට අදටත් මතක් වෙනවා. මොකද මොන තරම් බාධක ප්‍රශ්න ආවත්, අපිට අපි දෙන්න හිටිය සුන්දර කාලයක් තිබ්බා. ඒ මතකය අදටත් මගේ ඇසට කඳුළක් ගෙන දෙනවා.

2023ට තියෙන බලාපොරොත්තු මොනවද?
මගේ ජිවිතේ ලොකු ලොකු බලාපොරොත්තු නැහැ. මට එන ආරාධනා අනුව වැඩ ටික කරගෙන යනවා. ඒ එක්කම මමයි අම්මයි එකතු වෙලා අලුතින් ලිනන් ක්ලෝතින් බ්‍රෑන්ඩ් එකක් පටන් ගන්න ඉන්නවා. ඒකත් එක්ක දිගටම බාස්කට් බෝල් ක්‍රීඩාවත් කරගෙන ඉස්සරහට යනවා. ඒ වගේම ටුවර්ස් ටිකක් තියෙනවා. සමහර විට ලංකාවේ ඉන්නත් පුළුවන් සමහරවිට ලංකාවේ නැති වෙන්නත් පුළුවන්. හොඳ ඔපචුනටි එකක් ලැබුණොත් නම් ලංකාවෙන් යයි.

අනුෂා රණසිංහ
රසඳුන