gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මීළඟ පොදු අපේක්ෂකයා මහ බැංකු අධිපති නන්දලාල්? “ජනප්‍රිය තීන්දු නෙමෙයි ගන්න තියෙන්නේ” – මහ බැංකු අධිපති දේශපාලනය ගැන කට අරී!

තමන් කිසිම විටෙක පක්ෂ දේශපාලනයට හෝ මොනම ආකාරයක හෝ දේශපාලනයකට අවතීර්ණ නොවන බවත් එවැනි අභිලාෂයක් ඇති පුද්ගලයෙක් කිසිම අයුරකින් මහ බැංකු අධිපතිධූරයට පත් නොවිය යුතු බවත් වත්මන් ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අවධාරණය කළා.

එළඹෙන ජනාධිපතිවරණයේ දී පොදු අපේක්ෂකයා ලෙස ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඉදිරිපත්වීමට සැලසුම් කර ගෙන සිටින බවට පළවන විවිධ ආරංචි මාර්ගවල සත්‍ය අසත්‍යතාවය සම්බන්ධයෙන් කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් මහ බැංකු අධිපතිවරයා මේ බව කියා සිටියා.

මෙහිදී වැඩිදුරටත් මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේ, මහ බැංකු අධිපතිධූරයට පත්වන පුද්ගලයා අනිවාර්යයෙන්ම ස්වාධීන අයෙකු විය යුතු බවයි.

ජාතික පුවත්පතක් සමඟ කළ සම්මුඛ සාකච්ඡාවක දී ඔහු මේ බව ප්‍රකාශ කළා.

එහිදී මහ බැංකු අධිපතිවරයා මෙසේද පැවසුවා.

“මහ බැංකු අධිපති විදියට හෝ වෙන කිසිම ආකාරයකට මගේ කිසිම වෙලාවක කිසිම කාලෙක දේශපාලනයේ, පක්ෂ දේශපාලනයේ හෝ මොනම දේශපාලනයක යෙදීමට කිසිම බලාපොරොත්තුවක් නැහැ. එහෙම අදහසක් මගේ ඇත්තෙම නැහැ. ඇත්තවශයෙන්ම මගේ අදහස මහ බැංකු අධිපති කෙනෙකුට ඒ වගේ අදහසක් නොතිබිය යුතුයි. එහෙම කියන්න හේතුවක් තියෙනවා. මහ බැංකු අධිපති කෙනෙක් කියන්නේ රටේ මූල්‍ය ප්‍රතිපත්තියේ ප්‍රධාන වගකීම තියෙන පුද්ගලයා. මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ දී ජනප්‍රිය තීන්දු නෙමෙයි ගන්න තියෙන්නේ. අපි පොලී අනුපාතය වැඩි කළා. ජනප්‍රිය නැහැ. හුඟදෙනෙක් අකමැතියි ඒකට.

නමුත් මම දේශපාලනය කරන්න බලන් ඉන්න පුද්ගලයෙක් නම්, මම ඒ තීන්දුව ගන්නේ නැහැනේ. මට ඕනෑ ජනප්‍රිය තීන්දු ගන්න. ඒ නිසා තමයි පළවෙනි මූලධර්මය මහ බැංකු අධිපති කෙනෙක් ස්වාධීන වෙන්නේ ඕනේ. මහ බැංකුවත් ස්වාධීන වෙන්නෙ ඕනේ. පත් කරන පුද්ගලයත් ස්වාධීන වෙන්නේ ඕනේ. පත්වන පුද්ගලයා දේශපාලනය නොකරන පුද්ගලයෙක් වෙන්න ඕන. දේශපාලනය කිරීමට බලාපොරොත්තුවක්වත් නැති පුද්ගලයෙක් වෙන්න ඕනේ. එතකොට තමයි මහ බැංකුවක ස්වාධීනය නිවැරදි, ජනප්‍රිය හෝ ජනප්‍රිය නොවන තීන්දු ගන්න පුළුවන් වෙන්නේ. ඒක මූලික අවශ්‍යතාවයක්. එහෙම තියෙන පුද්ගලයෙක් මහ බැංකු අධිපති නොවිය යුතුයි, කිසිම දවසක. ඒ වෙච්ච නිසා තමයි අද අපිට මේ තත්ත්වෙ වෙලා තියෙන්නේ කියන එක තමයි මගේ අදහස. මම මහ බැංකු අධිපති කෙනෙක් විදියට මගේ කිසිම බලාපොරොත්තුවක් නැහැ. මේක කවදාවත් කරන්නේත් නැහැ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka