gossip lanka

දිනේෂ් ෂාෆ්ටර්ගේ බිරිදගෙන් ප‍්‍රශ්ණ කරයි... දුරකතනය පොලිස් බාරයට!

ඝාතනයට ලක්වූ ජනශක්ති සමූහ ව්‍යාපාරයේ සභාපති දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ බිරිඳගෙන් පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කර තිබේ.

පැය දෙකක පමණ කාලයක් ඇයගෙන් මෙසේ ප්‍රශ්න කර ඇත්තේ දිනේෂ් ෂාෆ්ටර් මහතාට තිබූ ජීවිත තර්ජන මෙන්ම ඔහුට තිබූ ප‍්‍රශ්නකාරී මුදල් ගනුදෙනු සිදුකළ පුද්ගලයන් පිළිබඳවයි.

අදාල ප්‍රකාශ ලබාගෙන ඇත්තේ ෂාෆ්ටර් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පැවැත්වීමෙන් පසු ඔහුගේ නිවස නිවසේදීය.

මේ අතර ෂාෆ්ටර් මහතාගේ බිරිඳගේ ජංගම දුරකථනයද වැඩිදුර පරීක්ෂණ සඳහා පොලිස් භාරයට ගෙන ඇතැයි ද මාධ්‍ය වාර්තා පළ වී ඇත.
gossip lanka