gossip lanka

අමිල එක්ක යාලුවෙද්දී මට වයස 18යි වැඩිය හිතන්නේ නැතුව තමයි මම යාලු වුනේ – ජනප්‍රිය නළු අමිලගේ බිරිඳගේ තේජා

අනූව දශකයේදී රංගනයට අවතීර්ණ වෙලා හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න රංගන ශිල්පියෙක් තමයි අමිල අබේසේකර කියන්නේ, කාන්තා ආකර්ෂණය වැඩියෙන්ම ලැබුන රංගන ශිල්පියෙක් විදියටත් අමිලව හඳුන්වන්න පුළුවන්, ඉතින් අපි අද කතා කරන්න සූදානම් වෙන්නේ හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න අමිල එක්ක ටිකක් කතා කරන්න, අමිල දැන් ඔයා ලංකාවේ පේන්නම නෑ, මොකද රංගනයට සමුදීලද..? ”නැහැ මම තවම රංගනයට සමුදීලා නෑ, හැබැයි මම මේ දවස්වල ඉන්නේ මගේ බිරිඳ එක්ක ඩුබායිවල, මම අලුත් නාට්‍ය දෙකක් කරලා තියෙනවා ඒවා ළඟදීම විකාශනය වෙන්න පටන් ගනීවි, එක නාට්‍යයක මම රඟපාන්නේ ශලනි තාරකා එක්ක, කතා දෙකම හරිම ලස්සන කතා දෙකක්, තව නිර්මාණ කිහිපයකට ආරාධනා ලැබුනා හැබැයි මම ඒවා බාරගත්තේ නෑ මොකද ඩුබායි ඉන්න නිසා ඒවාට ඇවිත් යන්න කරදරයි,”

අමිල සහ තේජා විවාහ වෙලා කාලයක් යනකන් හිටියේ දෙපැත්තක, ඉතින් ඒ නිසාද දැන් පවුල ගැන හිතන්න පටන් අරගෙන තියෙන්නේ ”ඇත්තම කියනවනම් ඒක තමයි ඇත්තම කතාව, මගේ බිරිඳ ගුවන් සේවිකාවක් ඇය වැඩ, ඉතින් සමහර දවස්වලට එයා පාන්දර ගෙදර එද්දී මම ෂූටින් යනවා, මම ගෙදර එද්දී එයා ජොබ් එකට ගිහින්, පස්සේ තේජා ඩුබායි එමිරේට්ස් එක්ක එකතු වෙනවා, ඒ වෙද්දී මම නිවාඩු කාලය ගතකලේ ඩුබායිවල, සමහර දවස්වලට එයා ලංකාවට ආවා, ඉතින් මම තීරණ කළා එයා එක්ක ජීවිතේ බෙදාගන්න මේක තමයි හොඳම කාලයක කියලා, දැන් අපි දෙන්නා එකටමයි ජීවත් වෙන්නේ, ”

ඔබගේ බිරිඳ තේජා කියන්නේ ගොඩක් කාර්ය බහුල චරිතයක් ඉතින් කොහොමද ඔබට ඇයගෙන් ලැබෙන සහයෝගය, ”එයා එයාට පුළුවන් විදියට මගේ නාට්‍ය බලනවා, එහෙම බලලා එයා කියනවා අපරාදේ එහෙම කලේ ඔයාට මෙහෙම කරන්න තිබ්බා නේද කියලා, මගේ හැදෙන්න ඕන දේවල් ගැන මට කියලා දෙනවා, එයා කවදාවත් මට දොස් කියලා නෑ, අපි දෙන්නා ගොඩක් හොඳ අවබෝදයකින් තමයි ජීවිතේ අරගෙන යන්නේ,”

අමිලගේ ආදරය දිනාගත්ත විදිය ගැන තේජා අපිට කිවුවේ මේ වගේ කතාවක් ”මම ඉස්කෝලේ යද්දී අමිල රඟපානවා, අමිලව දැක්කම මට මොකද්දෝ හැඟීමක් ඇතිවුනා, ඒක ආදරයක්ම කියන්නත් බෑ, මොකද ටීවී එකෙන් දැක්ක රූපයනේ, මම උසස්පෙළ කරන කාලයේ තමයි යාලුවෙක් හරහා අමිලව හඳුනා ගන්නේ, ඒ කාලේ ඉඳලම යාළුවො විහිලු කරනවා ඔයාට තමයි එයාව ගැලපෙන්නේ කියලා, කොහොම කොහොම හරි අපි දෙන්නා ආදරවන්තයින් වුනා, එතකොට මට වයස 18ක් වගේ ලොකුවට ජීවිතේ ගැන ගැන හිතන කාලය නෙවෙයි නේ ඒක, හැබැයි ඉතින් අපි අපේ ආදරේ විවාහය දක්වාම අරගෙන ආවා ආදරේ කරන කාලේ එයා මගේ පෙම්වතා. විවාහ වුණාට පස්සේ එයා මගේ සැමියා. ඒ නිසා බයක් එදත් දැනුණේ නැහැ අදත් නැහැ.”
gossip lanka