ශ්‍රී ලංකාව සමඟින් පැවැත්වීමට නියමිත විස්සයි විස්ස සහ එක්දින සංචිතයෙන් ඉන්දීය නායක රෝහිත් ෂර්මා සහ විරාත් කෝලිව ඉවත් කර තිබෙනවා.
ඔවුන් දෙදෙනා විවේක ගැන්වීමට මෙම තීරණය ගත් බව එරට ක්‍රිකට් බලධාරීන් පවසන අතර බංගලාදේශය සමඟ පැවති තරඟාවලියේදී ලද පරාජයේ අමිහිරි අත් දැකීම් ද රෝහිත් ෂර්මාව විවේක ගැන්වීමට හේතුවක් වන්නට ඇති බවටයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් මීට පෙර අවස්ථාවකදී ඉන්දියාව ,ශ්‍රී ලංකාවට B කණ්ඩායමක් එවූ අතර මෙවරද ප්‍රබලයින් හය දෙනෙකුට ආසන්න පිරිසක් මෙම සංචිතයෙන් ඉවත් කොට තිබීම විශේෂත්වයක්.