ලාංකික ශ්‍රමිකයින් සඳහා දකුණු කොරියාවේ රැකියා අවස්ථා ඉහළ නැංවීම පිළිබඳ දැඩි ඕනෑකමකින් සොයාබලන බව දකුණු කොරියාවේ මානව සම්පත් සංවර්ධන දෙපාර්තමේන්තුවේ සභාපති මහාචාර්ය පාක් යොන් බුම් මහතා ඊයේ (28) කොළඹදී පැවසීය.
මෙරටට පැමිණ සිටින දකුණූ කොරියාවේ මානව සම්පත් සංවර්ධන දෙපාර්තමේන්තුවේ සභාපතිවරයා ඊයේ (28) දහවල් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මුණගැසීමෙන් පසු මෙම අදහස් පළ කළේය.
මෙහිදී අදහස් දක්වමින් ජනාධිපතිවරයා පවසා සිටියේ ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් සඳහා දකුණු කොරියාවේ රැකියා අවස්ථා රැසක් මේ වන විට උදා කර දී තිබෙන අතර ඒ සම්බන්ධයෙන් තමන් සිය ස්තූතිය පළ කරන බවයි.
ලාංකිකයින්ට දකුණු කොරියාවේ රැකියා අවස්ථා වැඩි වෙයි