gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

7 ශ්‍රේණියේ පාසල් සිසුවියක් අවිස්සාවේල්ල රෝහලේදී දරුවෙක් බිහිකරයි

දහතුන් හැවිරිදි පාසල් සිසුවියක් අවිස්සාවේල්ල රෝහල තුලදී දරුවෙකු බිහිකර තිබෙනවා.

කෙසේ වෙතත් මෙලෙස බිහිකර ඇති දරුවා මියගොස් ඇති බවත් මව වූ පාසල් සිසුවිය රෝහලේ ප්‍රතිකාර ලබන බවටයි වාර්තා වන්නේ.

මීට මාස කිහිපයකට පමණ පෙර මිතුරු තරුණියකගේ පෙම්වතා බවට පැවසූ තරුණයෙකු විසින් 7 ශ්‍රේණියේ ඉගෙනුම ලබන මෙම සිසුවියට අතවර කර ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

එම තරුණයා විසින් මෙම පාසල් සිසුවියට වරින් වර සිදුකළ අතවර කිරීම් වලදී මෙලෙස දරුවෙකු පිළිසිඳගෙන ඇත්තේ.

පසුව සිසුවිය විසින් දැරණියගල පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයට ඒ පිලිබඳව පැමිණිලි කර තිබෙනවා.

අනතුරුව වහාම ක්‍රියාත්මක දැරණියගල පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීන් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කර තිබෙනවා.

එහිදී සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසටයි අධිකරණය නියෝග කර ඇත්තේ.

ඒ අතරතුරදී පාසල් සිසුවිය දරු ප්‍රසූතිය සඳහා අවිස්සාවේල්ල රෝහලට ඇතුලත් කර ඇති අතර එහිදී මෙලෙස බිලිඳා මියගොස් තිබෙනවා.

දැරණියගල පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයයි සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරන්නේ.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka