gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

රියැදුරකුගේ නොසැලිකිලිමත් රිය ධාවනය නිසා ගුරුවරියක් මරුට

ගුරුවරියක් සහ දරු දෙදෙනා ගමන්කල යතුරු පැදියක් කැබ් රථයක පිටුපස ගැටීමෙන් සිදුවූ මාරක රිය අනතුරකින් බරපතල තුවාල ලබා රෝහල් ගතකල ගුරුවරිය පෙරේදා (26) රාත්‍රීයේ ජිවිතක්ෂයට පත්වූබව අනුරාධපුර මූලස්ථාන පොලිසියේ රථ වාහන අංශය පැවසුවේය.

උළුක්කුළම ඇළයපත්තුව අතුරු මාර්ගයේ සමගිපුර ප්‍රදේශයේදී සිදුවූ අනතුරෙන් බරපතල තුවාල ලබා ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අනුරාධපුර විහාර බුලංකුළම විද්‍යාලයේ ගුරුවරියක් වශයෙන් සේවයේ නියුතුව සිටි හේරත් මුදියන්සේලාගේ විනීතා චන්ද්‍රලතා (42) දෙදරු මවයි.


ගුරුවරිය  පෙරේදා (26) රාත්‍රීයේ අමතර පන්තියකට සහභාගීවූ දරුවන් දෙදෙනා නිවසට රැගෙන ඒමට යතුරු පැදියෙන් උළුක්කුළම හන්දියට ගොස් නිවසට පැමිනෙද්දී අනතුරට මුහුණපා තිබෙන බව පොලිසිය පැවසුවේය.කැබ් රථය උළුක්කුළම ඇළයාපත්තුව මාර්ගය ඔස්සේ වේගයෙන් ඉදිරියට ධාවනයවී එක්වර නතර කල අවස්ථාවේ ගුරුවරිය කැබ් රථයේ පිටුපස ගැටී බරපතල තුවාල රෝහල්ගත කිරීමෙන් අනතුරු ජීවිතක්ෂයට පත්වූ බව පොලිසිය පැවසුවේය.

අනතුර සිදුවන අවස්ථාවේ දරුවන් දෙදෙනා යතුරු පැදියේ පිටුපස ගමන්කර ඇතත් ඔවුන්ට කිසිදු අනතුරක් සිදුවනැති බව පොලිසිය පැවසුවේය.අපරික්ෂාකාරී අන්දමින් රිය පදවා ගුරුවරිය අනතුරට ලක්කල කැබ්රථ රියදුරා අත්අඩංගුවට ගෙන තිබුණු අතර ඔහු ඊයේ (27) අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

අනුරාධපුර මූලස්ථාන පොලිසියේ රථවාහන අංශයේ උප පොලිස් පරික්ෂක කේ.ටී.ඩී.පාලිත නිශ්ශංක පොලිස් කොස්තාපල්වරුන් වන56470 දිසානායක 88344 දයාපාලා යන නිළධාරින් අනතුර සම්බන්ධයෙන් පරික්ෂණ පැවත්වූහ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka