gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

''ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනස් විය යුතුයි'' - අධිකරණ ඇමති

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනස් විය යුතු බවට රජය ප්‍රතිපත්තිමය තීරණයකට එළඹ ඇති බව අධිකරණ හා බුද්ධශාසන අමාත්‍ය විජේදාස රාජපක්ෂ පවසයි.

අමාත්‍යවරයා ඒ බව පැවසුවේ අධිකරණ අමාත්‍යංශයේ ඊයේ (29) පැවැත්වූ මාධ්‍ය හමුවකදීය.

''ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනස් වෙන්න ඕනෙයි කියන අවබෝධය ජාත්‍යන්තර සංවිධානත් ශ්‍රී ලංකාවත් අතර තිබුණ. ඒකෙන් අදහස් වෙන්නෑ සම්පූර්ණයෙන්ම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි වෙනව කියල. ''
යයි ඔහු කියා සිටියේය.

එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතවරියක් ශ්‍රී ලංකාවේ අධිකරණ සම්බන්ධයෙන් ඉකුත් දා නිකුත් කළ වාර්තාවකට ද අමාත්‍යවරයා මෙහිදී ප්‍රතිචාර දැක්විය.

මිනිස් ජාවාරම වැළැක්වීම:

මේ අතර මිනිස් ජාවාරම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකාවේ ඇති කැපවීම ජාත්‍යන්තරයේ ඇගයීමට ලක්ව ඇතැයි ද අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා මෙහිදී කියා සිටියේය.

ඒ අනුව එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් සිදු කෙරෙන වර්ගීකරණයකින් ශ්‍රී ලංකාවට උසස්වීමක් ද ලැබී ඇති බව අමාත්‍යවරයා පැවසිය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka