gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

"සෙල්ෆි" නිසා දුම්රිය මගීන්ට අලුත් නීතියක් හෙට සිට ක්‍රියාත්මකයි

දුම්රිය මාර්ගයේ ගමන් කරන්නන් වැටලීමේ මෙහෙයුම් හෙට (29) සිට ආරම්භ කරන බව ශ්‍රී ලංකා දුම්රිය ආරක්‍ෂක අධිකාරි අනුර ප්‍රේමරත්න මහතා සඳහන් කළේය.

තමාගේ සහ අන් අයගේ ජීවිතවලට හානියක්‌ වන අයුරින් අනතුරුදායක ලෙස කටයුතු කිරීමේ චෝදනාව මත මෙවැනි වැරදිකරුවන් අධිකරණය වෙත පමුණුවන බවත් එහිදී ඔවුන්ට රුපියල් තුන් දහසක දඩයකට යටත් වීමට සිදුවන බවත් ඒ මහතා සඳහන් කළේය.


ආරක්‍ෂක අංශ සේවා ස්‌ථාන 26 කට අයත් නිලධාරීන් 500 ක්‌ පමණ යොදවා දැනට මුහුදුබඩ දුම්රිය මාර්ගය ඉලක්‌ක කොට මෙම වැටලීම් සිදු කරන බව ද වාර්තා වේ.

මේ වන විට එම අනතුරුදායක තත්ත්වය හා එම වරදේ බරපතලකම පිළිබඳව දැනුවත් කිරීම් සිදු කරගෙන යන බව ද ඒ සඳහා මහජනයාගෙන් විශාල ප්‍රතිචාරයක්‌ ලැබී ඇති බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

ජංගම දුරකථන භාවිත කරමින් හා සෙල්ෆි ඡායාරූප ගනිමින් දුම්රිය මාර්ගයේ ගමන් කිරීමෙන් සිදුවන අනතුරු සංඛ්‍යාව ඉකුත් දින කිහිපය තුළ විශාල ලෙස ඉහළ යෑම පිළිබඳව සැලකිල්ල යොමු කිරීමෙන් පසු දුම්රිය මාර්ගයේ ගමන් කිරීමේ වරද පිළිබඳ නීතිය පසුගිය 14 වැනි දා සිට බලාත්මක කරනු ලැබූ බව වැඩිදුරටත් වාර්තා වේ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka