gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ගංවතුරින් සහ නාය යෑමෙන් අවතැන්වූවන්ට තායිවානයෙන් ආධාර

පසුගියදා ඇතිවූ ගංවතුරින් සහ නාය යෑමෙන් අසරණවූ ශ්‍රී ලාංකික ජනතාවට උදව් උපකාර කිරීමට තායිවාන් ජනතාව ඉදිරිපත්වී සිටී .

එහි මුල් පියවර ලෙස 36 දෙනකුගෙන් සමන්විත වෛද්‍ය කණ්ඩායමක් ලංකාවට පැමිණි අතර ඔවුන් දින 10ක් පුරා ලංකාවේ රදීසිටිමින් කොළොන්නාව , රත්නපුර, බලන්ගොඩ, රක්වාන සහ දෙනියාය ප්‍රදේශවල වෛද්‍ය සායන පැවැත්වීය. මෙම වෛද්‍ය සායන වලදී 5000 කට වැඩි ජනතාවකට ප්‍රතිකාර කිරීමට මෙම වෛද්‍ය කණ්ඩායමට හැකි විය.


මෙහි දෙවන පියවර ලෙස පාසල් සිසුන් සදහා අවශ්‍ය පොත්පත් හා පාසල් උපකරණ ලබාදීමටත්, අබාධිතයන් සදහා රෝදපුටු ලබාදීමටත් , අවතැන්ව සිටින පවුල් සදහා වියලි අහාර ලබා දීමටත් කටයුතු යොදා තිබේ. අසරණ ජනතාව වෙනුවෙන් ඇස්කන්නාඩි ලබාදීමද මෙම වැඩසටහන යටතේ ක්‍රියාත්මක වේ.

කුඩා ළමුන් සිටින පවුල් සඳහා මදුරුදැල් සැපයීමද මෙම වැඩ සටහනේ තවත් එක් අංගයකි.

මෙයට අමතරව ගංවතුරෙන් විනාශවූ නිවාස කිහිපයක් අලුත්වැඩියා කරගැනීමට අවශ්‍ය අධාර ලබාදීම ද මෙම වැඩ සටහනට ඇතුලත්ය.

ජාත්‍යන්තර සිංහ සමාජ 306 C2 පෙර සිංහාධිපති ලසන්ත ගුනවර්දන මහතාගේ  සහ ජාතික යොවුන් පාර්ලිමේන්තුවේ හිටපු සභික සතිර සරච්චන්ද්‍ර මහතාගේ ඉල්ලීම  පරිදි මෙම සහන සැලසීමට තායිවාන ජනතාව ඉදිරිපත්වී සිටී.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka