gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

''ඇමැතිවරයකු ජනපති අභිබවා ගිහින්'' - ජී.එල්.

උත්තරීතර නීතිය යටතේ ජනාධිපතිවරයාට පැවරී තිබෙන කාර්ය භාරය ඇමැතිවරයකුට හිතුවක්‌කාරී ලෙස තම ග්‍රහණයට නතුකර ගැනීමට පුළුවන් නම් ජනාධිපති ධුරයේ ප්‍රායෝගික වටිනාකම කුමක්‌ද යන්න ප්‍රායෝගිකව සිතීමට සිදුවන බව මහාචාර්ය ජී. එල්. පීරිස්‌ මහතා පැවසීය.

පුංචි බොරැල්ල ශ්‍රී වජිරාශ්‍රම බෞද්ධ මධ්‍යස්‌ථානයේදී ඊයේ (27 දා) පැවැති මාධ්‍ය හමුවේදී ලොතරැයි මණ්‌ඩල දෙක මුදල් අමාත්‍යාංශයෙන් වෙන්කර විදේශ අමාත්‍යාංශය යටතට පවරා තිබීම සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් මහාචාර්යවරයා එසේ සඳහන් කළේය.
ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව යටතේ කැබිනට්‌ ඇමැතිවරුන්ට හා ආයතනවලට විෂයයන් වෙන් කිරීමේ කාර්යභාරය අයත් වන්නේ ජනාධිපතිවරයාට පමණක්‌ බව පැවසූ ජී. එල්. පීරිස්‌ මහතා, විදේශ ඇමැතිවරයාට ලොතරැයි මණ්‌ඩල දෙක වෙන් කෙරෙන්නේ කුමන පදනමක්‌ මතදැයි ප්‍රශ්න කළේය.

මෙම තීරණය ජනාධිපතිවරයාගේ අභිමතය පරිදි ගත් එකක්‌ බවට මේ රටේ කිසිවකු විශ්වාස නොකරන බවත් ඇමැතිවරයකුගේ වුවමනාකම් පිරිමැසීමට කළ දෙයක්‌ බවත් පැවසූ ජී. එල්. පීරිස්‌ මහතා මේ අනුව ජනාධිපතිවරයා අද මුද්‍රාවක්‌ බවට පත්ව ඇතැයි පැහැදිලි බවත් කියා සිටියේය.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka